ඩයලොග් පාරිභෝගිකයන් 450,000 කට අධික සංඛ්‍යාවක්, ශ්‍රී ලංකාවේ වෙසෙන හදවත් රෝග ඇතුළු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් සැකසූ, "Little Hearts" ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 27කට අධික Star Points පරිත්‍යාග කර තිබේ. 2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points ප්‍රමාණය රු. මිලියන 122 ඉක්මවයි.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන "Little Hearts" ව්‍යාපෘතිය තුළින් හදවත් රෝග ඇතුළු දරුණු රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ, මහල් 12 කින් සමන්විත හෘද සහ දැඩි සත්කාර ඒකකයක් සංවර්ධනය වෙනුවෙන් මෙම පරිත්‍යාගය යෙදවෙන අතර මෙම ගොඩනැගිල්ල හෘද සැත්කම් ශල්‍යාගාර 4 ක්, කැතීටකරණ විද්‍යාගාරයක්, 100 කට අධික හෘද රෝග සහ නව දරු උපත් දැඩිසත්කාර ඒකක, ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සහ නවීනතම හෘද රෝග පරීක්ෂණ හා පුහුණු පහසුකම්වලින් සමන්විත වේ. මෙහි ඉදිකිරීම් සඳහා රු. බිලියන 4 කට අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම කාර්ය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙසේ පවසා සිටියේය.“ඩයලොග් Star Points පාරිභෝගිකයන්ගේ පරිත්‍යාගශීලී බව සම්බන්ධයෙන් අපිට තිබෙන්නේ විශාල සතුටක්. මේ පරිත්‍යාගශීලී දායකත්වය හරහා බොහෝ ජීවිතවල වෙනසක් ඇති කරන්නට වගේම රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රය තුළ මහල් 12 කින් සමන්විත හෘද සහ දැඩි සත්කාර ඒකකය ගොඩනැගීමේ කටයුතු කඩිනම් කිරීමටත් හැකියාව ලැබෙනවා. හෘද රෝගවලින් පීඩා විඳිමින් ප්‍රතිකාර අවශ්‍ය රෝගී දරුවන්ගේ ජීවිතවල වෙනසක් ඇති කරන්න ප්‍රජාව විසින් පරිත්‍යාග කළ මෙම සුවිශාල Star Points මුල්‍ය පරිත්‍යාගය, ප්‍රජාවකගේ සාමූහික එකමුතුවේ බලය පෙන්වීමට හොඳම සාක්ෂියක්. ලංකාවේ දරු දැරියන්ට ඉහළ සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ සාමූහික ප්‍රයත්නය වෙනුවෙන් Star Points හරහා පරිත්‍යාගයෙන් දායක වූ අපගේ සියලුම පාරිභෝගිකයන්ට මගේ කෘතඥතාවය පළ කරනවා.”
595
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩයලොග් Star Points හරහා රුපියල් මිලියන 27 ක් Little Hearts වෙත
RPGD.Herath Friday, 28 April 2023 02:06 PM
මගේ star point අගයන් කරුනාකර රිජ්වේ ආර්යා ළමාරෝහලට පරිත්‍යාග කරන්න..