හර්ෂණ තුෂාර සිල්වා
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙටර ඉතිහාසයේ පළමු වතාවට අද (30) 192 සීමාව ඉක්මවා ගියේය.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (30) 192.50 ලෙස සටහන්ව තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192.50 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 187.40ක් ලෙසත් දැක්විණි.
ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයේ බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 27 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත සඳහන් කරයි.
එම කාලයේදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.7කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 0.4කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇත.
එසේ වුවත් යූරෝ මුදල් ඒකකකයට සාපේක්ෂව 2.8 % කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.2 %කින් ද අවප්‍රමාණය වී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඩොලරය 192 ට නගී
Dilan Monday, 30 March 2020 07:49 AM
?
Looka Monday, 30 March 2020 07:55 AM
බන්දුලට සතුටු ඇති කියලා හිතෙනවා.
SamanMonday, 30 March 2020 09:36 AM
කවුරු වුණත් දේශපාලන අන්ධ බාලයෙක්...
ass charyaTuesday, 31 March 2020 05:25 AM
පහුගිය ආණ්ඩුව කාලේ ඔහෙත් හොද අද බාලයෙක් තමයි.
ලුම්බිණි Monday, 30 March 2020 08:30 AM
දැන් කවුරුවත් රුපියල් ගැන කතා කරන්නේ නැහැ නේද? සියලුම දේශපාලකයන් අතුරුදහන් වෙලා.
kusalMonday, 30 March 2020 01:26 PM
හැම බෝක්කුවකම වැලි , කතාකොරගන්න බැරිතරමටම වැලි ..!
අසංග උඩහගේ Monday, 30 March 2020 08:36 AM
ඇමරිකානු ඩොලරයක හුවමාරු වටිනාකම ලෙස වෙනස් විය යුතුය..
lanka Monday, 30 March 2020 12:23 PM
ජාතික ප්‍රේමය ඉදිරියට දාලා මිනිස්සුන්ව පාලනය නොකර විදේශගත ලාංකිකයන්ව තරහ කරගත්තොත් ඕක කියට නැගලා නවතීද දන්නේ නැහැ .
mahinda Thursday, 02 April 2020 04:13 AM
පාස්කු ප්‍රහාරය කාලෙත් ඔහොම වුනා ඔස්තාර්ලා කිව්වේ ආණ්ඩුව මොටද මෙහෙම වෙනවනම් කියලා අද ඒ ඔස්තාර්ලා කොරෝන එත් පොදු මහජනයාට තේරෙනව රටේ ආර්ථිකය ගැන ඔය කිසි දෙයක් හරියට කරගන්න බැරි හුඟ දෙනෙක් ආචාර්ය ,මහාචාර්ය ල තමයි දෙපැත්තේම කුස්සියේ වැඩ කරන්නේ.