විමුක්ති එස් රුද්‍රිගු
අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගිය වසරේ පළමු කාර්තුව සමග සංසන්දනය කරන විට සියයට 5.87 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු කාර්තුවේදී තුළදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.97 ක් බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.
වෙළෙඳ සහ සේවා අංශවල අපනයන ආදායමද ඇතුළත්ව පසුගිය මාර්තු මාසයේදී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් ලෙස සටහන් වූ බවත් එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 6.24 ක සැලකිය යුතු ආකර්ෂණීය ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.41 ක් විය. පසුගිය පෙබරවාරි මාසය සමග මාර්තු මාසයේ අපනයන ආදායම සංසන්දනය කරන විට එය සියයට 11.76 ක ඉහළ වර්ධනයක් බවද එම මණ්ඩලය පැවැසුවේය.
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.32 ක් බවත් එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 4.61 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු කාර්තුව තුළ මෙරට සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.17 ක් ලෙස සටහන් වූ බවද එම මණ්ඩලය පැවැසුවේය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නිකුත් කළ තාවකාලික දත්තවලට අනුව පසුගිය මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.21 ක් බවත් එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 5.87 ක් වර්ධනයක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.14 ක් ලෙස සටහන් වූ බවද එම මණ්ඩලය පැවැසුවේය.
මෙම වසරේ පළමු කාර්තුවේදී සේවා අපනයන අංශය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකාව සේවා අපනයන අංශයෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 887.04 ක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 10.88 ක ඉහළ යාමක් බවද එම මණ්ඩලය ප්‍රකාශ කළේය.
එසේම පසුගිය මාර්තු මාසයේදී මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 291.12 ක් බවත් එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 7.7 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය.
පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.24ක් ලෙස සටහන් වූ බවත් එය මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.38ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම මණ්ඩලය ප්‍රකාශ කළේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 11.09 ක වර්ධනයකි.
මෙම වසරේ මාර්තු මාසයේ රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 495.95 ක් බවත් එය පසුගිය වසරේ මාර්තු මාසය සමග සංසන්දනය කරන විට සියයට 11.73 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. පසුගිය මාර්තු මාසයේදී රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 443.90 ක් විය.
පළමු කාර්තුවේදී පසුගිය වසරට සාපේක්ෂව වැඩිම ප්‍රතිශතයකින් අපනයන ආදායම ඉහළ ගොස් ඇත්තේ කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදනවල බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 71.43 ක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. එසේම පළමු කාර්තුවේ අඩුම ප්‍රතිශතයකින් අපනයන ආදායම ඉහළ ගොස් ඇත්තේ තේ වල බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.56 ක් බවත් එම මණ්ඩලය පැවැසුවේය.
කෙසේ නමුත් දියමන්ති,මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම රබර් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක, මුහුදු ආහාර, විසිතුරු මසුන්, එළවළු, පළතුරු, වෙනත් අපනයන බෝග, මල් හා ශාකපත්‍ර, බෝට්ටු නිෂ්පාදන සහ ඛනිජ තෙල් නිෂ්පාදනවල අපනයන ආදායම පළමු කාර්තුවේදී පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් ඇති බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.
මෙම වසරේ මුල් කාර්තුවේදී මෙරට ඉහළම අපනයන ගමනාන්ත අතර මුල් ස්ථාන තුනේ පසුවන්නේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.
අපනයන කේෂ්ත්‍රයේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ධනාත්මක ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ගෝලීය වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය වන ප්‍රමුඛතාව අවධාරණය කරන බවත් එය රටේ අපනයන තරඟකාරිත්වය සහ වෙළෙඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව දරණ උත්සාහයේ ඵලදායීතාව පිළිබිඹු කරන බවත්ය.
අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගි
ශ්රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් පැවැතුණත් තවමත් මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එම සමාගම යටතේ පවතින DPL Premier Gloves Limited සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළමු කාර්තුවේ අපනයන ආදායම ඩොලර් බිලියන 4.2 ක්