නාඋල - ඉන්දික අරුණ කුමාර
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් තක්කාලි වගාව කරනු ලබන්නේ බදුල්ල, නුවරඑළිය, මහනුවර, අනුරාධපුර, රත්නපුරය, සහ මාතලේ යන දිස්ත්‍රික්කවලය.
මෙරට සමස්ත තක්කාලි නිෂ්පාදනයෙන් සියයට 80ක් පමණ එම දිස්ත්‍රික්ක හයේ ඇති වගාබිම්වලින් ලැබෙන අතර ඒ අතර මාතලේ දිස්ත්‍රික්කය තක්කාලි වගාව සම්බන්ධයෙන් විශේෂත්වයක් උසුලයි.
තක්කාලි වගාවට වෙළෙඳපොළේ තිබෙන ඉල්ලුම නිසා ඉන් සැලකිය යුතු ආදායමක් ලබාගත හැකි අතර, මේ ලිපිය ලියැවෙන්නේ වසර 20 ට 30 කට පෙර මාතලේ - නාඋල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බිබිල ග්‍රාමයේ වගා කළ දේශීය තක්කාලි හෙවත් ගොරක තක්කාලි වගාවට සිදුවූ බරපතළ හානිය පිළිබඳවය.
නාඋල බිබිල ගොවීන්ට අනුව එක් තක්කාලි ගසකින් කිලෝ පහක් හයක් පමණ ලබාගත හැකිය. අවම කෘෂී රසායන භාවිතයෙන් වගා කටයුතු සිදුකරගෙන ගිය ගොරක තක්කාලි වගාවේ නිරත ගොවි පවුල් ගණන අතිමහත්ය.
මහියංගණය බිබිල ප්‍රදේශයේ දේශීය දොඩම්වලට පැවැති ප්‍රසිද්ධිය සේම නාඋල බිබිල ප්‍රදේශය ගොරක තක්කාලිවලට ඉතා ප්‍රසිද්ධියක් තිබුණි.
එහෙත් අද වන විට දේශීය තක්කාලි වෙනුවට දෙමුහුන් බීජවලින් තක්කාලි වගා කරන බිබිලේ ගොවි පවුල් 150 - 200 පමණ පිරිසේ අතීත අත්දෑකීම් ලංකාදීප පාඨක ඔබ වෙනුවෙන් අපි සොයා ගියෙමු. එහිදී අපට මුලින්ම මුණගැසුණේ අවුරුදු පහළවේ සිට බිබිල ප්‍රදේශයේ තක්කාලි වගාවේ නිරත ගොවි මහතෙකි.
බිබිල හුරිකොටුව වත්ත, පදිංචි සෙනරත් බණ්ඩා (66) සිය අතීත අත්දැකීම් දිග හැරියේ මෙලෙසිනි.
‘යල කන්නයේ වගේම මහ කන්නයේ ගොවීන් 20-30 ක් වගේ තමයි ගොරක තක්කාලි හදන්න ගත්තේ. ඒ කාලෙ කඳු උඩ වගේම හේන්වලත් වගා කටයුතු කෙරුණා. වතුර තිබුණේ නෑ අද වගේ. බිබිලේ අක්කර හැටක විතර ඒ කාලේ තක්කාලි හැදුවා.
අපි අස්වැන්නේ පලවැනි ගෙඩි වලින් බීජ හදාගත්තා. එක ගහක යල් කන්නයේ කිලෝ පහක් හයක් විතර හැදුණා. එක පොහොර මුරයයි වගාව ඉවර වෙනකම්ම දැම්මේ. කෘමි නාශකත් විශේෂයක් නෑ. කලාතුරකින් තමයි තෙල් ටිකක් ගැහැව්වේ.
අනිත් කාරණේ තමයි වැඩට කුලියට ගත්තේ නෑ කවදාවත්. ගෙවල්වල අයම තමයි කොටුවල වැඩ කළේ. අගෝස්තු මාසේ පෑවිල්ලට කොහොම හරි මහන්සිවෙලා වතුර දානවා. මොක ද අනිවාර්යයෙන් සැප්තැම්බර්වල වහිනවා. ඒ වැස්ස බලාගෙන තමයි ගොවිතැන් කළේ.
