IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිපත්ති සම්පාදනයේදී අඛණ්ඩ විචක්ෂණශීලිභාවය අවශ්‍යයි

මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය හෙළිකරයි

  • ඇ​ෙමරිකන් බදු විදේශ අංශයට අහිතකරව බලපාන්න පුළුවන්
  • අපේක්ෂා කළ මට්ටමට වඩා 2024දී ආර්ථික කාර්යසාධනයක්
  • 2024දී ගෘහ ඒකක සහ ව්‍යාපාරවලට ණය දීමත් ඉහළ ගිහින්
  • විදේශීය ජංගම ගිණුමේ අඛණ්ඩ අතිරික්තයක්

භානුක අමරසිංහ

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජිත තීරු බදු පැනවීම සහ එයින් ඇති විය හැකි වක්‍රාකාර බලපෑම් හේතුවෙන් විදේශීය අංශයේ සහ පුළුල් ආර්ථිකයේ ඉදිරි දැක්මට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා වන වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරමින් මෙම කරුණු සදහන් කර තිබේ.

ඒ අනුව ප‍්‍රතිපත්ති සම්පාදනයේදී අඛණ්ඩ විචක්ෂණශීලිභාවයකින් යුතුව කටයුතු කිරීම සහ බාහිර සහ රාජ්‍ය මූල්‍ය ස්වාරක්ෂක තවදුරටත් ශක්තිමත් කිරීමෙහි දැඩි අවශ්‍යතාවක් පවතින බවත් මහ බැංකුව අවධාරණය කරයි.

මෙම වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව ඊයේ දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අතින් ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම සිදු විය. 

“සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගැනීම සමඟ ධනාත්මක වෙළඳපොළ අපේක්ෂා සහ පවතින ස්ථාවර දේශපාලන වාතාවරණය විසින් රටේ දියුණුවට අවශ්‍ය පරිසරය සකස් කර ඇත. එසේ වුවත්, ගෝලීය භූ දේශපාලනික අවිනිශ්චිතතා ඉහළ යාම, විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජිත තීරු බදු පැනවීම සහ එයින් ඇති විය හැකි වක්‍රාකාර බලපෑම් හේතුවෙන් විදේශීය අංශය සහ පුළුල් ආර්ථිකයේ ඉදිරි දැක්මට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකිය.“ මහ බැංකුව මෙම වාර්තාවේ පෙන්වා දෙයි.

මේ අතර, ආර්ථික වර්ධනය පිළිබඳව සලකා බැලූ විට, ශ‍්‍රී ලංකා ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා යහපත් කාර්යසාධනයක් 2024 වසරේ දී පෙන්නුම් කළ බව මහ බැංකුව පවසයි. 

“බලශක්ති මිල ගණන් පහළ දැමීම ප‍්‍රධාන වශයෙන් හේතු කොටගෙන උද්ධමනය අඩු වූ අතර, 2024 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව අවධමනයක් වාර්තා කළේය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස උද්ධමනය එහි ඉලක්කගත මට්ටමට වඩා පහළ ගියේය. අඩු පොලී අනුපාතිකවල සහාය ඇතිව 2024 වසරේ දී ගෘහ ඒකක සහ ව්‍යාපාර සඳහා ණය ලබා දීම වර්ධනය විය.“

එසේම 2024 වසර තුළ දී විදේශීය අංශයේ කාර්ය සාධනය ශක්තිමත්ව පැවතුණු බවත්, රටට ලැබෙන ශුද්ධ විදේශ විනිමය ගලා ඒම් වැඩි වීමත් සමග බාහිර ස්වාරක්ෂකවල සැලකිය යුතු දියුණුවක් දක්නට ලැබුණු බවත් මහ බැංකුව පවසයි. මේ හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් අඛණ්ඩව වාර්තා විය.

“කෙසේ වෙතත් පවතින නම්‍යශීලී විනිමය අනුපාතික ප‍්‍රතිපත්තිය යටතේ ශ‍්‍රී ලංකා රුපියල අතිප‍්‍රමාණය වීමක් සිදු විය. එහි ප‍්‍රතිලාභය ආනයනවල මිල ගණන් අඩු වීම හරහා පාරිභෝගිකයන් වෙත ලැබුණ ද, එය විදේශ විනිමය උපයන්නන් කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇති කළේය.“ 

මීට අමතරව 2024 වසරේ දී රාජ්‍ය මූල්‍ය අංශයේ කාර්ය සාධනය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වූ අතර ප‍්‍රාථමික ශේෂය අඛණ්ඩව දෙවන වසරටත් අතිරික්තයක් වාර්තා කිරීමටද සමත් විය.

“වසර දෙකකට පෙර අත්විඳින ලද දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසුව, 2024 වසරේ දී ශ‍්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරව යථා තත්වයට පත් වීම අඛණ්ඩව සිදු විය. යථා තත්වයට පත් වීමේ මාවත දුෂ්කර වූවද, අධික ණය බර හේතුවෙන් පීඩාවට පත් වූ බොහෝ රටවලට සාපේක්ෂව, එය සැලකිය යුතු ලෙස වේගවත්ව සිදු විය.“ මහ බැංකුව පවසයි.

මේ සමඟ ම, විදේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන් වීම සහ “සීමිත පැහැර හැරීමේ” ශ්‍රේණිගත කිරීමෙන් රට ඉවත්වීම ආයෝජකයන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය වැඩිදියුණු කිරීමට සමත් වී ඇත.
එසේම සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගැනීම සමග ධනාත්මක වෙළෙඳපොළ අපේක්ෂා සහ පවතින ස්ථාවර දේශපාලන වාතාවරණය විසින් රටේ දියුණුවට අවශ්‍ය පරිසරය සකස් කර ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි. එසේ වුවත්, ගෝලීය භූ දේශපාලනික අවිනිශ්චිතතා ඉහළ යාම තවදුරටත් ගැටලු‍වක් වී ඇතැයි මහ බැංකුව අවධාරණය කරයි. 

“රජය සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව ආර්ථික අර්බුදයෙන් රට යථා තත්වයට පත් කර ගැනීම සඳහා පැහැදිලි සහ ශක්තිමත් පියවර ක්‍රියාත්මක කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ප‍්‍රයත්න ශ‍්‍රී ලංකා ආර්ථිකය යථා තත්වයට පත් වීමේ මාවතේ වැදගත්ම අංග වෙයි.“

කෙසේ වෙතත් මේ දක්වා ආර්ථිකය සැලකිය යුතු ප‍්‍රගතියක් අත්කර ගෙන ඇතත්, තව බොහෝ දුරක් යා යුතුව ඇතැයිද. රටේ දිගුකාලීන වර්ධනය සඳහා බෙහෙවින් අවශ්‍ය ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඇති කැපවීම ඉතා වැදගත් බවත් මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

 



අදහස් (0)

ප්‍රතිපත්ති සම්පාදනයේදී අඛණ්ඩ විචක්ෂණශීලිභාවය අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 305 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 109 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 104 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 97 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 31 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 22 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 159 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 327 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1002 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site