ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනම මූලස්ථානයට පැමිණ දෙරට අතර සහයෝගීතාව අරමුණු කරගෙන ඉදිරි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන ආකාරය ගැන සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකා රජයේ සැලසුම් හා ජපානයේ සහයෝගීතාව සම්බන්ධයෙන් වූ අතර මැද වැඩසටහන් ඉකුත් දශක දෙකකට වැඩි කාලයක් පාත්ෆයින්ඩර් පදනම ක්‍රියාත්මක කළ ආකාරය එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙහිදී පෙන්වාදුන් අතර දෙරට අතර සමීප සම්බන්ධතාව සහ ආර්ථික හවුල්කාරිත්වය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව ද මෙහි දී අදහස් හුවමාරු කරගෙන ඇත. ජපානයේ සහාය ඇතිව ඉන්දියානු සාගර කලාපය ආවරණය කරන ඉහළ පෙළේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වීමේ අදහස මෙහි දී මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කොට තිබේ.
ත්‍රිකුණාමලය උපදේශනය මැයෙන් 2017 සහ 2019 වසරවල දී පාත්ෆයින්ඩර් පදනම විසින් පවත්වන ලද සමුළුවට ජපාන රජය සම්බන්ධ වූ ආකාරය සහ 2019 වසරේ සිට දෙවසරකට වතාවක් පාත්ෆයින්ඩර් පදනම පවත්වන ඉන්දියන් සාගර ආරක්ෂක සමුළුව සාර්ථක කරගැනීම සඳහා ජපාන රජය සම්බන්ධවීම ගැන ද කරුණු සාකච්ඡා කොට තිබේ.
තානාපතිවරයා සමග එහි දේශපාලන අංශ ප්‍රධානී සිහිනිචි මුරාටා මහතා ද සාකච්ඡාවට සහභාගී වූ අතර පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඞ් ගුණතිලක, අධ්‍යක්ෂක ඒ. ඒ. ජවාඩ්, කළමනාකරු වැඩසටහන් ගයත්‍රී නානායක්කාර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ. සාකච්ඡා අවසානයේ දී නියෝජිත පිරිස ‘මහානාග’ යාත්‍රාවෙන් කැලණි ගඟ ඔස්සේ කැලණිය රජ මහා විහාරස්ථානය බලා පිටත්ව ගිය අතර එහි දී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් ද මුණ ගැසිණ.
අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගි
ශ්රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් පැවැතුණත් තවමත් මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එම සමාගම යටතේ පවතින DPL Premier Gloves Limited සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජපාන නියෝජිතයෝ පාත්ෆයින්ඩර් පදනම සමග සාකච්ඡාවක