එක්සත් ජනපදය විසින් නව තීරුබදු පැනවීමෙන් පසුව ගෝලීය වෙෙළඳ පද්ධතිය සැලකිය යුතු කම්පනයකට මුහුණ දී ඇත. අප්‍රේල් 2 වැනි දින (විමුක්ති දිනය) ප්‍රකාශයට පත් කරන ලද මෙම පියවරෙන් නියෝජනය වන්නේ ජනාධිපති ට්‍රම්ප් යටතේ “ඇමරිකාව පළමුව”
වෙෙළඳ ප්‍රතිපත්තියේ දැඩි තීව්‍රතාවයි. ලෝකයේ විශාලතම ආර්ථිකය (2023 වසරේදී ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකක් පමණ) සහ විශාලතම ආනයනකරු ලෙස එක්සත් ජනපදයේ තත්වය සැලකිල්ලට ගත් විට, එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග නිසා අනිවාර්යයෙන්ම පුළුල් ආර්ථික කඩාකප්පල්කාරීත්වයක් ඇතිවීමේ අවදානමක් ඇත.
අප්‍රේල් 2 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද තීරුබදු, ඒවායේ ප්‍රමාණය, ආවරණය කරන ලද රටවල් සහ ඒවා ගණනය කළ ආකාරය අනුව ගත් විට කිසිවකුට සිතාගත නොහැකි තරම් විය. එහෙත් ඇත්ත වශයෙන්ම එය ට්‍රම්ප් පරිපාලනයේ විලාසයයි. ජනාධිපති ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ “ඇමරිකාව පළමුව” වෙෙළඳ ප්‍රතිපත්තිය දිග හැරෙන විට ලෝකය කැලඹිලි සහිත ගමනකට සූදානම් විය යුතු බව මේ වන විට සැමට පැහැදිලි විය යුතුය.
ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට ඩොලර් බිලියන 3 ක් පමණ වටිනා භාණ්ඩ අපනයනය කරන අතර, එය රටේ මුළු අපනයනයෙන් සියයට 25 ක් පමණ වේ. ඇඟලුම් යනු ඇමරිකා එක්සත් ජනපදයට යැවෙන විශාලතම අපනයන නිෂ්පාදනයයි (68%), ඉන්පසු රබර් නිෂ්පාදන (10%) සහ තේ සහ කුළුබඩු (2%) වෙයි. මෙම ප්‍රහාරය සමනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වෙෙළඳ ගිවිසුමක් නොමැත. එක්සත් ජනපද ජීඑස්පී වැඩසටහන (සංවර්ධනය වෙමින් පවතින රටවලින් ආනයනය සඳහා ඒකපාර්ශ්වික වරණිය ප්‍රවේශ විධිවිධානයක්) ක්‍රියාත්මක වූ විට පවා, ඉන් වරණිය ප්‍රවේශයක් ලබා දුන්නේ ශ්‍රී ලංකාව විසින් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයනවලින් සියයට 8 කට පමණකි. 2020 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වූ දා සිට, ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම වැඩසටහන අලුත් කර නොමැත.
ට්‍රම්ප් තීරුබදු වල බලපෑම එක්සත් ජනපදයට අපනයනය කිරීමෙන් ඔබ්බට විහිදෙන බව මෙම ලිපියෙන් තර්ක කරයි. එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එළඹීමෙන් ඉක්මන් විසඳුම් ලබා දීමේ පීඩනය තවමත් ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත් මෙම ලිපියෙන් ඉස්මතු කරන්නේ එවැනි ඉක්මන් විසඳුම් ඉක්මවා යාමේ වැදගත්කමයි. ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා පුළුල් සහ පදනම් වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව විසින් මෙම මොහොත භාවිත කිරීම වඩා හොඳ වනු ඇත. ශ්‍රී ලංකාවට බලපෑම වඩා හොඳින් දරා ගැනීමට, ගෝලීය වෙෙළඳ රටාවන්හි මාරුවීම් සමඟ පැන නගින අවස්ථා අල්ලා ගැනීමට සහ ඒ සමඟම එක්සත් ජනපදය සමඟ එහි සම්බන්ධතාවට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට එවැනි ප්‍රතිසංස්කරණ උපකාරී වනු ඇත.
