ශ්රී ලංකාවේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉන්දියා ඔයිල් සමාගම සැරසේ. මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඇමරිකා ඩොලර් කෝටි 360කි. (රුපියල් කෝටි 47,160) ඉන්දියා ඔයිල් සමාගම, ඉන්දියාවෙන් බැහැර රටක පිහිටුවන ප‍්‍රථම තෙල් පිරිපහදුව මෙයයි. මේ සම්බන්ධයෙන් වන මූලික විමර්ශන කටයුතු දැනටමත් සිදුකර අවසන් බව ඉන්දියා ඔයිල් සමාගමේ නිලධාරියෙක් පැවසීය. ඉදිරිවැඩකටයුතු සඳහා රජය සමඟ සාකච්ඡා අරඹා ඇතැයිද, මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේම නව තෙල් පිරිපහදුව ඉදිකිරීමට භූමියක් වෙන්කර දීමට රජය එකඟතාව පළකර ඇතැයිද හෙතෙම කීය.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක
සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්
මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
තව තෙල් පිරිපහදුවක්
තරුෂ Wednesday, 01 August 2012 05:24 PM
ඇයි මේක හම්බන්තොට හදන්න බැරි? තෙල් නැවු එහේ වරායට ගෙන්නන්න පුලුවන්නේ. (නි)
සුජිත් Monday, 06 August 2012 08:08 AM
මේක නම් සුභ ළකුණක් නොවෙයි. (නි)
රනිල් Thursday, 02 August 2012 11:26 AM
අපට හැම වෙලාවෙම හරහට ඉන්න අල්ලපු රට හැර ඕකට වෙන රටක් ඇත්තෙම නැද්ද? අනික අපේ රටේ ව්‍යාපාරිකයෝ නැද්ද ඕවට අත ගහන්නට කෝ මේ ඊනියා දේශප්‍රේමියෝ...!!(නු)
සිසිර කුමාර Tuesday, 31 July 2012 01:40 PM
ඉන්දියාව ඕක කරන්නෙ ආසාවට නම් නෙමෙයි...??(නු)
පියුමි කුමාරි Tuesday, 31 July 2012 01:52 PM
ලංකාවෙ භූමියක් පිටරටට දෙන්නේ ලංකාවෙ මිනිසුන්ට ඒවායේ ආයෝජනයට කරලා තෙල් පිරිපහදුවක් කරන්න බෑ කියලා හිතාගෙනද? ලංකාවෙ මිනිසුන් ඒවාට හුරු කරන්න බැරිද?(නු)
සිල්වා Friday, 10 August 2012 08:02 PM
බාල තෙල් දාන්න (දී)
සුනිල් Tuesday, 31 July 2012 02:44 PM
ලංකාව ඉන්දියාවෙ තවත් ප්‍රාන්තයක් බවට පත්වෙන ලකුණු සනාථයි.. තව වසර විස්සකින් විතර..(නු)
සජී Friday, 03 August 2012 01:16 PM
මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)
බමුණුසිංහ Monday, 06 August 2012 11:22 AM
ඉන්දියන් කාරයොත් අපිට එපා. එයාලගේ තෙලුත් එපා. (නි)
නිවන්ත Tuesday, 31 July 2012 03:11 PM
යුද්ධෙ තිබ්බ කාලේ තිබුණු එඩිතරකම දැන් නැද්ද (අ)
වරුණ Tuesday, 31 July 2012 03:27 PM
මේ තරම් බාල ඩීසල් සහ පෙට්‍රල් ගෙනෙන රටක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති..තව මොනවාද පිරිපහදු කරන්නෙ..?(නු)
චන්දිමා Thursday, 02 August 2012 02:11 PM
හරිනේ ඉතින්? ඕකටනෙ අපේ අය ඛණිජ තෙල් සංස්ථාව බංකොලොත් කරවන්නේ...!!(නු)
අනුශානි-මාතර Tuesday, 31 July 2012 04:31 PM
අපේ රටේ තෙල් උනාට ලාභ ඉන්දියාවට,මේකෙන් අපේ රටේ මිනිස්සුන්ට සෙතක් වෙයි කියල නම් හිතන්න බෑ,ඊට පස්සෙ ඉතින් එයාල කියන විදියට කරමුකෝ.මේක එයාලට තව හොද ආයුධයක් අපිව පාලනය කරන්න...(නු)
ධම්මික Thursday, 09 August 2012 12:38 PM
අනිවාර්යයෙන්ම අවුලක්...!!(නු)
සරත් Tuesday, 31 July 2012 04:52 PM
ලංකාවෙ අනාගතේ ගැන හිතන්නත් බයයි..!!(නු)
අමිල-ඩුබායි Thursday, 02 August 2012 12:51 AM
තෙල් පිරිපහදුවක් නෙවෙයි. හෑමදාම රැවටෙන මෝඩ මිනිස්සුන්ගේ ඔලු ටික හොදට පිරිසිදු කරන්න පුලුවන් විදියෙ උපකරණයක් තිබුණා නම් තමා හොද. එතකොටවත් හොද දේශපාලකයන් තෝරා ගනීවි. නෑත්නම් මොනවා තිබුණත් හැමදාම වෙනදේ ම වෙයි. (නි)
වික්ටර් Saturday, 11 August 2012 04:43 AM
කොමිස් මහත්තැන්ලාගේ වැඩක් ??????.(ස)
අජිත් Thursday, 02 August 2012 09:42 AM
තවත් හොර තෙල් අපිට ලැබෙයිද දන්නේ නැහැ. (නි)
තිස්ස Monday, 06 August 2012 05:47 PM
නව තෙල් පිරිපහදුවට හම්බන්කොට වඩාත්ම හොදයි. වරාය ආසන්නයේ ඉඩම් ද ඇත. ඉන්දියාව තෝරා ගැනීමට වඩා පකිස්තානය, චීනය හෝ රුසියාව යන රටවලින් එකක් තෝරා ගන්නවා නම් හොද නේද?..... (ත)