IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පළමු කාර්තුවේ සියයට 3.8ක වර්ධනයක්

 

මෙම වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සිසයට 3.8ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පළමු කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,161,770ක් බවත් 2016 පළමු කාර්තුවේ දී මෙම අගය රුපියල් මිලියන 2,082,544 වූ බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් ආර්ථික දර්ශක නිෂ්පාදන ප‍්‍රවේශය අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු නිකුක් කරමින් එන ලේඛන හා සංඛයා ලේඛන දේපාර්තමේන්තුව මේ තොරතුරු අනාවරණය කරයි.

දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල 2016 වර්ෂයේ සිට පැවති වියළි කාලගුණික තත්ත්වය ආර්ථිකයේ කෘෂිකාර්මික අංශයට අහිත කර ලෙස බලපා ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි. පළමු කාර්තුවේදී, ආර්ථිකයේ ප‍්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහණාධාර අඩුකළ බදු පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙළින් සියයට 7.0ක්, සියයට 30.8ක්, සියයට 52.3ක් සහ සියයට 9.9ක් ලෙස වාර්තා වි ඇත.

තව ද මෙම කාර්තුවේ දී අනෙකුක් අංශ අභිබවා කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු සියයට 6.3ක ඉහළ වර්ධන වේගයක් වාර්තා කර ඇත. එසේම සේවා අංශයේ ආර්ථික කටයුතු වාර්තා කර ඇති වර්ධනය සියයට 3.5කි. පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත කෘෂිකාර්මික අංශයේ ආර්ථික කටයුතු සමස්තයක් වශයෙන් වාර්තා කර ඇත්තේ සියයට 3.2ක සෘණ වර්ධනයකි.

එයද වසර 2016 පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී ප‍්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු අතුරින් ‘වන වගා සහ දැව’ ”සත්ව නිෂ්පාදන”, ”කුළුබඩු වගා කිරීම” සහ ”කරදිය ධීවර කටයුතු” යන අංශ පිළිවෙළින් සියයට 9.3ක්, සියයට 6.9ක් සියයට 6.1ක් සහ සියයට 5.8ක් යනාදී වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයක් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මේ වසරේ පළමු කාර්තුවේ දී වී හා පොල් වගාකරන ප‍්‍රදේශවල පැවති දැඩි වියළි කාලකුණික තත්ත්වය නිසා ”වී වගා කිරීම”, සහ ”පොල් වගාව ඇතුළත් තෙල් සහිත බෝග වගාව” පිළිවෙළින් සියයට 53.1ක සහ සියයට 10.2ක සෘණ වර්ධන වේගයක් වාර්තා කර ඇත. එසේම ”රබර් වගා කිරීම” සහ ”තේ වගා කිරීම” යන ආර්ථික කටුයතු පිළිවෙළින් සියයට 17.2ක් සහ සියයට 5.7ක් වශයෙන් සෘණ වේගයක් වාර්තා කර ඇත.

මෙම වසරේ පළමු කාර්තුවේදී ”ඉදිකිරීම් කර්මාන්තය” සියයට 16.1කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. එසේම ”පතල් හා කැනීම් කර්මාන්තය” සියයට 17.9ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇති අතර ”ජලය එක් රැස්කිරිම, පිරිපහදු කිරීම හා බෙදාහැරීම” සියයට 21.6 ක ඉහළ වර්ධන වේගයක් වාර්තා කර ඇත.

ආර්ථිකයේ ”නිමැවුම් කර්මාන්ත කටයුතු” අතුරෙන් ”ආහාර පාන සහ දුම්කොළ නිෂ්පාදනය” වාර්තා කර ඇත්තේ සියයට 0.3ක සෘණ වර්ධනයකි. එහෙත් ”ලෝහ නොවන අනෙකුත් ඛනිජ නිෂ්පාදන”, ”යන්ත‍්‍ර සූත‍්‍ර සහ උපකරණ නිෂ්පාදනය” සහ ”රෙදිපිළි, නිමි ඇඳුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන” යන දළ දේශීය නිෂ්පාදිත සඳහා සැලකිය යුතු දායකත්වයක් සහිත නිමැවුම් කර්මාන්ත පිළිවෙළින් සියයට 19.5ක්, සියයට 18.2ක් සහ සියයට 0.6ක් වශයෙන් ධන වර්ධන වේගයක් වාර්තා කර ඇත.

සේවා අංශ ගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේ දී සියයට 3.5ක වර්ධන වේගයක් ළඟා කරගෙන ඇත. එහිදී ”මූල්‍ය හා මූල්‍ය අතරමැදි සේවා කටයුතු”, ”සෞඛ්‍ය සේවා”, තොග හා සිල්ලර වෙළඳාම් කටයුතු” සහ ”ප‍්‍රවාහන සේවා” යන සේවා ක‍්‍රියාකාරකම් පිළිවෙළින් සියයට 14.9ක්, සියයට 11.1ක්, සියයට 4.5ක් සහ සියයට 3.1ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයක් වාර්තා කර ඇත. එසේම ”අනෙකුත් පෞද්ගලික සේවා කටයුතු” සියයට 2.0ක වර්ධනයක් වාර්තා කර ඇත.



අදහස් (3)

පළමු කාර්තුවේ සියයට 3.8ක වර්ධනයක්

hewawitharazna Tuesday, 20 June 2017 09:04 PM

කටින්ද කියන්නේ එහෙම නැත්නම් වෙනින් තැනකින්ද කියන්නේ

:       344       0

dhamseth Wednesday, 21 June 2017 10:37 AM

පැවති බාධක හා ගැටළු සැලකිල්ලට ගත්තහම සෑහීමකට පත්වන්න පුළුවන්.

:       0       295

Senarath Saturday, 01 July 2017 09:19 AM

රුපියල් වලින් ගණන් හදල ආර්ථික වේගය පෙන්නාවි!!! රුපියල් දැන් බාල්දුවෙලා නිසා... ඔය සංඛ්‍යා ටිකම ඩොලර්වලට පරිවර්තනය කරලා බැලුවම ආර්ථික වේගය ෂෘණ අගයක් එන්නේ. මේ ආණ්ඩුවේ දන්නේ විජ්ජා වැඩවලින් මිනිස්සු රවටන්න විතරයි. රටේ කිසිම සංවර්දනයක් කරන්න නැහැ . ඔය මුදල් ටික රටට එන්නෙත් විදේශ රැකියාවලින් මිසක්, ආණ්ඩුව කරන දෙයක් නිසා නෙමෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N
2024 සැප්තැම්බර් මස 06 81 0

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්


සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට
2024 අගෝස්තු මස 22 344 0

වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝ​ජ​න සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් ස


නෙස්ලේ ලංකා දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයට උපහාර
2024 අගෝස්තු මස 13 175 0

නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් ස


NDB බැංකුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ අත්වැල් බැඳ ගනී
2024 අගෝස්තු මස 12 125 0

ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතියට NDBබැංකුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුව


LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව
2024 අගෝස්තු මස 09 94 0

ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.


campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury ඉදිරිපත් වෙයි
2024 අගෝස්තු මස 06 393 0

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residenciesසමාග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site