තම මාසික වේතනයෙන් කොටසක් යොදවා පසුගිය සමයේ දන්සැලක් දිමට සඳහා සංවිධානය වු එල් ඕ එල් සී රක්ෂණ සමාගමේ සේවක සේවිකාවෝ එම මුදලින් තෑගි බෝග රැගෙන මතුගම වලල්ලාවිට තල්පැදිවෙල කනිටු විද්‍යාලයට පැමිණියහ
දරුවන්ට ඔසවාගත නොහැකි තරමේ අත පිරෙන්න තෑගිගෙන තිබූ අතර නිල ඇඳුම් සපත්තු මේස ද ඒ අතර තිබුණි.
විද්‍යාලයේ සියළුම දරුවන් වෙත මෙසේ ත්‍යාග ලබා දුන් ඔවුන් ගුරුමහත්ම මහත්මින්ටද තෑගි ගෙනවිත් තිබුණි.ක්‍රීඩා උපකරණ පාසල් ඉගැනුම් උපකරණ, පාසලේ ප්‍රථමාධාර සඳහා බෙහෙත් ද දරුවන් වෙනුවෙන් ආහාර පාර්සල්ද මෙහිදී බෙදා දුන්හ
පැමිණි පිරිස වෙනුවෙන් විද්‍යලයේ දරුදැරියන් සහ තල්පැදිවෙල ගැමුණු පෙරපාසලේ දරුදැරියන් ඔවුන්ගේ නැටුම් ගැයුම් මෙහිදී ඉදිරිපත් කරමින් උත්සවය හැඩ කළහ.
තල්පැදිවෙල කනිටු විදුහලේ විදුහල්පතිනි මාලනි කුසුමලතා මහත්මිය ,වසන්ත ගම්මන්පිල මහතා සහ තල්පැදිවෙල ගැමුණු පෙරපාසලේ රුෂිකා මනෝහාරී ගුරුමහත්මිය ඇතුළු මව්පියන් විසින් සංවිධානය කළ උත්සවය සඳහා එල් ඕ එල් සි රක්ෂණ ආයතනයේ සාමාන්‍යාධිකාරි හේෂාන් ෆර්ඩිනැන්ඩි ,ජ්‍යෙෂ්ඨ කළමනාකාර ෂමින්ද කොළඹගේ ,කළමණාකරු උදිත කොළඹගේ ,කළමණාකාරී ශ්‍රියෝණි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් ඇතුළු සුබසාධක සංගමයේ පිරිසක් එක්වූහ..
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තල්පැදිවෙලට නෑයෝ එති
නිලුපුල් Tuesday, 01 July 2014 10:40 AM
එම දරු පැටියන්ගේ ළමා ලෝකයට සුන්දර දවසක් උදාකළ එම සත් ක්‍රියාවට වචනයකින් හෝ දායක වූ සැමට තෙරුවන් සරණින් දෙව්රකවරනින් නිදුක් නිරෝගී සුවය පතමි........සාදු..සාදු. (දී)
සිල්වා Friday, 04 July 2014 03:12 PM
ඉතාම හොඳ වැඩක් අගය කරනවා !! (ස)
ජෝන් Sunday, 29 June 2014 04:02 PM
අගේ කල යුතු වැඩක් (දී)
ප්‍රියන්ති Thursday, 10 July 2014 03:30 AM
හරිම හොඳ වැඩක් ..ආදර්ශමත් වැඩක්..ජයෙන් ජය ඔබලාගේ ජීවිතයට (දී)
කරිෂ්මා Tuesday, 08 July 2014 10:13 AM
අැත්තෙන්ම දන්සැලක් දෙනවට වැඩිය ලොකු පිනක් (නදී)
අශාන් Sunday, 29 June 2014 04:49 PM
මෙවැනි මිනිසුන් මුළු ලොවටම වාසනාවකි. සිතට අප්‍රිය පුවත් හැමදාම දකින අපිට මෙවැනි පුවත් ඇසීමත් සතුටකි.ඔබ සැමට වැඩි වැඩියෙන් ලැබේව !(දී) ,
දිල්රු Monday, 30 June 2014 11:40 AM
අගය කරනවා (දී)
නිල්මිණි Monday, 30 June 2014 05:35 PM
ඉතාම හොද වැඩක් ,වැඩි වැඩියෙන් ලැබේවා (දී)
ජයතිස්ස Saturday, 05 July 2014 12:22 PM
ඉතාම සතුටුදායක පුවතක් සහයෝගය දැක්වූ හැම දෙනාටම තෙරුවන් සරණයි (නදී)