IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


ජනවාරි උද්ධමනය සෘණ 4.0 ක්


යොහාන් භාසුර


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස උද්ධමනය සියයට සෘණ 1.7 ක්ව පැවැති බව ද මහ බැංකුව සඳහන් කරයි.

ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.

ආහාර නොවන කාණ්ඩයේ ජනවාරි මස උද්ධමනය සියයට සෘණ 4.7 ක් බව කියන ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එය දෙසැම්බර් මාස සියයට සෘණ 3.0 ක පැවති බව ද සඳහන් කරයි.

වාර්ෂික පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය ජනවාරි මස සියයට 0.47 ක ඉහළ යෑමක් ප්‍රදර්ශනය කරන බවත් ආහාර කාණ්ඩයේ අයිතමවල සියයට 0.11 ක මිල ඉහළ යෑම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල සියයට 0.36 ක මිල ඉහළ යෑම මෙයට හේතුව බවත් මහ බැංකුව සඳහන් කරයි.

ජනවාරි මස අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම හේතුවෙන් බලාපොරොත්තු වූවාට වඩා ඉදිරි මාසවල දී උද්ධමනය අඩු විය හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (0)

ජනවාරි උද්ධමනය සෘණ 4.0 ක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

ලංකාව ඍජු විදේශ ආයෝජන අරගලයක
2025 පෙබරවාරි මස 03 32 0

ශ්‍රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසික


සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගන්න බෑ
2025 පෙබරවාරි මස 03 55 0

වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහ


බහලු‍ම් නිෂ්කාශනය ප්‍රමාදය සෙවීමට කමිටුවක්
2025 පෙබරවාරි මස 03 8 0

ආනයනික බහලු‍ම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අ


ජනවාරි උද්ධමනය සෘණ 4.0 ක්
2025 පෙබරවාරි මස 03 9 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


චීන රෙද්දට අපේ රෙදිපිළි කර්මාන්ත දාහක් අවදානමේ - සුළු හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය
2025 පෙබරවාරි මස 03 12 0

චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි


ඉන්දීය අයවැයෙන් ලංකාවට රුපියල් කෝටි 300ක්
2025 පෙබරවාරි මස 03 8 0

ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 78 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 739 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 730 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site