අනිත් එක ඉතාම හොඳ රසයක් තිබ්බා ඒ තක්කාලිවල. මේ ගම්මානේ හැම දෙනෙක්ම තක්කාලි වලින් තමයි සේරම අවශ්‍යතා ඉටුකර ගත්තේ. ළමයි ඉගෙන ගත්තේ, ගෙවල් හැදුවේ, වාහන ගත්තේ මේ සේරම කළේ තක්කාලි වලින්.
ගොවීන්ගෙන් විද්‍යාමාන වූ කරුණු අතරේ සොබාදහම හා බැඳුණු දේශීය තක්කාලි වගාවට කණකොකා හඬන්නේ පිටරටින් ආනයනය කරන දෙමුහුන් තක්කාලි වෙළෙඳ පොළට පැමිණීමත් සමගය.
බිබිල, නාඋල පදිංචි ආර්.එම්.කේ. රත්නායක (53) මහතා මේ අතර සිය අත්දැකීම් විස්තර කළේ මේ අයුරිනි.
‘දැන් ඉතින් අපි හදන්නේ පැටීනා කියන තක්කාලි වර්ගය. අක්කරයකට ඒ බීජවලට විතරක් රුපියල් 54000ක් යනවා. ආධාරක ඉනි 8000 ක් යනවා. ඒකට රුපියල් 80000 ක් යනවා. මේවා කුඹුරු වලට ගෙනල්ලා හදලා ඉවර වෙනකොට රුපියල් එක් ලක්ෂ පනස් දහසක් විතර යනවා. පලවැනි පොහොර මුරේ දවස් පහළවක් යනකොට දාන්න ඕනේ. ආයේ මාසයක් යනකොට පොහොර දාන්න ඕනේ. මාස දෙක යනකොට අස්වනු නෙළනවා. ගෙඩි කඩලා පහුවැනිදට ආයේ පොහොර දාන්න ඕනේ. නැත්තන් අස්වැන්න ගන්න බැහැ.
පළවැනි මුරේට පොහොර මිටි හයයි. (කිලෝ 50 x 6 = කිලෝ 300 යි එළවළු පොහොර) මාසයක් යනකොට ආයේ පොහොර මිටි හයක් දාන්න ඕනේ. ඒ කියන්නේ ආයෙත් කිලෝ 300 ක් දානවා. අක්කරයකට. ඒ කියන්නේ පොහොර මිටි 12 යි. ඊට පස්සේ පොළොවට වැටෙන්නේ කොච්චර ද කියන්න බෑ. අස්වැන්න නෙළන ප්‍රමාණයට නැවත නැවත පොහොර දාන්න ඕනේ. අස්වැන්න අරන් සතියක් සතියක් ගානේ පොහොර දාන්න ඕනේ. එහෙම දැම්මේ නැත්නම් ඵලදාව ගන්න බෑ.
අක්කරේකින් තක්කාලි කිලෝ 25000 ක් විතර කඩන්න පුළුවන්. ඒ ගාන කඩන්න අවම වශයෙන් පොහොර 1000 ට ආසන්න ප්‍රමාණයක් පොළවට දාන්න ඕනේ.
අනිත් කාරණේ තමයි කෘමි නාශක යෙදීම. මේ නව තක්කාලි බීජ වලට එක මුරේකට රුපියල් 25000 ක් විතර යනවා. අස්වැන්න නෙළලා ඉවර වෙනකොටම කෘමි නාශක තෙල් වර්ග ගහන්නම ඕනේ. නැතිනම් වගාවට ලෙඩ එනවා.
වැව අසල, බිබිල, නාඋල පදිංචි ආර්.එම්. සුජීව ධර්මන් රත්නායක (45) මහතා.
