කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
රුවන් ප්‍රසාද් |
දේශප්‍රිය ලියනආරච්චි |
රුවන් ප්‍රීති කුමාර |
පමිල් ශාන්ත |
ප්‍රදීප් කුමාර |
එදා ළමයි පාසලට ගියේ පාද යාත්‍රාවෙනි. නැතහොත් පාපැදියෙනි. පාරේ බස් රථයෙන් ගිය අයද ඒ අතර සිටියහ. ඒ තමාගේ පාසල නිවස ආසන්නයේම තිබූ බැවිණි. කාලයත් සමග ගමේ ළමයි ගමේ පාසලට නොගොස් නගරයේ පාසලට යාමට පටන් ගත්හ. මෙහිදී ගමේ පාසල් වැසී ගිය අතර නගරයේ පාසල්වල සිසු ඝනත්වය එන්න එන්නම වැඩිවිය.
නගරයේ පාසල්වලට එන්න එන්නම වැඩිවූ සිසු ඝනත්වයට අවැසි ප්‍රවාහන පහසුකම් ලබාදීමට මවුපියන්ට සහ පාරේ යන බස් රථවලට නොහැකි විය. මේ නිසා නගරයේ පාසල්වලට ගමේ ළමයින් යැවීම දැඩි ගැටලුවක් විය. මෙයට කදිම විසඳුමක් ඒ වනවිටත් නිර්මාණය වෙමින් තිබිණ. ඒ ඇතැම් රථ හිමියෝ පාසල් ළමයින් මාසික කුලියට පාසල් වෙත ප්‍රවාහනය කිරීමට පටන් ගත්හ. කාලයක් මෙය අක්‍රමිකව සිදු වෙමින් තිබිණ.
කාලයත් සමගම පාසල් ළමයි පාසලට ප්‍රවාහනය කිරීම කර්මාන්තයක් බවට පත් විය. එය සිය දහස් ගණනකගේ බඩ වියත රකින ප්‍රධාන රැකියාවක් බවට පත්වූයේද නිතැතින්මය. රැකියාවලට යන මවුපියන් පාසල් යන සිය දුවාදරුවන් පාසල් ළමයින් ප්‍රවාහන සේවයකට බාරදෙන්නේ දැඩි විශ්වාසයකිනි. එපමණක් නොව රැකියා සදහා නොයන මවුපියන්ද පාසල් ළමයින් මේ රථවලට දුන්නේ සිය කාලය, ශ්‍රමය ඉතිරි කර ගැනීමේ ඒකායන අරමුණෙනි.
මේ කර්මාන්තය කොතෙක් සංවර්ධනය වූවාදැයි කිවහොත් එය මෙරට පාසල් ළමයින්ගෙන් බහුතරයකටම නැතිවම බැරි එකක් විය. එපමණක් නොවේ දිවයින පුරා පාසල් ළමයින් ප්‍රවාහන රථ සංගම්ද කිහිපයක් බිහි විය.
ලංකාවේ පාසල් ළමයින් ප්‍රවාහනය වෙනුවෙන් බිහිවූ මේ කර්මාන්තයද ඇත්තේ අද වැට උඩ බව එම කර්මාන්තයේ යෙදෙන්නෝ කියති. යම් හෙයනින් මේ කර්මාන්තය රටෙන් තුරන්වී ගිය හොත් මේ රටේ පාසල් ළමයින් ප්‍රවාහනය කිරීම දැඩි අර්බුදකාරී බව ඒ පිළිබදව දත් අය කියති.
මේ සම්බන්ධයෙන් එම කර්මාන්තයේ යෙදෙන කිහිපදෙනෙක්ම අප සමග අදහස් දැක්වූහ. ඒ අතරින් මුලින්ම අදහස් දැක්වූ සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන රථ සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා :-
මේ කර්මාන්තය අද රටටම අත්‍යවශ්‍ය කර්මාන්තයක් වෙලා. අපේ කර්මාන්තය නැත්නම් පාසල් ළමයි පාසලට ප්‍රවාහනය කිරීම අති දුෂ්කර කාර්යයක් වනවා නොඅනුමානයි. අපේ කර්මාන්තය පාසල ළමයි සමග ඒ තරමටම බද්ධ වෙලා. ඒ නිසාම මේ කර්මාන්තයට විශාල පිරිසක් ඒකරාශී වුණා. ඒ ඒකරාශිවීම තුළ ඇතැම් අය පාසල් ළමයි ප්‍රවාහනය සඳහාම පමණක් වාහන මිලදී ගත්තා. ඒ තුළින් පාසල් ළමයටත්, ඔවුනටත් සාධාරණය ඉෂ්ඨ වුණා. ළමයා ඉතා ආරක්ෂිතව පාසලට ගියා. මේ නිසාම වෙනදා දහඩිය පෙරාගෙන පාසලට ගිය, පාසලෙන් ආ ළමයා අපහසුවකින් තොරව අපේ රථයෙන් පාසලට ගියා, ආවා. මවුපියන්ට ඒ වෙනුවෙන් කරන්න තිබුණේ අපේ කුලිය ගෙවීම ම පමණයි.
