පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර Taj Lands End හිදී පැවැත්වුණු Business Leader of the Year’ සම්මාන උළෙලේදී දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරි’ සම්මානය හිමිකර ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රුමින්ද රන්දෙණිය මහතා සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ CMO Asia විසිනි. ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට ලබාදුන් විශිෂ්ට නායකත්වය සහ එම ක්ෂේත්‍රය තුළ ඉටු කළ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් රුමින්ද රන්දෙණිය මහතා වෙත මෙම සම්මානය හිමි විය.
දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ වසර 25 කට අධික පළපුරුද්දක් හිමි රුමින්ද රන්දෙණිය මහතා එම ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. ඔහු ප්‍රයිම් ලෑන්ඞ්ස් සමාගමේ විධායක නිලධාරී තනතුරට අමතරව එම සමූහයට අයත් Bhoomi Realty Holdings, Regent Caterers සහ Regent Country Club ඇතුළු සමාගම් කිහිපයක විධායක අධ්‍යක්ෂ තනතුරුද දරන අතර, දූරදර්ශී දැක්ම සහ ව්‍යාපාරික ඥානය ඔස්සේ එම සමාගම්වල උන්නතිය උදෙසා කැපීපෙනෙන මෙහෙවරක් ඉටු කර ඇත.
මෙම සම්මානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා සහ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවේ මෙය ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ විශිෂ්ට නායකත්ව ගුණාංග වෙනුවෙන් මෙන්ම, දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය හා නවෝත්පාදනය සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහය විසින් පෙන්නුම් කරන ලද සාමූහික කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් වන බවයි. රුමින්ද රන්දෙණිය මහතාගේ නායකත්වය යටතේ ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම නිරන්තරයෙන් මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමටත්, සෑම විටම පාරිභෝගික තෘප්තිය සහතික කරමින් ක්ෂේත්‍රෙය් ඉදිරියෙන්ම සිටීමටත් සමත් වී ඇති බවත් ඔවුහු පැවසූහ.
ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම තුළ රුමින්ද රන්දෙණිය මහතාගේ නායකත්වය යටතේ අත්කරගත් ප්‍රධානතම ජයග්‍රහණයක් වන්නේ සියයට 1ක පහසු ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමයි. මෙම පහසු ගෙවීමේ ක්‍රමය නිසා ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට තම නිවාස සිහිනය සැබෑ කරගැනීමට හැකි වී තිබේ.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රධාන විධායක නිලධාරියාට CMO Asia සම්මාන