අවුරුදු ගාණකට ඉස්සරලා ගොරක තක්කාලි අරන් මේ ගමේ අය ගියේ නාඋල පොළට. එතන දී තමයි වෙළෙන්දෝ ඇවිත් තක්කාලි අරන් ගියේ. අද අපිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අරන් යන්න ඕනේ විකුණ ගන්න. තක්කාලි කිලෝවක් රුපියල් 150 කටවත් අවම තරමින් දුන්නේ නැත්නම් ආයේ තක්කාලි ගැන කතා කරලත් වැඩක් නෑ. එක මුරේකට ගොවියකුගේ තක්කාලි කිලෝ 2000-3000 කැඩෙනවා මයි. අද වැස්සොත් අයෙත් පහුවදා උදේට කෘමි නාශක ගහන්නම ඕනේ මේ තක්කාලි වලට.
අද වනවිට බිබිල ගමේ පවුල් 150 ක් විතර ප්‍රධාන ගොවිතැන විදිහට කරන්නේ තක්කාලි වගාව. අවුරුද්දේ කන්න දෙකකට හැදෙන තක්කාලි වලින් තමයි අපි හැමෝම අවුරුද්දක් ජීවත් වෙන්නේ. මේ රස්සාව වැරදුණොත් වැරදුණා හරි ගියොත් හරිගියා. රුපියල් 200 කට එහා මිලක් හම්බවුණොත් අයේ කතා කරන්න දෙයක් නෑ ඉතින්.
තක්කාලි ප්‍රවාහනයට ගන්න පෙට්ටියක් රුපියල් 230.00 යි. පෙට්ටි 100 ක් ගත්තොත් රුපියල් 23000.00 ක් යනවා. ඒ පෙට්ටි 100 දඹුල්ලට ප්‍රවාහනය කරන්න රුපියල් 8000.00 ගන්නවා. මේ තක්කාලි පෙට්ටි වගා බිමේ ඉඳලා ගෙදරට ගේන්න දෙන්නෙක් ඕනේ. අස්වැන්න කඩන්න හතර දෙනෙක් ඕනේ. ඒ අයට කන්න බොන්න දෙන්න ඕනේ. එක්කෙනකුට රුපියල් 2500.00ක් පඩි දෙන්න ඕනේ. කාන්තාවකට දවසකට 1500.00 ක් දෙනවා තක්කාලි කඩන්න. ඒ නිසා තමයි අපි කියන්නේ අවම වශයෙන් තක්කාලි කිලෝවකට රුපියල් 150.00 වත් අවම මිලක් ඕනේ කියලා. නැතිනම් ඉතින් තක්කාලි ගොවියෝ අසරණ වන එක වළක්වන්න බෑ.
අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි යල් කන්නය එනකොට වතුර නැහැ වගා කරන්න. ළිං ඉදිකර ගන්න විදිහක් නෑ. නළ ළිං වගේ ඉදිකර ගන්න ලොකු ගැටලු තියෙනනවා. වැව් වලින් සැතපුම් ගණන් දුර ඉඳන් වතුරු ගේන්න වෙනවා. ඒ සඳහා වතුර මැෂින්වලට ලාම්පුතෙල් යන ප්‍රමාණය කතා කරලා වැඩකුත් නෑ.
ඉස්සර හදපු ගොරක තක්කාලි වගේ නෙවෙයි මේ දෙමුහුන් බීජ වලට යන වියදම ඉතාම ඉහළයි. එදා අඩුම වියදමකින් අඩු කෘෂි රසායන ප්‍රමාණයකින් හදපු දේශීය තක්කාලි වඳ වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ දෙමුහුන් බීජ. මේ බීජ වෙළෙඳපොළට ආවට පස්සේ ගොවීන්ට පහසුකම් ඇතිවුණා වගේම ගුණාත්මක පැත්තෙන් යහපතක් වුණා කියලා කියන්න බෑ. අපි වගාවක් විදිහට මේ තක්කාලි වර්ග හදනවා.
එදා මේ බිබිලේ පොළවට මේ තරම් කෘෂි රසායන වැටුණේ නැහැ. සමහර විට අපි දැන් වගා කරන තක්කාලි බීජ තව ටික කාලයකින් මේ පොළවට හරියන්නේ නැති වෙයි. එදාට ගොවියෝ වෙනත් බීජවලට යයි. ඒ ගැන අපිට හරියට කියන්න බෑ.
