ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා විසඳුම් සැපයුම්කරුවකු වන ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පසුගියදා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ, කාර්ය මණ්ඩලයේ සහ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් සිය 20 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන ලදී. මෙරට සෞඛ්‍ය සේවා අංශය වෙත පසුගිය දශක ද්විත්වය තුළදී නව අරුතක් එකතු කරමින් නවෝත්පාදනය, සවිමත් බව සහ අසමසම විශේෂඥතාව සම්මිශ්‍රණය වූ ඒකාබද්ධ විසඳුම් ලබා දීමේ පුරෝගාමියකු ලෙස ඔවුන් සිය ස්ථාවරය සාර්ථකව සනිටුහන් කරගෙන ඇත.
මෙහිදී අදහස් දක්වමින් ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත කුලරත්න මහතා මෙසේ සඳහන් කළේය. ”ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය තුළ නව පරිවර්තනයක් කිරීමේ දැක්ම සහිතවයි.ඒ අනුව පසුගිය වසර 20 තුළ, විවිධ අර්බුදවලට සාර්ථකව ප්‍රතිචාර දක්වමින් රටේ සෞඛ්‍ය සත්කාර සහ පහසුකම් පිළිබඳ ප්‍රමිති නැවත අර්ථ ගැන්වීමට පුරෝගාමී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට අපිට හැකියාව ලැබුණා. අප ගොඩනගාගෙන ඇති විශ්වාසය, අපගේ නවෝත්පාදන සහ අපගේ සේවා ඔස්සේ අපට බේරාගැනීමට ලැබුණු ජීවිත ගැන අපි නිහතමානීව සතුටු වෙනවා.”
ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ආරම්භ කරන ලද්දේ ජාතියේ සෞඛ්‍ය සේවා පද්ධතියට විශාල හානියක් සිදුකළ 2004 වසරේ විනාශකාරී සුනාමිය ව්‍යවසනය මධ්‍යයේය. එම ආපදා තත්වය හමුවේ මෙරට රෝහල් පද්ධතිය දැඩි සේ බිඳ වැටුණු අතර, සුදුසු යටිතල පහසුකම් නොතිබුණු බැවින් ජාත්‍යන්තර ආධාරකරුවන්ගෙන් හිමිවූ උපකරණ භාවිත කිරීමට ද නොහැකි විය.එම අවස්ථාවේදී ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විදෙස් ආධාරකරුවන් සහ දේශීය සෞඛ්‍ය සේවා අංශය අතර අත්‍යවශ්‍ය ඉංජිනේරු පාලමක් ලෙස මැදිහත් වී සිය සේවය ලබාදෙමින් උපකරණ සැපයීමෙන් ඔබ්බට ගමන් කරමින් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නැවත ස්ථාපිත කිරීම දක්වා වූ දැවැන්ත මෙහෙවරක් සිදුකළේය. මේ ඔස්සේ ලාබදායී සෞඛ්‍ය සේවා විසඳුම් පිළිබඳ වෙළෙඳපොළ ප්‍රමුඛයකු ලෙස ආයතනයේ ආරම්භය සනිටුහන් විය.
දිවයින පුරා රෝහල් 24ක් නවීකරණය කරන ලද ජාතික වෛද්‍ය තාක්‍ෂණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට 2007 දී ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් විසින් සිය නායකත්වය සපයන ලදී. ඔස්ට්‍රියානු මූල්‍ය ආධාර යටතේ ඇරඹූ එම ව්‍යාපෘතිය යටතේ CT ස්කෑනර් යන්ත්‍ර, ඩිජිටල් එක්ස් කිරණ යන්ත්‍ර, වීඩියෝ එන්ඩොස්කොපි පද්ධති, කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර (ventilators) සහ විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර්) වැනි උසස් තාක්ෂණය මෙරට රෝහල් පද්ධතියට හඳුන්වා දුන් අතර, වැඩිදියුණු කළ සෞඛ්‍ය සේවා සඳහා පදනම සකස් කළේය. එමෙන්ම 2012 වසරේදී, ශ්‍රී ලංකාවේ ජාතික රෝහලේ කැතීටරීකරණ රසායනාගාර (catheterisation labs ) නවීකරණය කිරීමෙන්, අති නවීන කැත් රසායනාගාර (cath labs) සහ echo-Doppler ඒකකවලින් සන්නද්ධ කරමින් ශ්‍රී ලංකාවේ හෘද සත්කාරය පිළිබඳ ප්‍රමිතිය ඉහළ නැංවීමට ද සමාගම කටයුතු කළේය.
2014 දී, සමාගම විසින් මෙම පහසුකම්වල පරිවර්තනීය වෙනසක් සිදුකළ සුවිශේෂි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර ඒ හරහා ජාතික රුධිර බැංකුව තවදුරටත් ව්‍යාප්ත කරන ලදී. ඒ අනුව කලාපීය මට්ටමෙන් නව මධ්‍යස්ථාන 19ක් ස්ථාපිත කිරීම සහ රුධිර බැංකු 96ක් අති නවීන තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීම වැනි දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියත්මක කළේය. යුරෝ මිලියන 25ක මූල්‍ය දායකත්වයක් සමඟ දියත් කළ මෙම ව්‍යාපෘතිය රුධිර ගබඩා කිරීම සහ පාරවිලයන ප්‍රමිති ඉහළ නංවමින් ජීවිත බේරා ගැනීමට සහ පහසුකම් සැපයීමට ඇති කාර්යක්ෂමතාව මෙන්ම විශ්වසනීයත්වය සහතික කළේය.
නවෝත්පාදනය සහ දේශීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්ධනය සඳහා දක්වන කැපවීම ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය තුළ කැපී පෙනෙන වෙනස් ගුණාංග ලෙස හැඳින්විය හැකිය. 2012 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරීත්වයක් අරඹමින් ශ්‍රී ලංකාවේ පළමු ජෛව වෛද්‍ය පර්යේෂණ හා සංවර්ධන රසායනාගාරය ස්ථාපිත කිරීම එම කැපවීම මැනවින් පිළිබිඹු කළ කදිම නිදසුනකි. එමඟින් සෞඛ්‍ය සේවා තාක්‍ෂණය පිළිබඳ දේශීය විශේෂඥතාව පෝෂණය කරමින් රටේ පළමු ජෛව වෛද්‍ය ඉංජිනේරු උපාධි වැඩසටහන සඳහා මාවත සකස් කළේය. කොවිඞ්-19 වසංගත කාල වකවානුව තුළදී ජංගම දැඩි සත්කාර ඒකකයක් නිර්මාණය කර පරිත්‍යාග කිරීමෙන් ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය නැවත වරක් එහි වෙළෙඳපළ නායකත්වය පසක් කළේය.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් වසර 20ක මෙහෙවර සමරයි