IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඩීමෝ වෙතින් කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවා

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ දේශීය ආර්ථිකය නැවත ගොඩනැංවීමේ අරමුණින්, සිය සමාගම් සමූහයේ ඉංජිනේරු විසඳුම් අංශය වනDIMO TECH හරහා කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවා ලබාදීමට තීරණය කර ඇතැයි ඩිමෝ සමාගම සඳහන් කරයි.

DIMO TECH විසින් ඉංජිනේරු විසඳුම් ලබා දෙන අංශවල සිටින සියලු‍ම කර්මාන්තකරුවන් සඳහා මෙම අවස්ථාව ලබා දී ඇත. මේ තුළින් කර්මාන්තකරුවන් සඳහා පළපුරුදු වෘත්තීය කණ්ඩායම් හරහා නොමිලේ තාක්ෂණික පරීක්‍ෂණ සිදුකර ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම වැඩසටහන් හරහා කාර්මික උපකරණ නිසි පරිදි නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම්ද ලබාදෙනු ඇත. රෝහල් සහ සංචාරක (හෝටල්) යන අංශවල කාර්යක්‍ෂම ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා ඩීමෝ සමාගම දැනටමත් සිය ඉංජිනේරු සේවා මෙම අංශ දක්වා ද ව්‍යාප්ත කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙසේ පැවැසීය. “සෑම ව්‍යාපාරයකම කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ කාර්යයේදී ඉංජිනේරු සේවා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එලෙසම ඕනෑම ව්‍යාපාරයක කාර්යක්‍ෂමතාව සහතික කිරීම සඳහා යන්ත්‍රෝපකරණ අඛණ්ඩව නඩත්තු කිරීම ඉතා වැදගත් වෙනවා. අපගේ සේවා හරහා අප උත්සාහ කරන්නේ මෙම කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය ඉංජිනේරු සේවා සහය ලබාදීමටයි. වසංගතය හේතුවෙන් අඩපණ වූ ආර්ථිකය ගොඩනැංවීම උදෙසා මෙය ඉවහල් වන අතරම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ඉදිරියේදීත් ලබාදීමට ඩීමෝ අප කැපවෙමින් කටයුතු කරනවා”‍.

 



අදහස් (0)

ඩීමෝ වෙතින් කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවා

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Intrepid 2025 ගෝලීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
2025 පෙබරවාරි මස 05 3 0

ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නු


භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට
2025 පෙබරවාරි මස 05 4 0

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දිලිප් සිල්වා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජනවාරි 31 වැනිදා සිට ක්‍රියාත්මක වන


නිදහස් සැමරුම වෙනුවෙන් අලුත උපන් බිලිඳුන්ට මහජන බැංකුවෙන් තිළිණ
2025 පෙබරවාරි මස 05 3 0

ශ්‍රී ලංකාවේ 77 වැනි ජාතික නිදහස් දිනය සමරමින් කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ ස


ඉංජිනේරු මන්ජු හත්තොටුව ජැට් අධ්‍යක්ෂ මණ්ඩලයට
2025 පෙබරවාරි මස 05 3 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී (JAT. N0000) සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ඉංජිනේරු භාරත මන්ජු ශ්‍රී කුමාර හත්තොටුව මහත


අපනයන ප‍්‍රජාව සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් වැඩමුළුවක්
2025 පෙබරවාරි මස 05 4 0

ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය වෙනුවෙන් ක‍්‍රියාත්මක කළයුතු උපාය මාර්ග සහ ඒ සඳහා ඇති අවස්ථා සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳාමේ ප‍්‍


Alumex වෙතින් මෙරට ඇලු‍මිනියම් කර්මාන්තයට Capral Aluminium
2025 පෙබරවාරි මස 05 5 0

ශ්‍රී ලංකාවේ ඇලු‍මිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන Alumex විසින් ‘Capral Aluminium Urban Range’ පසුගියදා කොළඹදී එළිදක්වන ලදී. මේ ඔස්සේ ගෝලීය වශයෙන් ඉහළ පිළ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site