2025 වසර සඳහා වූ අය වැය යෝජනා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාතික ජනබලවේගය ආණ්ඩුවේ මුල්‍ය ප්‍රතිපත්ති ඉදිරි කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ කෙරෙහි තීරණාත්මක සාධකයක් විය හැකිය. වසර දෙකකට පමණ පසු පසුගිය වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 5.5 ක් විය. වාණිජ බැංකු පොලී අනුපාත හා උද්ධමනය හිතකර ආකාරයකට පාලනය කරගන්නට සමත්ව තිබේ. විදේශ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 6.1 දක්වා ශක්තිමත් ස්ථානයක පසුවේ.
ආණ්ඩුව මෙතෙක් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ආර්ථික ස්ථාවරභාවයට හේතු වී තිබේ. මෙතැන් සිට ඉදිරියට වර්ධනයක් කරා ගමන් කරන ආකාරය දෙස දෙස් විදෙස් ආයෝජන අංශ බලා සිටිනු ඇත.
ආර්ථික අර්බුදයක පසු වූ කාලසීමාවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මාස හතළිස් අටක් දක්වා විහිදෙන විස්තීරණ ණය වැඩ සටහනක් අනුමත කළ අතර එකී කාලයෙන් හරි අඩක් අවසන්ව තිබේ. ආදායම ඉහළ නංවන යෝජනා, ක්ෂුද්‍ර මුල්‍ය ප්‍රතිපත්ති, ණය ආපසු ගෙවන ක්‍රමවේදය, බදු සංශෝධන, ආයෝජන ලබාගැනීම සහ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ තීරණ වශයෙන් අලුත් අදහස් සැලකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුව ඉදිරියේ ඇත.
රජය ඉදිරිකාලය තුළ ආර්ථික වර්ධනයක් අරමුණු කරගෙන අනුගමනය කරන ආර්ථිකයේ මුලික රාමුව අද ඉදිරිපත් කරන අය වැය මගින් ප්‍රකාශයට පත්වනු ඇති අතර, කොටස් වෙළළෙද පොළ ගනුදෙනු ආරම්භ කරන අතරවාරයේ අය වැය ද ඉදිරිපත් කරන හෙයින් එහි සෘජු බලපෑම මෙදින ක්‍රියාකාරීත්වයට වහාම බලපෑමක් විය හැකිය.
ඉකුත් සිකුරාදා (පෙබ. 14) අය වැය පූර්ව මිල දී ගැනීම් වාර්තාකරන ලද අතර එදින ගනුදෙනු පිබිදීමක් සනිටුහන් කළේය. සියලු කොටස් මිල 16,936.69 ක් වූ අතර, එය දර්ශක 358.47 ක වර්ධනයකි. එස් ඇන් ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,035.21 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 90.61 ක වර්ධනයක් සේ දැක්විය හැකිය.
නිරීක්ෂක
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දිනයේ ගනුදෙනු තීරණය කරන අය-වැය