විමුක්ති එස් රුද්‍රිගු
සමස්තයක් ලෙස පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකිකයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 16,318 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් පසුගිය ජනවාරි මාසය සමග සංසන්දනය කරන විට පෙබරවාරි මාසයේදී මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල පහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා වල සඳහන් වේ.
පසුගිය ජනවාරි මාසයේදී සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයකුට අවශ්‍ය වූ අවම මුදල රුපියල් 16,334 කි. ඒ අනුව මෙරට සිව් දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 65,272 ක් මුදලක් වැය වේ. කෙසේ නමුත් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැඩිම මුදලක් වැය වන දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය වේ. පසුගිය පෙබරවාරි මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 17,599 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය. පසුගිය ජනවාරි මාසය සමග සංසන්දනය කරන විට පෙබරවාරි මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේද සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල සුළු වශයෙන් පහත ගොස් ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ පාර
ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනම මූලස්ථානයට පැමිණ දෙරට අතර සහයෝගීතාව අරමුණු කරගෙන ඉදිරි ක
සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB)] සමාගම, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය (Business Continuity Management) වෙනුවෙන් ISO 22301:2019 සහතිකකරණය හිමිකරගැනීමට පසුගියදා
Tata Motors හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරණ DIMO, ප්‍රමුඛ ප
ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී විසින් 2024 වසරේ දියත් කළ Drive Me වැඩසටහන 2025 ජනවාරි මාසයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි සම්මාන උළෙලක් පැවැත්වීමෙන් අවසාන විය.
ශ්රී ලංකාවට අනන්‍ය වූ සම්ප්‍රදායන්ට හා සංස්කෘතියට මුල් තැන දෙමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සිය වාර්ෂික නැව්තොටේ අලුත් අවුරුදු උත්සවය’ ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුප්පත් නොවී ඉන්න අවශ්‍ය අවම මුදල රුපියල් 16,318 ක්