බදු පරිපාලනය ඩිජිටල්කරණය කිරීම ධනාත්මක වුවත් එය තනි විසඳුමක් නොවේ
ඵලදායී බදු ප්‍රතිසංස්කරණ සඳහා පද්ධතිමය අකාර්යක්ෂමතාව, සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳ ගැටලු ආමන්ත්‍රණය කළ යුතුයි.
රජයේ බදු ආදායමෙන් වැඩි බර උසුළන්නේ බදු ගෙවන්නන් කුඩා කණ්ඩායමක්
බදු අභියාචනයකදී අභියාචනය සාර්ථක වුවහොත් පෙර ගෙවීම නැවත ලබාදෙන්නේ දැයි පැහැදිලි කිරීමක් නොමැති නිසා සියයට 25 ක පෙරගෙවීම විනිවිදභාවය පිළිබඳ ගැටලු මතු කරයි
චාරුමිණි ද සිල්වා
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දිශාවට රැගෙන යාමට රජය තැබූ පියවර නිවැරදි එකක් වුවත් ඉන් පමණක් මෙරට මුහුණදෙන බදු අභියෝගවලට විසඳුම් සෙවිය නොහැකි බව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික මූල්‍ය සහ බදු ප්‍රධානී නිස්රීන් රෙමාන්ජි මහත්මිය පසුගියදා පැවැති විද්වත් කතිකාවකදී ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද විද්වත් සාකච්ඡාවකදී අදහස් දක්වමින් නිස්රින් රෙමාන්ජි මහත්මිය මෙම අදහස් පළ කළාය.
මෙරට මුහුණ දෙන බදු අභියෝගවලට විසිඳුම් සෙවීමට යහපත් රාජ්‍ය පාලනය සහ විනිවිදභාවය, ඩිජිටල්කරණය තරම්ම වැදගත් වන බව රෙමාන්ජි මහත්මිය පැවැසුවාය. රාජ්‍ය පාලනයේ ආකාර්යක්ෂමතාව ප්‍රතිසංස්කරණවල ඵලදායීතාවට බාධා එල්ල කරන බවද ඇය ප්‍රකාශ කළාය. බදු ප්‍රතිසංස්කරණ කාර්යක්ෂම වීමට නම් ස්වයංක්‍රීයකරණයෙන් ඔබ්බට ගොස් සාධාරණත්වය, පාරදෘශ්‍යභාවය සහ විශ්වාසය පිළිබඳ ගැඹුරු ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බවද ඇය පැවැසුවාය.
ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ ඒක පුද්ගල බදු දායකත්වය අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින බව මෑතකදී සිදුකළ අධ්‍යනවලදී හෙළිවී තිබෙන බවත් රජයේ ආදායමෙන් වැඩි ප්‍රමාණයකට උර දෙන්නේ ව්‍යාපාර සහ පුද්ගලයන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් බවත් රෙමාන්ජි මහත්මිය ප්‍රකාශ කළාය. බදු දැල පුළුල් නොකර බදු ආදායමේ තිරසාර වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව ඇය පැවැසුවාය.
කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරන විට නඩුව විභාග කිරීමට පෙර බදු මුදලින් සියයට 25ක පෙර ගෙවීමේ තක්සේරුවකට සහ පොලිය, දඩ මුදල් ගෙවීමට බදු ගෙවන්නන්ට යටත්වීමට සිදුවීම වැනි බදු අභියාචනා කොමිෂන් සභාවට යෝජිත සංශෝධන පිළිබඳවද ඇය කනස්සල්ල පළ කළාය.
”අපි මේ කතා කරන්නේ බදු දැල තුළ දැනටමත් සිටින පුද්ගලයන් ගැන. අභියාචනාවක් ඉදිරිපත් කරන පුද්ගලයකු එලෙස අභියාචනාවක් ඉදිරිපත් කරන්නේ ඔවුන්ට තිබෙන අයිතිය මත. එහෙත් ස්වාධින ආයතනයක් ඔවුන්ගේ අභියාචනය විභාග කිරීමට පෙර ඔවුන්ට පෙර ගෙවීමක් කරන්න සිදුවෙලා” නිස්රීන් රෙමාන්ජි මහත්මිය පැවැසුවාය.
අභියාචනය සාර්ථක වුවහොත් ගෙවන මුදල ආපසු ලබා දෙන්නේ දැයි යන්න පිළිබඳව යෝජිත සංශෝධනවල පැහැදිලි බවක් නොමැතිකම සාධාරණත්වය පිළිබඳ කනස්සල්ල තවත් තීව්‍ර කරන බව ඇය ප්‍රකාශ කළාය. අත්‍යාවශ්‍ය නමුත් මෙරට බදු පරිපාලනය තුළ නොමැති අංගය විනිවිදභාවය බව ඇය අවධාරණය කළාය.
