IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ඉහළට

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් සියලුම එළවලු වර්ගවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි  ව්‍යාපාරිකයෝ පවසති.

කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්, ලීක්ස්, බීට්, ගෝවා, මාළුමිරිස් ආදී එළවලු කිලෝවක තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර ඉහළ මිලක් ගනී.

පහතරට එළවලු වන වම්බටු, මෑකරල්, පතෝල, කරවිල, කැකිරි, පිපිඤ්ඤා, දඹල, ආදී එළවලු කිලෝවක තොග මිල ද රුපියල් 180 සිට රුපියල් 250ක් යටතේ අලෙවි වන බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
 
දේශීය රතුලූනු කිලෝවක තොග මිල රුපියල් 450ත් 550 ත් අතර මිලකට අලෙවි වේ. රතුලූනු වෙළෙන්ඳන් කියාසිටියේ යාපනයේ ප්‍රදේශයේ පමණක් ඉතා සීමිත රතුලූනු තිබීම හේතුවෙන් මිල ඉහළ යෑමට හේතු වී ඇති බවය. විදේශීය ලොකු ලූනු කිලෝවක  තොග මිල රුපියල් 110 සිට 120 දක්වා වූ මිලකට අලෙවි වන බව වෙළෙන්දෝ පවසති.
 
මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් එළවලු බොහෝමයක් විනාශ වීම මිල ඉහළ යාමට හේතුවී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
ඉදිරියේදී උත්සව සමය හේතුවෙන් එළවලු අලෙවි කරගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල දිනකට එළවලු ලොරි 600 ත් 700 අතර ලැබෙන බවත් එහෙත් මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය 70% කින් පමණ අඩු වී තිබීම නිසා එළවලු මිල ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද(16) එළවලු තොග මිල දර්ශකය

  • කැරට්  - රු  250 සිට 300 දක්වා
  • ලීක්ස් - රු 350 සිට 370 දක්වා
  • බීට් - රු 230 සිට 270 දක්වා  
  • ගෝවා - රු 100 සිට 140 දක්වා
  • මාළුමිරිස් - රු 250 සිට 300 දක්වා
  • බෝංචි  - රු 250 සිට 300 දක්වා
  • අමු මිරිස්  - රු 300 සිට 350 දක්වා
  • වම්බටු - රු 200 සිට 250 දක්වා
  • මෑකරල් - රු  200 සිට 250 දක්වා
  • පතෝල  - රු 150 සිට 200 දක්වා
  • කරවිල  -  රු  250 සිට 300 දක්වා
  • කැකිරි - රු  80 සිට 110 දක්වා  
  • පිපිඤ්ඤා - රු  150 සිට 180 දක්වා
  • දඹල -  රු  180 සිට 230 දක්වා
  • රතු ලූනු - රු 450 සිට 550 දක්වා

 



අදහස් (1)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ඉහළට

banda Monday, 16 December 2019 10:15 PM

හා. දැන් රතු ළූණු කනවද? බී ළූණු කීයද? දැන් සැපද ?

:       52       11

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 161 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 296 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 147 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 75 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 119 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site