IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නවීකරණය කළ එරික් රාජපක්ෂ නවතම ශාඛාව කොල්ලු‍පිටියේදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍ය කණ්ණාඩි අලෙවි කිරීමේ පුරෝගාමියා වන එරික් රාජපක්ෂ ඔප්ටිකල්ස්හි නවීකරණය කරන ලද නවතම ශාඛාව පසුගියදා කොල්ලු‍පිටියේදී ව්‍යාපාරිකයන්ගේ, වෘත්තිකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී. 

එහි සමූහ සාමාන්‍යධිකාරී චානක තිස්ස වීරසිංහ පැවැසුවේ අතීතයේ සිට පැවත එන එරික් රාජපක්ෂ ආයතනයේ සාරධර්මවලට ප්‍රමුඛතාව දෙමින් මෙම ශාඛාව විවෘත කළ බවයි. 1917දී ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍ය කණ්ණාඩි ආයතනය ලෙස ආරම්භ කළ දවසේ පටන් එරික් රාජපක්ෂ නාමයට අනන්‍යවූ ගුණාංග සහිතව අද දක්වාම ක්‍රියාත්මක වේ. 

වර්තමානය දක්වා කටයුතු කළ සියලු‍ම සභාපතිවරුන්ගේ මග පෙන්වීම යටතේ එරික් රාජපක්ෂ ආයතනය අඛණ්ඩ දියුණුවක් ලබා ඇත. “හොඳ කණ්ණාඩියක් - සාධාරණ මිලකට සෑම කෙනාටම පෙනීම නොව හොඳම පෙනීම තිබිය යුතුය” යන තේමාව ඔස්සේ තම ආයතනය කටයුතු කරන බව චානක තිස්ස වීරසිංහ පැවසීය. නව ශාඛාව අංක 341, ගාලු‍ පාර, කොල්ලු‍පිටිය ලිපිනයේ පිහිටා ඇති අතර එහිදී සතියේ දින පහ තුළ නවීන තාක්ෂණික සේවා සමඟ අක්ෂි විශේෂඥවරුන් හමු වී ඇස් පරීක්‍්ෂා කර ගත හැකිය. ලෝකයේ දැනට පවතින නවීනතම උපාංගවලින් සමන්විත එරික් රාජපක්‍ෂ දෘෂ්ටි විශේෂඥයන් වෙත වරක් පැමිණ නැවුම් අත්දැකීමක් විඳ ගන්නා ලෙස ජනතාවට ආරාධනා කරයි. ඡායාරූපයේ දැක්වෙන්නේ 108 වසරක විශිෂ්ටත්වය සැමරීම සඳහා එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයන්ගේ එකතුවේ ඇති පැරැණිම අක්ෂි ආරක්ෂණ උපකරණයක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා විසින් එළිදක්වනු ලබන ආකාරයයි.



අදහස් (0)

නවීකරණය කළ එරික් රාජපක්ෂ නවතම ශාඛාව කොල්ලු‍පිටියේදී විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site