බදු නීතිවල නොගැළපෙන අර්ථකථන, නිල තීන්දු සඳහා සීමිත ප්‍රවේශය සහ බදු ඇස්තමේන්තු කිරීම් පිළිබඳ ප්‍රකාශිත දත්ත අවමවීම ව්‍යාපාර සඳහා අවිනිශ්චිතතාවක් ඇති කරන බව ඇය පැවැසුවාය. ඩිජිටල්කරණ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්ව මෙරට බදු නීතිවල අර්ථකතන සියල්ල පළකළ යුතු බවත් එවිට බදු ගෙවන්නන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳව ඔවුන්ට දැනුමක් ලැබෙන බවත් රෙමාන්ජි මහත්මිය ප්‍රකාශ කළාය. බදු බලාත්මක කිරීමේ විෂමතා බොහෝ විට පැන නගින්නේ පැහැදිලි මාර්ගෝපදේශ නොමැති ආදායම් එකතු කිරීමේ ඉලක්ක නිසා බවද ඇය පෙන්වා දුන්නාය.
මෙරට බදු ක්‍රමයේ තිබෙන තවත් ගැටලුවක් ලෙස ඇය පෙන්වා දුන්නේ විධිමත් බදු ඇස්තමේන්තුවලින් ලැබෙන බදු ආදායමට වඩාවැඩි ආදායමක් ස්වේචාවෙන් ඉදිරිපත් වූ බදු ගෙවන්නන්ගෙන් ලැබීමයි.
‘අපේ රටේ බදු වැඩි ප්‍රමාණයක් එකතු කරන්නේ විගණන හෝ ඇස්තමේන්තුවලින් නොවේ. මෙරට ව්‍යාපාර ස්වේච්ඡාවෙන් ගෙවෙන බදු මුදලින් තමයි වැඩිම බදු ප්‍රමාණයක් එකතු වන්නේ. එසේ තිබියදී එලෙස ස්වේච්ඡාවෙන් බදු ගෙවන්නන් නැවත නැවත විගණනයට ලක්වනවා” නිස්රීන් රෙමාන්ජි මහත්මිය ප්‍රකාශ කළාය.
විවිධ අභියාචනවලදී බදු ගෙවන්නන්ට පක්ෂව ලබා දෙන ඇස්තමේන්තුගත ප්‍රතිශත පිළිබඳ දත්ත බදු බලධාරීන් ප්‍රකාශයට පත් කරන්නේ නම් පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බලාත්මක කිරීම සැබැවින්ම සාධාරණදැයි යන්න පිළිබඳව ජනතාවට අදහසක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඇය පැවැසුවාය.
බදු දත්ත භාවිත කිරීමේදී සිදුවන අකාර්යක්ෂමතා පිළිබඳවද එහිදී ඇය පෙන්වා දුන්නාය. අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්ද එයට උදාහරණයක් බවද ඇය ප්‍රකාශ කළාය. බදු ආදායම වැඩිකර ගැනීමේ සරළ ක්‍රමයක් ලෙස අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු ප්‍රතිශතය සියයට 5 සිට 10 දක්වා වැඩි කළත් පරිපාලන ක්‍රියාවලිය දෝෂ සහිත බව ඇය කියා සිටියාය.
රජය දත්ත විනිවිදභාවයෙන් පසුබැසීම වැඩිදෙනාගේ කණස්සල්ලට හේතුවී ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර කාර්ය සාධන වාර්තාවක් පළ කළත් ආර්ථික අර්බුදයත් සමග එය නතර වූ බවත් රෙමාන්ජි මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දිශාවට රැගෙන යාමට රජය තැබූ පියවර නිවැරදි එකක් වුවත් ඉන් පමණක් මෙරට මුහුණදෙන බදු අභියෝගවලට විසඳුම් සෙවිය නොහැකි බව ජෝන් කීල්ස
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස න
පිටකොටුව වෙළෙද නගරයේ එක් එක් භාණ්ඩ සදහා සුවිශේෂී වූ වීදී රාශියකි. බෑග්, ඔරලෝසු, පාවහන් සදහා මල්වත්ත පාර, මංගල ඇරියුම් පත් ආදිය සදහා මැලිබන් වීදිය, රත්තර
ජනාධිපති දිසානායක යටතේ මෑතකදී නව ආණ්ඩුවක් පිහිටුවූ පසුව ශ්‍රී ලංකාවට මගේ ප්‍රථම නිල විදෙස් සංචාරය සිදුකිරීමට ලැබීම මගේ ඉමහත් සතුටට හේතු විය. එය මගේ ප්
ඉන්දියාව කැමැත්තෙන් සිටී නම් ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් බව ජනාධිපති අනුර කු
DFCC බැංකුව සහDavid Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ඩිජිටල්කරණයෙන් පමණක් බදු ස්භියෝගවලට විසඳුම් නැහැ