කොමර්ෂල් බැංකුව 2025 SLIM කැන්ටාර් ජනතා සම්මන උළෙලේ ‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකු සේවා සන්නාමය’ ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් තේරී පත්වී ඇත.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය බුද්ධි ආයතනයක් වන කැන්ටාර් හි පර් යේෂණ මත පදනම්ව පිරිනමන ලද මෙම සම්මාන ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික පිළිගැනීම සඳාහා වන උසස්ම සාක්ෂිය ලෙස සැලකේ. මෙය විනිශ්චය මණ්ඩලයකින් තොරව සම්පූර්ණයෙන්ම පාරිභෝගික ඡන්දවලින්ම තීරණය වන අතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය හා පක්ෂපාතිත්වය දිනාගන්නා ලද සන්නාම සහ පෞරුෂයන් හඳුනා ගනියි.
මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත කෙරෙහි බැංකුවේ සේවාවලින් අඛණ්ඩව ඇති කරන බලපෑම මෙන්ම බැංකුවේ සන්නාමය ගොඩනැගීමේ ප්‍රයත්න සහ අලෙවිකරණ මුලපිරීම්වල සඵලතාව පිළිබඳ මෙම සම්මානය සාක්ෂියක් වන බව බැංකුව පවසයි. බැංකුවේ ගනුදෙනුකරුවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම, නව්‍ය ප්‍රචාරණ සහ උසස් බැංකු අත්දැකීම් ලබා දීමට ඇති කැපවීම ද මෙම පිළිගැනීමට ඉවහල් වී ඇත.
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව සහ රටේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ මූල්‍ය සමාගම වන්නේය. එය මිලියන හතරකට අධික ගනුදෙනුකරුවන්ට සෘජුවම සේවා සපයන අතර ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම ණය ලබාදෙන්නා සහ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට (SME) විශාලතම ණය දෙන්නා වේ.
බැංකුව සිය සන්නාමය සංවර්ධනය කිරීමට උපාය මාර්ගිකව ගොඩනගන ලද තේමාත්මක සන්නිවේදනය, කලාපීය සහ ජාතික මට්ටමින් අවස්ථා සඳහා අනුග්‍රහය දැක්විම සහ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර හරහා සන්නාමයේ අගය වර්ධනය කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. සියලුම සන්නිවේදනය ත්‍රෛභාෂා වෙළෙඳ ප්‍රචාරණ ඇතුළත්ව සෑම තරාතිරමකම පාරිභෝගිකයන් හා සම්බන්ධ වන බව බැංකුව සහතික කරයි. සිය ආයතනික වෙබ් අඩවිය සහ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් අනුව බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව YouTube” Facebook සහ Χ හි ද ප්‍රමුඛ තැනක් දරයි.
කොමර්ෂල් බැංකුව LMD හි වාර්ෂික “වඩාත් ගෞරවනීය ආයතන” ලැයිස්තුවේ “වඩාත් ගෞරවනීය බැංකුව” ලෙසද අඛණ්ඩව වසර 20ක් ශ්‍රේණිගත වී ඇත.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තෙවැනි වසරටත් ‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකු සන්නාමය’ කොමර්ෂල්