IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ බදු ක්‍රමයට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ කණස්සල්ල

  • පවතින තීරු බද්ද සියයට 12.5 ක්. ඊට 
  • අමතර තවත් සියයට 44 ක් පැනවෙනවා යනු මුළු බද්ද සියයට 56.5 දක්වා ඉහළ යාමක්

විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44 ක තීරු බද්දෙන් දේශීය ස්වාභාවික රබර් කර්මාන්තයට එල්ල වන බලපෑම පිළිබඳව දැඩිව කණස්සල්ලට පත්ව සිටින බව කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
 
ස්වාභාවික රබර් කර්මාන්තය මෙරට ප්‍රධාන අපනයන අංශයක් බවත්, රැකියා අවස්ථා සහ විදේශ විනිමය ඉපැයීම් යන දෙකටම සැලකිය යුතු දායකත්වයක් සපයන බවත් කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය පැවැසුවේය. පවතින තීරු බද්ද සියයට 12.5 ක් බවත් ඊට අමතර තවත් සියයට 44 ක් පැනවෙනවා යනු මුළු බද්ද සියයට 56.5 දක්වා ඉහළ යනු ඇති බවත් එම සංගමය ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ රබර් අපනයන ඇමරිකානු වෙළෙඳපොළ තුළ ඉතා තරඟකාරී නොවන තත්වයකට පත් කරනු ඇතැයි කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථිකයට මෙන්ම රබර් කිරි කපන්නන්ට සහ ඔවුන්ගේ පවුල්වලටද මින් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි රබර් වෙෙළඳුන්ගේ සංගමය පැවැසුවේය.
 
ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් එල්ල වන බලපෑම අවම කිරීමට පහත සඳහන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බව රබර් වෙෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
 
අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය: ඇමරිකානු වෙළෙඳපොළ මත යැපීම අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්වභාවික රබර් සඳහා අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමට රජය දිරිමත් කිරීම් ලබාදිය යුතුය.
 
දේශීය රබර් ගොවීන් සහ ව්‍යාපාර සඳහා සහාය: තීරු බද්ද නිසා ඇති වූ ආර්ථික පසුබෑමෙන් බේරීමට උපකාර කිරීම සඳහා බලපෑමට ලක් වූ රබර් ගොවීන්ට සහ ව්‍යාපාරවලට ක්ෂණික මූල්‍ය ආධාර, සහනාධාර හෝ සහන පැකේජ ලබා දිය යුතුය.
 
රබර් අංශය සඳහා දිගුකාලීන උපායමාර්ගික සැලසුම්කරණය: රබර් අංශයේ අනාගත වර්ධනය සහ තිරසාරභාවය සඳහා පුළුල් උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා රජය රබර් වෙ​ෙළඳුන්ගේ සංගමය සමග එකතුව කටයුතු කළ යුතුය.
 



අදහස් (0)

ට්‍රම්ප්ගේ බදු ක්‍රමයට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ කණස්සල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ඇමෙරිකන් තීරු බද්දෙන් මෙරට භාණ්ඩ වර්ග පහකට බලපෑම්
2025 අප්‍රේල් මස 07 133 0

අමෙරිකානු එක්සත් ජනපදය ලබන 9 වැනිදා සිට ශ්‍රී ලංකාවේ අපනයනවලට පැනවූ සියයට 44 ක තීරු බද්ද මෙරට අපනයන භාණ්ඩ පහකට බලපෑමක් වන බවත්, එය ඇමරිකාවට අපනයනය කරන භාණ


උතුරු පළාතේ නව ආයෝජන කලාප මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ඇරැඹේ
2025 අප්‍රේල් මස 07 33 0

කන්කසන්තුරේ, පරන්තන් හා මාන්කුලම් යෝජිත ආයෝජන කලාපවල යටිතල පහසුකම් ඉක්මනින් අවසන් කර මෙම වසරේ තුන්වැනි කාර්තුව අවසානයේදී ආයෝජකයන්ට තම ව්‍යාපෘති ඉදි


ඇමෙරිකානු තීරුබද්දේ සාර්ව ආර්ථික බලපෑම් IMF තක්සේරුවක
2025 අප්‍රේල් මස 07 50 0

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව තීරු බදු හේතුවෙන් ඇතිවිය හැකි සාර්ව ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් තක්සේරු කරමින් සිටින බව ජාත්‍යන්තර


ට්‍රම්ප්ගේ බදු ක්‍රමයට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ කණස්සල්ල
2025 අප්‍රේල් මස 07 56 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44 ක තීරු බද්දෙන් දේශීය ස්වාභාවික රබර් කර්මාන්තයට එල්ල


ඇමෙරිකානු තීරු බදු බලපෑමේ රජයේ ප්‍රතිචාරයට JAAF සතුට පළ කරයි
2025 අප්‍රේල් මස 07 25 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධීපතිවරයා විසින් මෙරට අපනයන වෙත පනවා ඇති සියයට 44ක අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් ඇති වන බලපෑම මගහැරවීම සඳහා රජය දක්වා ඇති ප්‍රතිච


බිස්නස් ගෙනියන්නේ හරිම අමාරුවෙන් - කොළඹ මැසෙන්ජර් වීදියේ ටයර් ව්‍යාපාරික එස්. පී. ගනේෂන්
2025 අප්‍රේල් මස 07 25 0

එස්. පී. ගනේෂන් ටයර් ව්‍යාපාර ස්ථානය පටන්ගෙන වසර 20ක පමණ කාලයක් ගත වී තිබේ. මෙහි ආරම්භක නිර්මාතෘවරයා ගනේෂන් මහතාගේ මාමාය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 572 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 532 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1003 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site