තීරුබදුවල බලපෑම ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමෙන් ඔබ්බට විහිදේ
අඩු තීරුබදුවලට යටත් වන බොහෝ තරඟකාරී රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව මත පනවන ලද සාපේක්ෂ වශයෙන් සියයට 44% ක ඉහළ තීරුබදු අනුපාතය හේතුවෙන් එක්සත් ජනපද වෙෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයනවල තරඟකාරීත්වය සැලකිය යුතු ලෙස අඩුවේ. ලැයිස්තුගත කර ඇති වෙළඳ හවුල්කරුවන් 187 දෙනාගෙන් අට දෙනකු පමණක් ශ්‍රී ලංකාවට වඩා ඉහළ තීරුබදු අනුපාතයකට මුහුණ දෙයි. උදාහරණයක් ලෙස, සියයට 26 ක අඩු තීරුබදු අනුපාතයකට මුහුණ දෙන ඉන්දියානු අපනයනකරුවන්ට වඩා ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන විට ශ්‍රී ලංකා අපනයනකරුවන්ට සියයට 18 ක වැඩිපුර බදු ගෙවීමට සිදුවනු ඇත.
මෙය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට නරක ආරංචියකි. ට්‍රම්ප් බදු පැනවීමට පෙර සිටම තම තරගකරුවන්ට සාපේක්ෂව පිරිවැය-තරඟකාරී වීම අභියෝගාත්මක බව බොහෝ දෙනෙකුට වැටහෙමින් තිබුණි. මෙම බාහිර කම්පනය ශ්‍රී ලංකාවට බලපාන්නේ සැලකිය යුතු ආර්ථික අස්ථාවරත්වයක් සහිත කාලයක ය. රට තවමත් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක ප්‍රතිඵලවලට මුහුණ දෙමින් සිටින අතර, එවැනි ප්‍රහාර අවශෝෂණය කර ගැනීමේ ධාරිතාව අඩු වී ඇත.
සමස්ත එක්සත් ජනපද ඉල්ලුමේ අපේක්ෂිත හැකිලීම නිසා පීඩනය තවත් වැඩි කරනු ඇත. විමුක්ති දින තීරුබදු, පවතින තීරුබදු වලට එකතු කිරීමකි. එවැනි ඉහළ බදු සහ එහි ප්‍රතිඵලයක් ලෙස මිල ඉහළ යාම එක්සත් ජනපද පාරිභෝගික ඉල්ලුමට අහිතකර ලෙස බලපානු ඇත. 2025 මාර්තු අග වන විට එක්සත් ජනපද පාරිභෝගික විශ්වාසය වසර හතරකින් අවම මට්ටමකට ළඟා වූ බව වාර්තාවල දැක්වෙන අතර, මෙම බදු සහ දිග හැරෙන වෙෙළඳ යුද්ධය එක්ව ගත් කළ එක්සත් ජනපදය අවපාතයකට යාමේ අවදානම වැඩි කර ඇත.
තීරුබදු ක්‍රමයට තවදුරටත් ගෙන එන සංශෝධන හේතුවෙන් ඉදිරි දින, සති සහ මාස කිහිපය තුළ තීරුබදු ක්‍රමයේ අවිනිශ්චිතභාවය සහ අස්ථාවරත්වය තවත් වේදනාකාරී කරුණක් වනු ඇත. මෙම අවිනිශ්චිතතාවහේතුවෙන් ගැනුම්කරුවන් ඇණවුම් කිරීමට පසුබට වන අතර, ආයෝජකයන් ඔවුන්ගේ ආයෝජන ඉදිරියට ගෙන යාම වළක්වනු ඇත. විදේශීය රජයන් මෙන්ම එක්සත් ජනපදය තුළ ඇති ආයතනවල ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් තීරුබදු ක්‍රමය සංශෝධනවලට භාජනය වීම දිගටම කරගෙන යනු ඇත. විශාල වෙළඳ හවුල්කරුවන් පළිගැනීම තෝරා ගත හැකි අතර, චීනය දැනටමත් සියලුම එක්සත් ජනපද ආනයන සඳහා සියයට 34 පළිගැනීමේ තීරුබදු ප්‍රකාශයට පත් කර ඇත.
