අංජුල මහික වීරරත්න
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (16) සිදු විය.
ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 2ක ධාරිතාවනින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.
චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය මාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. එසේම ඉතා ඉක්මනින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වන බවද ජනාධිපති කාර්යාලය කියයි.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක’ අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර යන මහත්වරුද ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.
පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.168 ක් සංචාරක කර්මාන්තයෙන් උපාය ගැනීමත් සමග මෙම වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5 ක මුදලක් උප
ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන බරපතළ ඖෂධ හිඟය විසඳීම සඳහා පුළුල් ප්‍රසම්පාදන නීතියක් පනවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන්, අදහස
ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන අපනයන ආදායම 2023 වසරේ පළමු මාස 11 ට සාපේක්ෂව පසුගිය වසරේ පළමු මාස 11දී ඇමෙරිකානු ඩොලර් බිලියන 11.67 දක්වා සියයට 7 ක ප්‍රතිශතයකින් වර්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස අරවින්ද ද සිල්වා මහතා පත් ක
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
නව තෙල් පිරිපහදුවට ඉදිකිරීමට චීනයේ සයිනොපෙක් සමග ගිවිසුමක්