IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


දේශීයව අගය එකතු කර එකලස් කරන TVS මෝටර් සයිකල් වෙළෙඳපොළට

ශ්‍රී ලංකාවේ යතුරු පැදි  වෙළෙඳපොළ නවතම දිශානතියකට රැගෙන යමින්  TVS  ලංකා සමාගම දේශීයව අගය එකතු කර එකලස් කරන ලද  TVS  යතුරු පැදි, ශ්‍රී ලංකාවේ සියලු‍ම අංශ නියෝජනය වන පරිදි (මෝටර් සයිකල්, ස්කූටර් සහ MOPED යතුරු පැදි) පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු   කරමින් සිටී. 

 ශ්‍රී ලංකාව ආර්ථික  වශයෙන් තීරණාත්මක අවස්ථාවකට අවතීරණය වී සිටින මෙවන් සමයක,දේශීයව අගය එකතු කිරීමේ වැඩසටහන යටතේ TVS ලංකා සමාගම යතුරු පැදි කර්මාන්තයෙහි දියුණුව උදෙසා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, එයින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට තිරසාර හා ලාබදායි ප්‍රවාහන විසඳුම් ලබා දෙනු ලබයි.

කර්මාන්ත අමාත්‍යාශයෙන් හඳුන්වා දුන් දේශීයව අගය එකතු කර වාහන එකලස් කිරිමේ සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ යතුරුපැදි එකලස් කිරීම සඳහා නවතම වාහන එකලස් කිරීමේ සංකීර්ණයක් රුපියල් මිලියන 500ක පමණ ආයෝජනයක් සිදු කර 2022 වසරේදී හොරණ ප්‍රදේශයේ ආරම්භ කරනු ලැබීය. මෙයින් ශ්‍රී ලංකාව තුළ සිටින වාහන අමතර කොටස් හා උපාංග නිෂ්පාදකයන් දිරි ගන්වමින් ඉන්දියාවේ TVS මව් සමාගම භාවිත කරන ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේද හා ප්‍රමිතිවල පුහුණුව ද ඔවුනට ලබාදෙමින් ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. එම උපාංග නිෂ්පාදකයන්ට සහ TVS සමාගම තුළ සේවය කරන සේවකයන්ට ද, ඉන්දියාවේ මව් සමාගම මගින් තාක්ෂණික දැනුම සහ පුහුණුව නිරන්තරයෙන් ලබා දෙමින් ඉහත කී කර්මාන්ත අමාත්‍යංශයේ වැඩ සටහනට නව මුහුණුවරක් කරා යොමු කිරීමට කටයුතු කරමින් සිටියි. 
TVS ලංකා පෞද්ගලික සමගෙමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා මෙසේ පැවසුවේය. “රුපියල අවප්‍රමාණය කළමනාකරණය කිරීම සඳහා දියත් වූ මෙම ප්‍රයත්නය ඉතාමත් කාලෝචිත යැයි අපි සිතනවා. ශ්‍රී ලංකාවේ අමතර කොටස් හා උපාංග නිෂ්පාදන අංශ දියුණු කිරීම සඳහා අප ඇප කැප වී සිටින අතර, මෙම වැඩ සටහන වෙනුවෙන් සිදු කළ ආයෝජනයෙහි ප්‍රතිඵලයක් ලෙස අපගේ උපාංග නිෂ්පදකයන් TVS සන්නාමය යටතේ ඔවුනට ලොව ඕනැම රටකට උපාංග අපනයනය කිරීමට හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා.

TVS ලංකා සමාගමේ  මෙම ප්‍රයත්නය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සහ දක්ෂ සේවකයන්ට රැකියා අවස්ථා ලබා දීමටත්, මෙම සැපයුම් දාමයට සම්බන්ධ දේශීය කුඩා හා මාධ්‍ය  පරිමාණ ව්‍යාපාරවලට (SME) සුවිශේෂී පිටුවහලක් ලබා දීමටත් හැකි වී ඇති අතර එය ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමටද සමත් වී ඇත. TVS ඉන්දියා සමග සහයෝගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා නව්‍ය සහ තිරසාර විසඳුම් ලබා දීමටTVS ලංකා සමාගම කැපවී සිටී.

TVS  ලංකා සමාගම වසර 30කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගමක් ලෙස, ප්‍රවාහන විසදුම්වල විශිෂ්ටත්වය වෙනුවෙන් විවිධ විශිෂ්ටතා සම්මාන ඇතුළු බොහෝ ඇගයීම් වලින් පිදුම් ලබා ඇත.



අදහස් (0)

දේශීයව අගය එකතු කර එකලස් කරන TVS මෝටර් සයිකල් වෙළෙඳපොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 55 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 22 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 24 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 32 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 17 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 17 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site