ඇමරිකානු තීරුබදු වලට චීනයේ ප්‍රතිචාරය හේතුවෙන්, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 43 ක් නියෝජනය කරන ලෝකයේ පළමු සහ දෙවන විශාලතම ආර්ථිකයන් අතර පූර්ණ වෙෙළඳ යුද්ධයක් ඇතිවීමේ බිය වැඩි කර තිබේ. මෙම වැඩිවීම දැනටමත් මන්දගාමී ගෝලීය ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී කිරීමට හේතු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, අපනයනකරුවන්ට එක්සත් ජනපදයේ පමණක් නොව අනෙකුත් වෙෙළඳපලවල ද ඉල්ලුම අඩු විය හැකිය.
වෙෙළඳාම සහ ආයෝජන සඳහා දේශීය බාධක අඩු කිරීම, උපායමාර්ගික වෙෙළඳ ගිවිසුම් සහ ඵලදායී ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැනි මෙම ප්‍රතිසංස්කරණ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වේ. ට්‍රම්ප් තීරුබදු වේදනාකාරී ක්ෂණික අභියෝගයක් ඉදිරිපත් කරන අතරම, වඩාත් ඔරොත්තු දෙන සහ තරඟකාරී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ අවසානයේ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැඩි අවශ්‍යතාවක් ද ඇති කරයි.
ශ්‍රී ලංකාවට කළ හැක්කේ කුමක්ද?
පළිගැනීමට නොහැකි ශ්‍රී ලංකාව වැනි රටවල් තීරුබදු අඩු කිරීමට හෝ ඉවත් කිරීම සඳහා සාකච්ඡා කිරීමට පෙළ ගැසෙමින් සිටිති. එක්සත් ජනපද පරිපාලනයට අනුව, රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ධවල මන්දිරය සමඟ සෘජුවම සම්බන්ධ වී ඇත. අඩු තීරුබදු සඳහා ඔවුන්ට ලබා දිය හැකි දේ සමඟ රටවල් පෙළ ගැසෙන විට, සමහර රටවල් ඔවුන්ගේ වෙළඳපොළවල වැදගත්කම සහ ඔවුන්ගේ දීමනාවල ආකර්ශනීය බව මත පදනම්ව අනෙක් ඒවාට වඩා මනාප සැලකිලි ලැබීමට ඉඩ ඇත. ශ්‍රී ලංකාව දැනටමත් රේඛාවෙන් පිටුපසින් සිටින බවක් පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකාවට වඩා සියයට 46 ක ඉහළ තීරුබදු ප්‍රතිශතයකට මුහුණ දී සිටින වියට්නාමය, ඇමරිකානු භාණ්ඩ සඳහා වන තීරුබදු බිංදුව දක්වා අඩු කිරීමට එකඟ වී තිබේ. සියයට 49ක් ලෙසින් ඊටත් වඩා ඉහළ තීරුබදු ප්‍රතිශතයකට මුහුණ දී සිටින කාම්බෝජය, ඇමරිකානු භාණ්ඩ සඳහා වන තීරුබදු සියයට 5 දක්වා අඩු කිරීමට කැමැත්ත පළකර ඇත. ට්‍රම්ප් පරිපාලනය ප්‍රකෝටිපතියා සමඟ ඇති සමීප සබඳතා සැලකිල්ලට ගැනීමේදී, එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ද කේවල් කිරීමේ චිපයක් ලෙස සැලකේ. වියට්නාමය ස්ටාර්ලින්ක් හි අන්තර්ජාල සේවාව අනුමත කිරීමට ඉක්මන් වූයේ, විමුක්ති දින තීරුබදු නිවේදනයට පෙරදීය.
