IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


තණ බිම් නැති නිසා කිරි නිෂ්පාදනය අමාරුයි

කිරි ආනයනය නතර කිරීමට නම් ශ්‍රී ලංකාවේ වත්මන් කිරි නිෂ්පාදනය තුන්ගුණයක් දක්වාවත් වැඩි කළ යුතු බව මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික‍්‍රමසිංහ මහතා කියයි. දැනට ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි නිෂ්පාදන ප‍්‍රමාණය ලීටර පන්ලක්ෂ පණස්පන් දහසක් පමණ වේ. නිෂ්පාදනය වැඩි කිරීම අපහසු වී ඇත්තේ කිරි ගවයින්ට අවශ්‍ය තණ භූමි සපයා ගැනීමට අපහසු වීමත්,ගවයින්ගේ ආහාර වලට අධික මුදලක් වැය කිරීමට සිදුව තිබීමත් නිසා බව හෙතෙම පැවැසීය. මේ කරුණු සළකා බලා පශු කර්මාන්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ගොවීන්ට ඉඩම් ලබා දීමට වගකිව යුතු අංශ දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇතැයිද,සත්ත්ව ආහාර නිශ්පාදනය කෙරෙන පොල්ගහවෙල පිහිටි කර්මාන්ත ශාලාවේ ආහාර නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට උපදෙස් දී ඇතැයිද ඔහු කීය.



අදහස් (0)

තණ බිම් නැති නිසා කිරි නිෂ්පාදනය අමාරුයි

ශ්‍රීනාත් Friday, 03 August 2012 09:28 PM

ක්‍රිකට් ගහන තණතීරු වල නඩත්තුවට වියදම් කරන මුදල් මේ ගවයින් සදහා ඇති තණ තීරු වල තණකොළ හිටවන්න යෙදෙවුවොත් හොද නැද්ද? (නි)

:       0       0

සුමනා Wednesday, 01 August 2012 06:20 PM

කොහොම වුණත් සමහර අය රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න කැමති නැහැ. (නි)

:       0       0

අභේරත්න Thursday, 02 August 2012 11:52 AM

පාරේ හළපු කිරි වල විපාක තමයි ඔය ගෙවන්නේ. හොද වැඩේ. (නි)

:       0       0

පාලිත Thursday, 02 August 2012 11:52 AM

කිරි පාරවල් වල හැළිමේ විපාකය තමයි මේ........ (නි)

:       0       0

චානක Tuesday, 14 August 2012 01:40 PM

අයියෝ සල්ලි

:       0       0

අශාන් Thursday, 23 August 2012 05:30 AM

අපේම ලස්සන කාන්තාවක් තමයි අපේ ජාතියට පිටි කිරි බොන්න පුරුදු කළේ. (නි)

:       0       0

සාගරිකා Thursday, 09 August 2012 10:48 AM

දිනපතා අපතේ දමන කිරි ලීටර් 60,000 ගැන කුමක් හෝ පියවරක් ගත් පසු ඉන්පසු අනෙක් දේවල් ගැන සිතිය හැකියි. (නි)

:       0       0

අහිංසා Friday, 07 September 2012 12:33 PM

අපි දැක්කා කිරි බව්සර් වලින් අහකදමනවා (ස)

:       0       0

සමන් Friday, 03 August 2012 12:55 PM

මම නම් මේකට එකග නැහැ. බලන්න අරාබියේ මිනිසුන් තණ බිම් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. http://www.valleyirrigation.com/page.aspx?id=13 (නි)

:       0       0

චන්දිමා Thursday, 02 August 2012 01:59 PM

මිල්කෝ සමාගම රුපියල් මිලියන 750කට ගෙනාපු කිරි සාදන යන්තර දෝෂ සහිත ඒවා නිසා කිරි බවුසර පිටින් ඉවත් කරනවා කියන්නේ ඇත්තද?(නු)

:       0       0

අමිල Wednesday, 01 August 2012 10:01 PM

අපි හිතුවේ මේවා හුගක් කට්ටිය කනවා ඇති කියලයි. (නි)

:       0       0

කළුපහණ Saturday, 08 September 2012 03:39 PM

පිටිකිරි බොන්නේ යුරෝපයේ රටවල ලෙඩ්ඩු නැත්නම් ශ්‍රීතකරණයක් නැති කෙනෙක් තමයි..!!(නු)

:       0       0

පාලිත Wednesday, 01 August 2012 11:35 PM

කිරි ටික අපතේ යවනවා කියලා කතාවක් තියෙනවා. ඇමති තුමනි,කිරි නිශ්පාදකයන්ට මාස ගණනක මුදල් ගෙවා නැතැයි කියලත් කියනවා. කිරි නිශ්පාදකයන් වෙනුවෙන් මේ ටිකත් සොයා බලන්න. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 02 August 2012 10:46 PM

