භානුක අමරසිංහ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදු කළ චීන නිල සංචාරයේදී එරට ප්‍රමුඛතම ගෝලීය සමාගම් අතර සිදුකළ සාකච්ඡා මාලාව යටතේ, නව බලශක්ති මෝටර් රථ (NEV) නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන BYD සමාගමේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව මෙය මෙරට තුළ නවෝත්පාදන සහ තිරසාර සංවර්ධනය සඳහා දක්වන දායකත්වයක් ලෙස සඳහන්ව තිබේ. මෙහිදී ලබන පෙබරවාරි 01 වැනිදා සිට සිදුකිරීමට බලාපොරොත්තු වන වාහන ආනයන සීමා ලිහිල් කිරීමට ගෙන ඇති රජයේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී තිබේ. එහිදී වඩාත් නවීනතම පරිසර හිතකාමී විසඳුම් සහ යටිතල පහසුකම් රට තුළ ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි සඳහන් වෙයි.
විශේෂයෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති මෝටර් රථ (NEV) නිෂ්පාදකයකු ලෙස, BYD සමාගම මෙම සීමා ලිහිල් කිරීමත් සමගින්ම සිය රථ ශ්‍රී ලංකාව වෙත අපනයනය කිරීමට සූදානමින් සිටියි. එහිදී ශ්‍රී ලංකාව තුළ වඩාත් තිරසාර ප්‍රවාහනයක් ඇති කිරීම සඳහා එම සමාගම සහයෝගය ලබාදීමටද බලාපොරොත්තුව සිටින බව පවසයි.
ජනපතිවරයා සිදුකළ මෙම සංචාරයේදී සමාගම සතු ශුන්‍ය-විමෝචන තාක්ෂණය සම්බන්ධයෙන් ඇති සුවිශේෂී විශේෂඥතාව ප්‍රදර්ශනය කර පෙන්වීමටත් එම නියෝජිතයන් පියවර ගෙන ඇත.
BYD සමාගම අද වනවිට John Keels CG Auto සමාගම යටතේ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් පවත්වා ගෙන යයි. මෙම සමාගම ජෝන් කීල්ස් සමූහය සහ CG Corp Global සමාගම අතර ඇති කරගත් ඒකාබද්ධ හවුල්කාරීත්වයක් යටතේ පිහිටුවා ගත් සමාගමකි.
ශ්රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසික
වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහ
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි
ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනාධිපති- චීනයේ BYD සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්