ට්‍රම්ප් පරිපාලනය සතුටු කිරීම සඳහා දේවල් තෝරා ගැනීමට ඇති පෙළඹවීම සහ පීඩනය තවමත් ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට රටට ප්‍රයෝජනවත් වන දිගු කලක් ප්‍රමාද වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලෙස මෙම මොහොත භාවිතා කිරීම වඩා හොඳ වනු ඇති අතර, ඒ සමඟම එක්සත් ජනපදය සමඟ එහි සම්බන්ධතාවට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
දේශීය වෙළඳ හා ආයෝජන බාධක අඩු කිරීම
තීරුබදු ගණනය කිරීම සඳහා භාවිත කරන ක්‍රමය ගැටළු සහගත වන අතර, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයට එතරම් සම්බන්ධයක් නැත. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ සියයට 44 තීරුබදු ගණනය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.8 ක වෙෙළඳ හිඟය ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන ලද ආනයනවල වටිනාකම වන ඩොලර් බිලියන 3.2 න් බෙදීමෙන්, 88% ක් ලබා ගැනීමෙන් සහ පසුව එය දෙකට බෙදීමෙනි.
එක්සත් ජනපද තීරුබදු ගණනය කිරීමේ ක්‍රමවේදය දෝෂ සහිත බව පෙනුනද, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට තමන්ගේම දිගුකාලීන
වෙෙළඳ බාධක ආමන්ත්‍රණය කිරීමට උත්ප්‍රේරකයක් ලෙස යොදාගත හැකිය. එක්සත් ජනපදයෙන් ආනයනය වැළැක්වීම සඳහා මෙම බාධක විශේෂයෙන් නිර්මාණය කර නොමැත. සම්භවය නොසලකා සියලුම ආනයන ඉහළ බදු වලට යටත් වේ. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාව ආනයන සඳහා බහුවිධ බදු පනවයි. තීරුබදු නොවන බාධක (එනම් අනවශ්‍ය ලෙස බර සහ කාලය ගතවන රෙගුලාසි සහ ක්‍රියා පටිපාටි) ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ ආනයනකරුවන් යන දෙදෙනාම මුහුණ දෙන සැලකිය යුතු ගැටලුවකි.
ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, ශ්‍රී ලංකාවට රටට ප්‍රයෝජනවත් වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවදි කිරීමේ ඇමතුමක් ලෙස ට්‍රම්ප්ගේ තීරුබදු යොදාගත හැකිද යන්නයි, ඒවා දිගු කලක් ප්‍රමාද වී ඇත. ඉහළ වෙෙළඳ බාධක හරහා ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වය සහ අපනයන-නැඹුරු ආයෝජන සඳහා ඇති ආකර්ෂණය අඩපණ කිරීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට හානි කර ඇත. මෙම බාධක අඩු කිරීමේ අවශ්‍යතාවය දිගු කලක් තිස්සේ හඳුනාගෙන තිබුණද, අනුප්‍රාප්තික රජයන් අර්ථවත් ප්‍රගතියක් ලබා ගැනීමට අපොහොසත් වී ඇත. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකා ව්‍යාපාර දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ වෙෙළඳ තනි කවුළුවක්, එනම් බහු සංවිධානවලට අතින් ගෙන ගොස් බහු ලේඛන ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරන ස්වයංක්‍රීය වෙළඳ වේදිකාවක් සඳහා බලා සිට ඇත. ඊනියා “ආයෝජන සඳහා එක්-නැවතුම් ස්ථානයක්” සඳහා ද එය එසේම වේ.
අපනයන සහ විදේශ සෘජු ආයෝජන යන දෙකෙහිම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් කරවන, දුර්වල ක්‍රියාකාරිත්වය තුළ මෙම උදාසීනත්වය පිළිබිඹු වේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රටේ භාණ්ඩ හා සේවා අපනයනය 2000 දී සියයට 39 සිට 2023 දී සියයට 20.5 දක්වා පහත වැටුණි. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ අපනයන සහ විදේශ සෘජු ආයෝජන සාමාන්‍යයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 1 ට වඩා අඩු මට්ටමක පවතී. 2011 දී ඩොලර් බිලියන 10.6 සිට 2020 වන විට ඩොලර් බිලියන 20 දක්වා භාණ්ඩ අපනයන දෙගුණ කිරීම වැනි පෙර අපනයන ඉලක්ක සැලකිය යුතු ලෙස සපුරා ගැනීමට නොහැකි විය. භාණ්ඩ අපනයනය 2024 අවසානයේ ඉලක්කයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවැතුණ අතර, එම අගය ඩොලර් බිලියන 12.8 කි. 2030 වන විට ඩොලර් බිලියන 36 ක නව අපනයන ඉලක්කය සපුරා ගැනීමේ අභියෝගය “ඇමරිකාව පළමුව” වෙෙළඳ ප්‍රතිපත්තිය සහ ලෝකයේ විශාලතම වෙෙළඳ රටවල් අතර වෙළඳ යුද්ධය සමඟ වඩාත් බියජනක වී ඇත.