අපි නියම වෙලාවට ළමයා පාසලට රැගෙන ගියා. ආරක්ෂා සහිතව ළමයා පාසලෙන් රැගෙන ආවා. මුලින්ම මේ ක්‍රියාව කෙරුණේ ත්‍රිරෝද රථයෙන්. පස්සේ එය ලොකු බස් දක්වාම ව්‍යාප්ත වුණා. එහෙම ප්‍රශස්ත මට්ටමක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය පාසල් ළමයි ප්‍රවාහන කර්මාන්තය අද කිවනොහැකි මට්ටමකට වැටිලා. මේ නිසා මේ කර්මාන්තය තියෙන්නේ වැට උඩ. එයට හේතු රැසක්ම තියෙනවා.
මූලිකම කාරණය තමයි අපේ මේ සේවාව කිසිම ආණ්ඩුවකට නොතේරීම. එය තේරෙන්නේ මේ කර්මාන්තය නැතිවුණු දාටයි. එතකොට ප්‍රමාද වැඩියි. අනෙක අපේ මේ කර්මාන්තයට රජය පැත්තෙන් කිසිම සහනයක් නොලැබීම. රජයයන් අපිට සලකන්නේ කුඩම්මාගේ සැලකිල්ල කිව්වොත් ඒක නිවැරදියි. අපේ මේ කර්මාන්තය නියාමනයක් නැහැ. ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති මාලාවක් නැහැ. ලංගම, පෞද්ගලික මගී ප්‍රවාහන සේවා වැඩ වර්ජන දියත් කළත් එම වැඩ වර්ජන පාසල් ළමයට බලපාන්නේ නැතිතරම්. මොකද ඒ අපේ කර්මාන්තය නිසා. එහෙම එකේ රජය මැදිහත්වෙලා අපේ කර්මාන්තය නියාමනයක් කරලා ජාතික පොදු ප්‍රතිපත්තියක් හදන්න ඕන. තාමත් එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක අපේ කර්මාන්තයේ බිඳ වැටීමට හේතුවක් වෙලා.
වාහන ආදායම් බලපත්‍ර ගාස්තු අත්තනෝමතිකව ඉහළ දාලා. පෞද්ගලික රථවලට වගේම අපේ රථවලටත් එය පොදුයි. එයින් අපිට සහනයක් දීලා නැහැ. රක්ෂණ ගාස්තු වැනි දේවල්ද අපිට කියලා සහනයක් නැහැ. අමතර කොටස්වල මිල දරන්න බැරි තරම් ඉහල ගිහිල්ලා. ලිහිසි තෙල් මිලත් ඒ වගේමයි. මේ දේවල්වල මිල ඉහළ යාම අපේ කර්මාන්තයට වැදුණු මරුපහරක්. මේවා ගැන බලන්න කිසිම කෙනෙක් නැහැ. මේ දේවල් නිසා සමහර අය මේ කර්මාන්තයෙන් ඉවත්වෙලා යනවා. දැනටමත් සැලකිය යුතු පිරිසක් කර්මාන්තෙන් ඉවත්වෙලා. අපිත් දැන් මේ කර්මාන්තයේ නිරතවෙලා ඉන්නේ කරන්න දෙයක් නැති කමටයි.
