IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


ජනවාරියේදී නිල සංචිත ඩො.මි. 57 කින් පහළට

  • සියයට 0.9 කින් පහළයාමක්
  • ජනවාරි සංචිතය ඩො.බි. 5.98

විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මිලියන 57 කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.

මෙරට නිල සංචිත දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.12 ක් ලෙස සටහන් වූ අතර, මෙලෙස සියයට 0.9 කින් නිල සංචිත පහළ යෑමට පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත සියයට 1 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහ බැංකුව ප්‍රකාශ කළේය.

පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.04 සිට 5.98 දක්වා පහත වැටී තිබිණි. මෙරට නිල සංචිතවලට කොන්දේසි සැපිරීමෙන් පසුව භාවිතයට ගත හැකි විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ චීනය මෙරටට ලබාදුන් ඩොලර් බිලියන 1.4 ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මෙරට සංචිත අඛණ්ඩව පහළ ගිය තෙවැනි මාසය පසුගිය ජනවාරි මාසය වූ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙරට නිල සංචිත සුළු වශයෙන් පහළ යමින් පවතී. 



අදහස් (0)

ජනවාරියේදී නිල සංචිත ඩො.මි. 57 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

සිවුවෙනි වාරිකය මුල්‍ය අරමුදලෙන් කොළ එළියක්
2025 පෙබරවාරි මස 10 61 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව ‘‘2025 අයවැය”‍ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර්


අනිවාර්යයෙන්ම හිතකර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යන්න ඕනෑ
2025 පෙබරවාරි මස 10 29 0

ශ්‍රී ලාංකික ව්‍යවසායන්ට සහ කර්මාන්තකරුවන්ට නව වෙළෙඳපොළ සහ අලු‍ත් ආයෝජන අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි තානාපති සේවා මුළුමනින්ම ප්‍රතිසංස්කරණයට ලක්


ජනවාරියේදී නිල සංචිත ඩො.මි. 57 කින් පහළට
2025 පෙබරවාරි මස 10 50 0

පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මි


හැරීගේ පුත් හසිතට මෙල්ස්ටාකෝප් සභාපතිත්වය එයිට්කන් ස්පෙන්ස් සභාපති දියණිය ස්ටෂානි
2025 පෙබරවාරි මස 10 438 0

ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු, ඔහුගේ පුත් හසිත ජයවර්ධන මෙල්ස්ටාකෝප් (Melstacorp PLC) ආයෝජන හිමිකාරිත්වයේ සභාපති ලෙසත් හැරී ජයවර්ධන මහතාගේ බාල ද


ලංකා මිල්ක් ෆුඩ්ස් නව සභාපති රොයිල් ජෑන්ස්
2025 පෙබරවාරි මස 10 47 0

ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) PLC හි සභාපතිවරයා ලෙස ප්‍රවීණ සහ විධායක අධ්‍යක්ෂ රොයිල් ජෑන්ස් පත් කර තිබේ. විධායක අධ්‍යක්ෂ ස්ටෂානි ජයවර්ධන උප සභාපතිනිය ලෙස පත් කර


ස්වීඩනයේ ශ්‍රී ලංකා වෙළෙඳ අවස්ථා ඉහළ නංවයි
2025 පෙබරවාරි මස 10 13 0

ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනී


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 85 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 121 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 883 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site