විභව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිලාභ සහිත ප්‍රතිසංස්කරණ සඳහා ජාත්‍යන්තර හොඳම පිළිවෙත්වලට අනුකූලව රජයේ ප්‍රසම්පාදන රාමුව ශක්තිමත් කිරීමෙන් තවත් මාර්ගයක් සපයයි. එක්සත් ජනපද ජාත්‍යන්තර වෙෙළඳ පරිපාලන වෙබ් අඩවිය ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන රාමුව සහ භාවිතයන් ඉතා ගැටලු සහගත ලෙස ලැයිස්තුගත කර ඇත. අනවශ්‍ය යෝජනා පිළිගැනීම, තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය මඟ හරින ප්‍රසම්පාදනය සහ විනිවිදභාවය සහ වගවීම නොමැතිකම වැනි කාරණා ගැටළු අතර වේ. මෙය එක්සත් ජනපද ව්‍යාපාර සඳහා පමණක් නොව ශ්‍රී ලංකාවට ද අභියෝග මතු කරයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන රෝග විනිශ්චය මගින් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍රයක් වන අතර, එය දූෂණය අවම කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ඉස්මතු කරයි. නිර්දේශිත ප්‍රතිසංස්කරණ අතරට ජාත්‍යන්තර හොඳම භාවිතයන්ට අනුකූලව ප්‍රසම්පාදන නීතියක් සංවර්ධනය කිරීම, රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා විශේෂ ඉල්ලීමක් නොමැතිව ඉදිරිපත් වන යෝජනා ඉවත් කිරීම සහ ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු ඇතුළු තොරතුරු අනාවරණය කිරීම වැඩි දියුණු කිරීම ඇතුළත් වේ. මෙම ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම හරහා පාලනය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කරන අතරම, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාවට ධනාත්මක බලපෑමක්ද ඇති කරයි.
ශ්‍රී ලංකාවට පැහැදිලි කාලරේඛා වලට කැපවී ක්‍රියාත්මක කිරීම අනුගමනය කළ හැකි නම් (එය කලාතුරකින් සිදු වේ), එය වර්තමාන අහිතකර තත්වය වාසිදායක එකක් බවට පරිවර්තනය කිරීමට උපකාරී විය හැකිය.
ආසියාව දෙසට හැරීම - නොකර සිටිනවාට වඩා පමාවී හෝ කිරීම
ශ්‍රී ලංකාව, අපනයන වලින් සියයට 48 කට වඩා සාමූහික දායකත්වයක් උසුලන ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මත දැඩි ලෙස රඳා පැවතීමෙන් ඔබ්බට ගොස් සිය අපනයන වෙෙළඳපොළ විවිධාංගීකරණය කිරීමේ දිගුකාලීන අවශ්‍යතාවය එක්සත් ජනපද තීරුබදු මගින් අවධාරණය කෙරේ. එහි උපායමාර්ගික පිහිටීම තිබියදීත්, ගතික ආසියානු වෙෙළඳපොළවල් විනිවිද යාමේදී ශ්‍රී ලංකාව ඓතිහාසිකව දුර්වල ලෙස ක්‍රියා කර ඇත. වර්තමාන බාධාව මෙම “ආසියාවට දෙසට හැරීම” සඳහා නව හදිසි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුය.
වෙෙළඳෙපාළ විවිධාංගීකරණය කිරීමේ උත්සාහයන් දෙගුණ කිරීම සඳහා ට්‍රම්ප් තීරුබදු දිරිගැන්වීමක් ලෙස ක්‍රියා කළ යුතුය.
වෙෙළඳ තන්ත්‍රයේ වත්මන් මාරුවීම් අඳුරු බවක් පෙනෙන්නට තිබුණද, ඒවා අවස්ථා ද ඉදිරිපත් කරයි. එක්සත් ජනපද ප්‍රතිපත්ති විසින් ගෝලීය වෙළඳ රටා නැවත සකස් කරන විට, ශ්‍රී ලංකාව ඒ සමඟ ඇති වනඅවස්ථාවන් අල්ලා ගැනීමට උත්සාහ කළ යුතුය.
