අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
පරාටේ නීතිය හරහා අර්බුදයට පත් වූ දේශීය ව්‍යාපාර සඳහා තවත් සහන ක්‍රියාවලියක් ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කර්මාන්තකරුවන් 20000ක් ගැන බැංකු සමග සාකච්ඡා කොට ඔවුන්ට අත දෙන්නට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය. අයි.ටී කර්මාන්තය සහ අනෙක් කර්මාන්ත සඳහා ප්‍රාග්ධන අරමුදලක් නිර්මාණය කරනවා. අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරන්න සැකසූ පළමු අයවැය ලෙස මේ අයවැය හඳුන්වන්න පුළුවන්. කර්මාන්ත වල ඉඩම් ගැටලුව විසඳීමට අප යෝජනා ඉදිරිපත් කර තිබෙනවා ප්‍රාග්ධන ගැටලුවට විසඳුම් ලබා දී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, වෙළෙඳපොළ අහිමි වූ ව්‍යාපාරිකයන්ට වෙෙළඳපොළ සැපයීමටත්, අවශ්‍ය පර් යේෂණ දත්ත ලබාදීමටත් සහතිකකරණය සහ පර් යේෂණ මෙන්ම කුසලතා සංවර්ධනය සඳහාත් බිලියන 16ක මුදලක් වෙන්කර තිබෙනවා.
මේ රටේ ව්‍යවසායකත්වය කර්මාන්තවලට සහාය දෙන්නේ කෙසේද යන්න පිළිබඳව වන ජාතික වැඩපිළිවෙළ සැකසීම සඳහා විශ්වවිද්‍යාල සමග එක්ව අප සාකච්ඡා කරමින් සිටිනවා. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ බිඳ වැටීමක් තිබෙනවා. ඒ සඳහාත් වෙනස්කම් සාකච්ඡා කරමින් ඉන්නවා.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පරාටේ නීතියෙන් අර්බුදයට ගිය ව්‍යාපාරවලට තවත් සහන