IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම 190 වැනි වියට පා තබයි

ශ්‍රී ලාංකීය වෙළෙඳ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, මෙරට පැරණිතම වෙළෙඳ ආයතනය වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම, මෙම වසරේදී 190 වැනි වසරට පා තබයි. මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් මෙම වසර තුළ සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් ආයතනික සාරධර්ම පිළිබිඹුවන ආකාරයට, එම සමූහයේ අංශ හත යටතේ දියත් කිරීමට නියමිත අතර, එම වැඩසටහන් මාලාවේ උත්කර්ෂවත් සමාප්තිය 2025 අගෝස්තු මස 14 වැනි දිනට යෙදී ඇති ආයතනික නිර්මාතෘ දිනයට යෙදී ඇත. 
1835 වසරේදී වෙ‌ළෙඳ බැංකුකරුවන් ලෙස ව්‍යාපාර ආරම්භ කළ කපිතාන් ජේම්ස් ස්ටුවර්ට් දක්වා මෙම ආයතනයේ අතීත උරුමය විහිදෙයි. 1860 වන විට, ඔහුගේ සහෝදරයන් වන ජෝර්ජ් සහ ජෝසප්ගේ පැමිණීමත් සමඟ, ව්‍යාපාරය කෝපි වතු කළමනාකරණය කරන නියෝජිතායතනයක් දක්වා වර්ධනය විය. ඔවුන්ගේ වාණිජමය ප්‍රයත්නය සෑමවිටම ප්‍රජාසත්කාරය සමඟ බැඳී තිබුණි. එහි නිර්මාතෘ ජේම්ස් ස්ටුවර්ට් මහතාගේ අවසාන කැමැත්තට අනුව සිය ඉමහත් වූ වත්කම් සහ දේපළ එකල කොළඹ අගරදගුරු තුමන් වෙත, භාරකාර අරමුදලකින් පවරාදීමෙන්, මෙම සමාගම සතු ප්‍රජාසත්කාරයට ඇති නැඹුරුව මැනවින් පිළිබිඹු වේ. 
ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සියවස් දෙකකට ආසන්න කාලයක් පුරා ලෝක යුද්ධ, සිවිල් යුද්ධ, ත්‍රස්තවාදී, කැරලි, සුනාමි, වසංගත, සමාජ, දේශපාලන සහ ආර්ථික වෙනස්කම් ආදී දේශීය මෙන්ම ගෝලීය තත්වයටද මුහුණ දී ඇත. මෙයට අමතරව මෙම ආයතනයටම අනන්‍ය වූ විශේෂ අභියෝගවලට ද මුහුණදීමට සිදුවිය. 1870 වසරේදී ශ්‍රී ලංකාවේ කෝපි වගාව දිලීර රෝගයකින් විනාශ විය. මෙයින් කෝපි වගාවේ ඇතිවූ පසුබැසීම හේතුවෙන් ශ්‍රී ලාංකික කෝපි වගාව, තේ වගාවට පරිවර්තනය කිරීමට මෙම සමාගම පෙරමුණ ගත් අතර, එයින් “ශ්‍රී ලාංකාවේ තේ කර්මාන්තයේ පුරෝගාමීන්” යන කීර්තිමත් නාමය ද දිනා ගැනීමට සමත් විය. මෙයින් සියවසකට පමණ පසුව රජය මඟින් 1975 වසරේදී වතු ජනසතු කිරීමෙන් ආයතනය වෙත විශාල බලපෑමක් සිදුවිය. 
මේ කාලය වන විට සමාගමට එහි නියෝජිත ආයතනය විසින් කළමනාකරණය කරනු ලැබූ තේ වතු විශාල ප්‍රමාණයක් තිබූ අතර, එය එහි ප්‍රධානම ව්‍යාපාරික ආදායම් මාර්ගය බවට පත්ව තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම, ක්‍රමානුකූලව නව ව්‍යාපාරික ඉසව් ඔස්සේ විවිධාංගීකරණයට යොමුවිය. 1996 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර‌යේදී ජනාධිපති මාවතේ පිහිටි සමාගමේ සංකේතාත්මක විටිනාකමකින් යුතු ප්‍රධාන කාර්යාලය විනාශයට පත්විම විශාල බලපෑමක් ඇති කළේය. දේපළ හානියට අමතරව හද කම්පාවට පත්කරමින් ජීවිත හානිද සිදුවිය. මෙවැනි අර්බුදකාරී වතාවරණයක තාවකාලික කාර්යාල වල සිට අඛණ්ඩව මෙහෙයුම් කාර්යයන් දියත් කරමින්, මෙම ආයතනයේ සංචාරක අංශය මඟින්  ICC ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා විශේෂ ගුවන් වාරයක් ශ්‍රී ලංකා ගුවන් සේවය සමඟ එක්ව සංවිධානය කිරීම, එවක සමාජය තුළ ප්‍රසාදජනක මාතෘකාවක් බවට පත්විය. 
වර්තමානය වන විට ශ්‍රී ලාංකික පෞද්ගලික ව්‍යාපාරික අංශයේ ආරම්භය සනිටුහන් කරනු ලබන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමයි. වසර 185ක අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආරම්භක සමාජිකයෙක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා මෙසේ පැවසීය. “ජෝර්ජ් ස්ටුවර්ට් ආයතන වෘත්තාන්තයෙන් කියවෙනුයේ,’ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයේ ව්‍යාපාර, වර්තමාන ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන දක්වා පරිණාමය සිදුවූ ආකාරය යි. එම ආයතනයේ මෙම වසර 190ක ගමන, ශ්‍රී ලංකාවේ පෞද්ගලික ක්ෂේත්‍රයේ ශක්තිය,’නම්‍යශීලිත්වය සහ අනුවර්තනය වීමේ හැකියාවට මනා සාක්ෂි සපයයි.”



අදහස් (0)

ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම 190 වැනි වියට පා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 57 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 25 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 25 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 33 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 18 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 18 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site