සාර්ථක වෙෙළඳෙපාළ විවිධාංගීකරණය සඳහා දේශීය වෙළඳ හා ආයෝජන බාධක ඉවත් කිරීමට ක්‍රියාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත් වනු ඇත. ඊට අමතරව, ශ්‍රී ලාංකික ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධාන සැපයුම් පාර්ශ්ව බාධක කිහිපයක් ආමන්ත්‍රණය කිරීමෙන් ඔවුන්ගේ තරගකාරිත්වය අඩපණ වේ. මේවා රටේ ශ්‍රම බලකායේ කුසලතා වැඩි දියුණු කිරීම සහ ගුණාත්මක ආයෝජන කලාපවල ආයෝජනය කිරීමේ සිට කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම දක්වා විහිදේ.
වෙෙළඳ ගිවිසුම් හරහා ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත වෙෙළඳෙපාළ වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමට ට්‍රම්ප් තීරුබදු හරහා රටවල් දිරිමත් කිරීමට ඉඩ ඇත. දශකයකට වැඩි කාලයක් තිස්සේ සකස් වෙමින් පවතින යුරෝපා-ඉන්දියානු වෙළඳ ගිවිසුම අවසන් කිරීම කෙරෙහි ඇති උනන්දුව අලුත් වීම හොඳ උදාහරණයකි. ශ්‍රී ලංකාව දිගු කලක් වෙළඳ ගිවිසුම් වලින් වැළකී සිටියේය. ආසියානු වෙළඳපොළවලට විවිධාංගීකරණය වීමට රට දරන උත්සාහයන් රඳා පවතින්නේ වෙළඳ ගිවිසුම් හරහා මෙම වෙළඳපොළවල තම සමාගම් මුහුණ දෙන බාධක අඩු කිරීමේ හැකියාව මත ය. මේ සඳහා නැවත නැවත සාකච්ඡා වට පමණක් අවශ්‍ය නොවේ: ඊට හොඳ ගිවිසුම් සම්බන්ධනේ සාකච්ඡා කිරීමට සහාය වන ශක්තිමත් ආයතනික රාමුවක් තුළ රජයේ ආයෝජන අවශ්‍ය වේ.
අවසාන වශයෙන්, නව වෙළඳපලවලට ඇතුළු වන සමාගම් සඳහා ප්‍රායෝගික, බිම් මට්ටමේ සහාය ලබා දීම සඳහා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. නව වෙෙළඳෙපාළවලට ප්‍රවේශ වීම සහජයෙන්ම අභියෝගාත්මක වන අතර, වර්තමාන පරිසරය තුළ එය ඊටත් වඩා අසීරු වේ. සමාගම්වලට වෙෙළඳපොළ, රෙගුලාසි, ප්‍රමිතීන්, ගැනුම්කරුවන් සහ ජාලකරණය සමඟ සහාය පිළිබඳ විශ්වාසදායක තොරතුරු වෙත ප්‍රවේශය අවශ්‍ය වේ. එවැනි තොරතුරු ලබා ගැනීමේ පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ විය හැකි අතර, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා එය බාධකයක් ලෙස ක්‍රියා කරයි.
වෙෙළඳාම සහ ආයෝජන සඳහා දේශීය බාධක අඩු කිරීම, උපායමාර්ගික වෙෙළඳ ගිවිසුම් සහ ඵලදායී ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැනි මෙම ප්‍රතිසංස්කරණ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වේ. ට්‍රම්ප් තීරුබදු වේදනාකාරී ක්ෂණික අභියෝගයක් ඉදිරිපත් කරන අතරම, වඩාත් ඔරොත්තු දෙන සහ තරඟකාරී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ අවසානයේ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැඩි අවශ්‍යතාවක් ද ඇති කරයි.
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගි
ශ්රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් පැවැතුණත් තවමත් මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එම සමාගම යටතේ පවතින DPL Premier Gloves Limited සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ට්‍රම්ප් බදු - පීඩනය සමනය කළ හැක්කේ කෙසේද?