IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

යොහාන් භාසුර


නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරි මස 59.0 ක දර්ශක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් ජනවාරි මස දර්ශනාංකය 58.5 ක් ලෙස වාර්තා වන බව එම බැංකුව පවසයි.

නිෂ්පාදන අංශයේ වර්ධනය සඳහා සියලු‍ම උප දර්ශක ධානාත්මක ලෙස දායක වී ඇති බවත් රෙදිපිළි සහ ඇඟලු‍ම් නිෂ්පාදන අංශයේ බොහෝ දෙනෙක් ජනවාරි මාසයේදී ක්‍රියාකාරකම් වර්ධනය කර ඇති බවත් මහ බැංකුව කියයි.

එය නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්ති සහ තොග මිල ගැනුම් උප දර්ශකවල වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූ බවත් දෙසැම්බර් මාසයේ උත්සව සමය නිමවීමෙන් අනතුරුව ආහාර සහ පාන නිෂ්පාදන අංශයේ තවදුරටත් යහපත් ක්‍රියාකාරීත්වයක් පැවැති බවත් එම බැංකුව සඳහන් කරයි.

නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ යෑමත් සමඟ ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ද ජනාවාරි මස තවදුරටත් ඉහළ ගොස් ඇති බවද කියන ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාරික වාතාවරණය තවදුරටත් වර්ධනය වනු ඇති බවට පවතින අපේක්‍ෂා හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිරි දැක්ම ධනාත්මක මට්ටමක පවතින බවද සඳහන් කරයි.

සේවා අංශයේ ණය දීම ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩ වර්ධනයක් ප්‍රදර්ශනය කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. 

 



අදහස් (0)

නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

අපට ආර්ථික ස්වෛරීභාවයක් නෑ
2025 පෙබරවාරි මස 20 49 1

ශ්‍රී ලංකාව හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් මෙවර අයවැයේදී ප්‍රමුඛතාව මත මූල්‍


නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්
2025 පෙබරවාරි මස 20 24 0

නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරි මස 59.0 ක දර්ශක අගයක් වාර්ත


අයවැය අපනයනයට ආර්ථික වර්ධනයට ශක්තියක්
2025 පෙබරවාරි මස 20 11 0

2025 අයවැය පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE)ද රජයට ප්‍රශංසා කරයි. රටේ විස්තීරණ ආර්ථික වර්ධනය සඳහා විවිධ දෘෂ්ටිකෝණවලින් ජාතික සංවර්ධනයට ප


පොරොන්දු කඩකළ අයවැයක්
2025 පෙබරවාරි මස 20 17 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2025 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස නොදකින බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඊයේ (19) ක


ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් අයවැයට කොළ එළියක්
2025 පෙබරවාරි මස 20 13 0

රජයේ මංගල අයවැය, ශ්‍රී ලංකාවේ බැංකු විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇති අතර, එය මූල්‍ය මාවතේ ප්‍රතිපත්ති අනුකූලතාව පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් බව පැවැසෙ


අයවැයත් එක්ක බිස්නස් හොඳ වේවි
2025 පෙබරවාරි මස 20 11 0

දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයකු මෙවර ‘මේ දවස්වල බිස්නස් කොහොමද’ විශේෂාංගය සඳහා එක්කරගත්තෙමු. ඔහු නමින් චරිත් ප්‍රිය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 103 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 384 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 167 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site