දේශීය වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළෙදපොළේ නොමැතිකමින් ඇතිවී ඇති පොල් හිඟය බවත් මෙයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත.
නිසි ලෙස පවත්වාගෙන යන නිරෝගී පොල්ගසකින්, ලංකාවේ වාර්ෂිකව සාමාන්‍යයෙන් ගෙඩි 100 ක් 120ක් අතර ගණනක් ලබාගත හැකිය. එවැනි අස්වැන්නක් නිපදවීමට නම් පොල් ගසකට දෛනිකව ජලය ලීටර් 60ක් පමණ අවශ්‍ය වේ. කාලයත් සමඟ ගසේ පෝෂණය ක්‍රමයෙන් අඩුවීමත්, පසේ සාරවත්බව ක්‍රමයෙන් හීන වීමත් සමඟ ශාකයට අවශ්‍ය පෝෂණය පොහොර ලෙස බාහිරින් සැපයිය යුතුවේ. එහෙත් පර් යේෂණවලට අනුව ශ්‍රී ලංකාවේ පොල් වැවිලිකරුවන් අතුරින් වගාවට පොහොර යොදන්නේ සියයට 30 ක් පමණක් වන අතර ජලය යොදන්නේ සියයට 10 ක් පමණ සුළු ප්‍රමාණයකි. මේ නිසා ජලය හා පොහොර ක්‍රමවත්ව නොලැබෙන ගහක් වාර්ෂිකව නිපදවන්නේ, ගෙඩි 40-60 ක් අතර ගණනකි.
DIMO ආයතනයේ කෘෂි අංශය වනDIMO Agribusinesses , දේශීය කෘෂි කර්මාන්තයට නවීනත්වය මුසු කරමින්, සමස්ත කෘෂි ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවා රැසක් ක්‍රියාත්මක කරන අතර, පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන්, පොල් පැළ රෝපණයේ සිට ඵල නෙළීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය සඳහාම විසඳුම් පෙළක් තම නිෂ්පාදනවලින් ඉදිපත්කර ඇත.
උසස් තත්වයේ පොල් ඵලදාවක් ලබා ගැනීමේ මූලිකම පියවර උසස් තත්වයේ පොල් පැළ රෝපණය කිරීමයි. ගුණාත්මකබවින් ඉහළ තත්වයේ පොල් පැළ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවකු ලෙස තම කෘෂි තාක්ෂණ උද්‍යාන තුළ නිවැරැදි තාක්ෂණික ක්‍රම ඔස්සේ නිපදවන උසස් තත්වයේ පොල් පැළ වැවිලිකරුවන්ට DIMO Agribusinesses මගින් ලබා ගත හැක.
DIMO පොහොර සන්නාමය යටතේ DIMO Agribusinesses සිය YPM-D, YPM-W, APM-D, APM-W, APM-TSP යන ප්‍රධාන මිශ්‍රණ වලට අමතරව, ග්‍රෝමැක්ස් සන්නාමය යටතේ, ලොව සුපතල නයිට්‍රොෆොස්කා සංයුක්ත පොහොර සම්මිශ්‍රණයෙන් යුත් පොල් වගාව වෙනුවෙන් විශේෂයෙන්ම සැකසූ විශේෂ පොහොර මිශ්‍රණද හඳුන්වා දී ඇත. මීට අමතරව පසේ නිසි ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා තම පර් යේෂණාගාර තුළ, පාංශු විශ්ලේෂණය සහ පරික්ෂාව සිදු කරමින්, පසට සුදුසු පොහොර නිර්දේශ කිරීම DIMO Agribusinesses සිය උපදේශන සේවා හරහා සිදුකරන අතර අඛණ්ඩව පොල් වගාකරුවන්හට එම තාක්ෂණික දැනුම ලබාදෙමින් විදිමත් පොහොර භාවිතය සම්බන්ධව පොල් වගාකරුවන් දැනුවත් කරනු ලබයි.
සම්ප්‍රදායික ක්‍රමවලින් ජලය සැපයීමේදී මුහුණපාන දුෂ්කරතා හේතුවෙන්, වගාවලට නියමිත පරිදි ජලය සැපයීමට වගාකරුවන් යොමුනොවේ. ලොව ප්‍රකට Rivulis සමඟ එක්ව ක්ෂුද්‍ර ජල තාක්ෂණ ක්‍රම මෙරට ප්‍රචලිත කරන DIMO Agribusinesses මෙම ගැටලුවට කදිම විසඳුමක් ලෙස, පොල් වගාව සඳහා වඩාත් යෝග්‍ය පූර්ණ හා අර්ධ ස්වයංක්‍රිය උප-පෘෂ්ටිය බින්දු ජල ව්‍යපෘති දිවයින පුරා ක්‍රියාත්මක කරමින් සිටියි. එමඟින් ජලය කාර්යක්‍ෂමව පොල් වගාවලට ලබාදෙන අතර එම පද්ධති ඔස්සේම සැපයිය හැකි පොල් වගාව සඳහාම වඩාත් අනුකූල කළ ජල ද්‍රාව්‍ය පොහොර (Fertigation Fertilizer) මිශ්‍රණ ද සමාගම නිපදවා ඇත. තම ඉඩමට වඩා සුදුසු ජල පද්ධතියේ ව්‍යුහය තෝරාගැනීමට, යෙදිය යුතු පොහොර ප්‍රමාණය, අවශ්‍ය පොහොර එන්නත් ප්‍රවාහ අනුපාතය, ටැංකියේ ප්‍රමාණය හා බයිපාස් ක්‍රමයක් අවශ්‍යද යන කරුණු පිළිබඳ උපදේශන සේවා ලබාදෙමින් ක්ෂුද්‍ර ජල සැපයුම් පද්ධති සැලසුම් කිරීම, ස්ථාපිත කිරීම පමණක් නොව අලෙවියෙන් පසු සේවාද DIMO Agribusinesses සපයයි. ඒ අනුව සාමාන්‍ය නඩත්තු කටයුතු, තාක්ෂණික ගැටලු නිරාකරණය මෙන්ම පද්ධති වැඩිදියුණු කිරීම වැනි ඕනෑම කටයුත්තක් සඳහා සමාගම සැමවිටම කැපවී සිටියි.
මූලික පිරිවැය, බොහෝ පොල් වගාකරුවන් ක්ෂුද්‍ර ජල පද්ධතියක් වෙත යොමු නොවීමට ප්‍රධානතම හේතුව වුවත් ආයෝජනයට සාපේක්ෂව විශාල ප්‍රතිලාභයක් පිරිනමමින් පොල් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීමට මෙය දායක වන බැවින්, DIMO Agribusinesses සර්වෝදය ඩිවලොප්මන්ට් බැංකුව සමඟ ඒකාබද්ධව ආකර්ෂණීය ණය පහසුකම් ද හඳුන්වා දීමට කටයුතු කර ඇත.
තම පොල් වගාව කළමනාකරණයේදී හා රැක බලා ගැනීමේදී අපහසුතාවලට මුහුණපාන වතු හිමියන් වෙනුවෙන්ම සමාගම හඳුන්වාදී ඇති පොල් වතු පරිපාලන සේවාව මඟින් වගාවේ මුළු වගකීම ආයතනය බාරගෙන කටයුතු කරයි.
ශ්රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසික
වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහ
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි
ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පොල් වගාවේ ඉහළ ඵලදාවකට DIMO Agribusinesses වෙතින් විසඳුම් පෙළක්