(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල 40% කින් පමණ අද(03) උදෑසන සිට පහළ වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
එළවළු මිල පහත වැටීම සඳහා හේතු පාදක වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් අද අලුයම විශාල වශයෙන් අඩුවීම යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින ලැබීම බව ද ඔවුහු පවසති.
පසුගිය සතියේ සෑම එළවළුවක්ම කිලෝ එකක තොග මිල රුපියල් 200 ඉක්මවා තිබිණි.පසුගිය සතියේ බොන්චි කිලෝවක තොග මිල රුපියල් 230 ත් 280 ත් අතර ඉහළ අගයක් ගෙන තිබිණි.මෙදින බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.බෝංචි මිල පහත වැටීම නිසා අනෙකුත් සෑම එළවලු කිලෝවකම තොග ගැනුම් මිල පහත වැටෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
ජාතික නිදහස් දිනය හෙට(4 දිනට) යෙදී තිබෙන නිසා රටේ දුර බැහැර ප්‍රදේශවල මෙන්ම කොළඹ ප්‍රදේශයේ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන බොහෝ දෙනාගේ අඩුවීම එළවළු මිල තවත් පහළ යෑමට හේතුවක් ව ඇති බව ආර්ථික මධ්‍යස්ථානයට මෙදින එළවළු රැගෙන ආ ගොවීහු කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් රටේ දිස්ත්‍රික්ක කිහිපයකින්ම "දෙල්" තොග වැඩි වශයෙන් ලැබී තිබිණි .දෙල් ගෙඩියක උපරිම මිල රුපියල් 130 සිට 140 දක්වා ඉහළ අගයක් ගෙන ඇත.ඉකුත් සතියේ රුපියල් පනස් පහක් ,හැටත් අතර ඉහළ අගයකට අලෙවි වූ පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30 දක්වා පහත වැටී තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින යාපනය ප්‍රදේශයෙන් වම්බටු, මෑකරල්, රතුලූනු, මඤ්ඤොක්කා, නයි මිරිස් ආදී එළවළු වර්ග රැසක් ලැබී තිබුණු බවත් ඉදිරි දින කිහිපයේදිත් ඇතැම් විට යාපනය අර්ධද්වීපයේ දඹුල්ලට ලැබුණහොත් තොග මිල සාමාන්‍ය අතට පත්වනු ඇති බවත් වෙළෙන්දෝ කියති.
ආර්ථික මධ්‍යස්ථානයේ පුරා විශාල හිඟයක් පැවැති අමු මිරිස් තොග ද මෙදින ආර්ථික මධ්‍යස්ථානයට සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමත් සමඟ රුපියල් 750 ත් -1000ක් අතර අලෙවි අමු මිරිස් කිලෝව මෙදින රුපියල් 750දක්වා අඩු මුදලකට අලෙවි වීම තවත් කරුණකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඹුල්ල ආර්ථිකයේ එළවලු තොග මිල සියයට 40 කින් පහළට