ඩයලොග් ආසිආටා පීල්සීහි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් Google Cloud ආයතනය සමඟ නව සහයෝගීතාවකට එළඹ තිබේ. ඒ අනුව මෙරට සියලු පරිමාණවල ව්‍යාපාරවලට අවශ්‍ය ව්‍යාපාරික ප්‍රගතිය සාධනය කර ගැනීමට මෙන්ම සේවක ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අවස්ථාව හිමිකර දෙමින්, ඔවුන් අතර පවතින සබැඳියාව තවදුරටත් වර්ධනය කරගනිමින්, එම ව්‍යාපාර සමඟ කටයුතු කරන ගනුදෙනුකාර භවතුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගීතා මෙවලම් මේල් ස්ටොරේජ් යනාදී සේවා, ඩයලොග් එන්ටප්‍රයිස් හි සහායෙන් මෙරට තුළ පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇත.
මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි වාණිජ ව්‍යාපාර සහ මහ පරිමාණ ව්‍යාපාර අලෙවි පිළිබඳ උප සභාපති නවීන් පීරිස් මහතා මෙසේ පැවසීය.
“නිරන්තරයෙන් වෙනස් වන අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් උසස්ම තත්ත්වයෙන් යුත් හොඳම ඩිජිටල් සේවා සහ Cloud තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබාදීමේ අපගේ දැක්මට අනුකූලව කටයුතු කරමින්, Google Cloud ආයතනය සමඟ අපි ඇතිකරගත් මේ සහයෝගීතාව හරහා අපේ Cloud උපායමාර්ග වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවකින් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වැඩි ඵලදායීතාවක් අත්කරදී, නව මානයකට ගෙන යනු ඇතැයි අපි විශ්වාස කරනවා. Google Workspace සමඟින් ඒකාබද්ධ වූ ඵලදායීතාව ඉහළ නැංවෙන මෙවලම් සහ ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනයේ සේවා ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තාක්ෂණය මත පදනම් වූ අනාගත ගමන සාර්ථකත්වයේ ඵල අත්කරගනු ඇති බව අපේ ඒකායන විශ්වාසයයි.”
සුළු හා මධ්‍ය පරිමාණ පාරිභෝගිකයන්ට ප්‍රයෝජනවත් වන සේවා සහ ඉතා හොඳින් කළමනාකරණය කරන ලද සේවා ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්, ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය සිය පහසුකම් හරහා සමාගම්වලට නව ව්‍යාපාරික අවස්ථා උදාකර දීමට දායකවී ඇත. Google Workspace සමඟ එක්වූ Gmail, Calender, Drive, Docs, Sheets, Slides සහ Meet වැනි ජනප්‍රිය යෙදුම් හේතුවෙන් වැඩි ක්‍රියාකාරීත්වයක් හරහා එකම අවකාශයක් තුළ සෑම ක්‍රියාවලියක්ම කාර්යක්ෂමව ඉටුකරගැනීමේ හැකියාව ඇත.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය පීඩනය ලිහිල් කරමින් ණය ඇපකර සැපයීම සඳහා ජාතික ණය ඇපකර ආයතනයක් ණය කෙටුම්පත් කරන්නන්ගෙන් ඇපකර ගැනීමට බැංකුව
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීමට ජපානය විසින් යෙන් මිලියන 300 ක (රුපියල් මිලියන 565 ක්) ප්
ව්‍යාපාරික විශ්වාසය මනින දර්ශකය, අඛණ්ඩව සිව්වැනි මාසය සඳහා ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ පෙබරවාරි කලාපයේ සඳහන් ව
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ස
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 15 ක් වටිනා හරිත බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. බැංකුවේ අධ
නිදහස් දින නිවාඩුවට පෙර, ආයෝජකයන්ගේ උනන්දුව අඩුවීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය, ඍණාත්මක බවක් පෙන්නුම් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඩයලොග් එන්ටප්‍රයිස් Google Workpace සමඟ සහයෝගීතාවක