මොකද කෘෂි රසායනවල යොදන්න කියලා සටහන් කරලා තියෙන ප්‍රමාණයට කිසිම ගොවියෙක් යොදන්නේ නෑ. ඒකට හේතුව ඒ ඒ කෘෂි රසායන යොදන්න ඕනේ කියලා තියෙන ප්‍රමාණයට යෙදුවට වැළඳෙන රෝග පාලනය වෙන්නේ නැහැ. ඒ නිසා ගොවියෝ තමන්ගේ අත්දැකීම් අනුව දන්නවා යොදන ප්‍රමාණය. ඒ නිසා ප්‍රමාණ වැඩිකරලා ගැහැව්වේ නැතිනම් රෝග පාලනය වෙන්නේ නෑ.’
දියමලන් කෑම, පූර්ව අංගමාරය, පශ්චිම අංගමාරය, ‘‘Target Spot” රෝගය (Caued by Corynespora cassiicola), පිටිපුස් රෝගය, ඇන්ත්‍රෑක්නෝස්,සෙප්ටෝරියා පත්‍ර පුල්ලි රෝගය, ගෙල කුණුවීම / මුල් කුණුවීම වැනි රෝග තක්කාලි වගාවේ දැකිය හැකි රෝග ලක්ෂණයි.
මෙම රෝග පාලනයට ගොවීන් විවිධ කෘෂි රසායන වර්ග ක්ෂේත්‍රයට යොදන අතර ඒවායේ ප්‍රමිතිගත ප්‍රමාණය පිළිබඳව ගොවීන්ට නිසි අවබෝධයක් නොමැත. ඔවුන් සිදුකරනුයේ සිය අත්දැකීම් අනුව කෘෂි රසායන යෙදීමය.
කෙසේ වෙතත් නිසි ක්‍රමවේදයක් යටතේ නිසි ජල සම්පාදන ක්‍රමයක් බිබිල ගොවීන්ට ලැබෙන්නේ නම් ලංකාවටම තක්කාලි සැපයිය හැකි බව ගොවීහු කියා සිටියහ.
අතීතයේ වඩාත් රසයෙන් ‘යුතු වූ ගොරක තක්කාලි ලංකාවේ තැනින් තැන අදටත් දැකගත හැකි වුවත් එය මහා පරිමාණ වශයෙන් වගා කළ බිබිල ගොවීන් අද වන විට වෙනත් වගා කෙරෙහිද අවධානය යොමු කර ඇත්තේ ආර්ථික වාසි සඳහාම නොව ඔවුනට අවශ්‍ය දේශීය බීජ නොමැති කම නිසාවෙනි.
ජාතික ප්‍රතිපත්ති සැකසීමේ දී මෙරට අදටත් පවතින දේශීය බීජ නිෂ්පාදනායතන නාම මාත්‍රික ආයතන නොකොට ලංකාවේ මහපොළවට සරිලන දේශීය බීජ යළි පැළ කිරීමට බලධාරීන්ගේ අවධානය වහා වහා යොමු විය යුතුය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ඒමට සහ ශ්‍රී ලංකාවෙන් පිටවීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගු
“LMD-PEPPERCUBE ව්‍යාපාර විශ්වසනීය දර්ශකයේ (BCI) ඉහළ යාමක් පෙන්නුම් කළත්, ආයතනික කවයන් තුළ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තවමත් අඩු මට්ටමක පවතින අතර, ඉන් 2025 අයවැයට පෙර පරෙ
පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර පිළිබඳව අදානි සමූහ ව්‍යාපාරය සමග ශ්‍රී ලංකාව එළැඹ ඇති ගිවිසුම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව ඒ පිළ
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලයේදී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙන
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමේ නවතම ව්‍යාපෘතිය ලබන පෙබරවාරි 01 වැනිදා ආරම්භ කර
මෙම වසරේ (2025) පළමු දින 22 තුළ විදේශ සංචාරකයන් 177,403 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දෙමුහුන් වගාවෙන් වැනසුණු බිබිලේ ගොරකා තක්කාලි