මෙහෙම වෙලා තියෙන්නේ නිසි සැළසුමක් සහ ප්‍රතිපත්තියක් නැති නිසයි. (නි)

:       0       0

පාලිත Thursday, 02 August 2012 10:55 PM

ඇයි තණ බිම් වගා කරන්න බැරිද? (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 22 August 2012 07:20 PM

දියර කිරි ප්‍රමාණය වැඩි කරන්න රජය පියවර ගන්නවා මදි. පිටිකිරි කියන්නේ ලෙඩ ගොඩක්. (නි)

:       0       0

අරුණ Sunday, 02 September 2012 02:17 PM

තණ බිම් හදමු (දී)

:       0       0

සංජීව Thursday, 02 August 2012 06:57 AM

ඇයි එකපාරකුත් කිරි විකුණගන්න බැහැ කියලා පාරේ හැළුවනේ.... (නි)

:       0       0

ෂෙරීෆ් Sunday, 05 August 2012 08:54 PM

ඇත්තෝ කිරි බොති, නැත්තෝ විරිත්තති. (නි)

:       0       0

ලලිත් Friday, 03 August 2012 03:39 AM

කවුද කියන්නේ ආනයනය සම්පුර්ණයෙන්ම නවත්වන්න කියලා? මෙතැන තියෙන්නේ තණකොළ ප්‍රශ්නය නොවෙයි. අපි කිරි බොන්න පුරුදු වෙලා තියෙන විදියෙ වැරැද්දක්‌. නවසීලන්තයෙ කිසිම කෙනෙක්‌ පිටිකිරි බොන්නේ නැහැ.අනිත් එක කිරි පිටි කරනකොට, ස්වභාවික මේදය අයින් කරලා වෙනත් තෙල් වර්ග කෘතිමව එකතු කරන බව දන්නේ අපේ කිහිප දෙනෙක් විතරයි. ඇයි මේ කිරි බිව්වහම මහත් වෙන්නේ කියලා කෙනෙක්‌ හිතුවා නම් උත්තරය එතැනයි. තණ භූමි වවනවාට වඩා රජය මේ ගැන මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් කළා නම් ඉදිරියට සෞඛ්‍යය වෙනුවෙන් වැය කරන මුදල් අඩු කරගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

සුමුදු Monday, 06 August 2012 04:05 PM

කිරි පාරේ හැලුවට දඩුවම තමයි මේ. දැන් ඉතිං කිරි බීලත් අහවරයි. (නි)

:       0       0

ප්‍රේමන්ත Wednesday, 22 August 2012 09:18 PM

එතකොට අතිරික්ත කිරි ඉවත දමන්න වෙනවා කියන කතාව මොකක්ද? පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවොත් නේද හොද. (නි)

:       0       0

චාමි Friday, 07 September 2012 08:11 AM

ඇයි මෙහෙම බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්නේ? (නි)

:       0       0

චන්දන Monday, 06 August 2012 04:30 PM

පිදුරු හොද ආහාරයක් වෙනවා ගවයින්ට. ගිනි නොතියා උන්ට දෙන්න පුලුවන්නේ. (නි)

:       0       0

ගීත් Tuesday, 07 August 2012 07:15 PM

සමහරක් කරන වැඩ නිසායි අද සතුන් ආහාරයට ගන්න තණ බිම නැතිවී ගිහින් තිබෙන්නේ (අ)

:       0       0

කැප්පෙටිපොළ Saturday, 11 August 2012 08:44 AM

අනේ ඇයි? එහෙනම් කිරි අහක දන්නේ .නිකන් බොරු කියන්න එපා .ඉස්සෙලම MILCO එකේ ටැංකි වල දරිතාවය වැඩි කරන්න .ඊට පස්සේ දැන් කිරි එකතු කරන්නේ උදේ වරුවේ විතරනේ ,හවස් වරුවේත් එකතු කරන්න .එත කොට බලන්න කිරි නිෂ්පාදනය වැඩි වෙන්නේ නැද්ද කියලා .කිරි ගබඩා කිරීමේ පහසුකම වැඩි කරනවා වෙනුවට කරන්නේ වැඩකට නැති යන්ත්‍ර ලොකු කොමිස් කුට්ටියකට මෙහෙ ගෙනල්ල හයි කරලා ලංකාව නැති කරන එකනේ. (දී)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:56 AM

අර හැටන් පාර පුරා කිරි දෝරේ ගැලුවේ මොකද එතකොට (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 185 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 69 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 30 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 44 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 49 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 18 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 426 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 920 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site