දැන්නම් මේ කර්මාන්තය තියෙන්නේ ඉතාම නරක තැනක. මේ කර්මාන්තයෙන් ඉවත්වෙන අයගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. එය අපිට නවත්වා ගන්න බැරිවිදිහට සිදුවෙනවා. ඇතැම් අය සිය රථ විකුණලා වෙන කර්මාන්තවලට යනවා. සමහරු විදෙස් රටවලට යනවා. මෙහෙම කාලයක් මීට පෙර තිබුණේ නම් නැහැ. අපි රජයෙන් ඉල්ලන්නේ අපේ මේ කර්මාන්තය නියාමනයක් කරලා අපි කරන සේවය ගැන සිතලා මේ වෙනුවෙන් රජය පැත්තෙන් කළ හැකි සේවය කරන්න කියලා |
සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ ප්‍රධාන සංවිධායක රුවන් ප්‍රීති කුමාර:
වාහන මිල ඉහළයාමත් මේ කර්මාන්තය කඩා වැටීම්ට හේතුවක්. අලුතින් මේ සඳහා වාහනයක් දානවනම් රුපියල් කෝටියකට වැඩිය යනවා. අපිට කියලා කිසිම සහනයක් නැහැ. අනෙක් ඉන්ධන මිල පහළ දැම්මත් අපේ බොහෝ අය ඉන්ධනයක් ලෙස භාවිත කරන ඩීසල් මිල පහළ දාන්නේ නැහැ. ඉන්ධන මිල පහළ දානවානම් අපිට අපේ ගාස්තුව අඩුකරලා මවුපියන්ට ලොකු සහනයක් දෙන්න පුළුවන්. සමහර මවුපියන්ට අපේ ගාස්තුව දරා ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒක නිසත් සමහර ළමයින්ට අපේ සේවාවෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. අපි කරන මේ සුවිශේෂී සේවාව සලකා බලා ඉන්ධන සහනයක් ලබාදෙන්නේ නම් ඒ සහනය යන්නේ පාසල් ළමයාගේ මවුපියන්ගේ පොකැට්ටුවටයි. එහෙම වෙනවනම් අපේ මේ කර්මාන්තය ඉතාමත් හොඳට කරගෙන යන්න පුළුවන්. අපේ කර්මාන්තයට ඉන්ධන සහනාධාරයක් දෙන්නේ නම් එය අපිට කරන සේවයක් නෙමෙයි මවුපියන්ට කරන සේවයක් වෙනවා. අලුත්වැඩියා ගාස්තුත් දරාගන්න බැරිතරම් ඉහළ යාමත් අපේ කර්මාන්තයට බලපා ඇති තවත් ප්‍රශ්නයක්.
පාසල් ළමයි ප්‍රවාහනයට රථයක් යොමු කළහොත් පාසල් සමයේ දිවා කලයේදී අපිට වෙනත් කාර්යක් සදහා රථ යොදා ගන්න බැහැ. ඒ වෙනුවෙන්ම රථය වෙන් කරන්න ඕන. ඕනෑම කර්මාන්තයක් කල් පවතින්නේ ලාබය මතයි. පාඩුවට කර්මාන්ත කරගෙන යන්න කිසිම අයෙක් කැමැති නැහැ. ඒ නිසා මේ කර්මාන්තයේ පාඩුවට සමගාමීව සිදු වන්නේ කර්මාන්තයෙන් සමුගෙන යන අයගේ ගොඩ වැඩිවීමයි.
පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ අම්බලන්ගොඩ කලාපයේ සභාපති ප්‍රදීප් කුමාර මහතා:-
ඇත්තටම දැන්නම් මේ කර්මාන්තය තියෙන්නේ ඉතාම නරක තැනක. මේ කර්මාන්තයෙන් ඉවත්වෙන අයගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. එය අපිට නවත්වා ගන්න බැරිවිදිහට සිදුවෙනවා. ඇතැම් අය සිය රථ විකුණලා වෙන කර්මාන්තවලට යනවා. සමහරු විදෙස් රටවලට යනවා. මෙහෙම කාලයක් මීට පෙර තිබුණේ නම් නැහැ. අපි රජයෙන් ඉල්ලන්නේ අපේ මේ කර්මාන්තය නියාමනයක් කරලා අපි කරන සේවය ගැන සිතලා මේ වෙනුවෙන් රජය පැත්තෙන් කළ හැකි සේවය කරන්න කියලා.
පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ අම්බලන්ගොඩ ශාඛාවේ ලේකම් දේශප්‍රිය ලියනආරච්චි මහතා:-
ගැටලු හා අභියෝග රැසක් මධ්‍යයේයි අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ. මේ හැම ගැටලුවක්ම අභියෝගයක්ම අපි නිර්මාණය කර ගත්ත ඒවා නෙමෙයි. මේ හැම ගැටලුවකින්ම සහ අභියෝගයකින්ම තැලෙන්නේ අපේම අයයි. අපි ඒ හැම එකක්ම විදදරා ගනිමින් තවමත් මේ කර්මාන්තයේ ඉන්නවා. අපිටත් බොහෝවිට හැමදාමත් ඒ විදිහට මේ කර්මාන්තය කර ගෙන යන්න බැරිවේවි.
සුවිශේෂී සේවාවක් කළත් අපිට කියලා අදාළ බලධාරීන්ගේ පැත්තෙන් කිසිම සහනයක් නැහැ. බැරෑරුම් කාර්යයක් කරන අපි දිහා අපේ කර්මාන්තය දිහා අදාළ බලධාරීන් නොබලන එක හරිම ප්‍රශ්නයක්.
පාසල් ළමයින් ප්‍රවාහනය කරනු ලබ ප්‍රම්ල් ශාන්ත මහතා ඒ සම්බන්ධයෙන් පළකළේ මෙවන් අදහසකි.
ළමයා පාසලට ඇරලා අපේ රථ ගාල් කරන්න ආරක්ෂා සහිත තැන් නැතිවීමත් ලොකු ගැටලුවක්. අපි අපේ රථ ගාල් කරන්නේ මහ පාර අයිනේ අනාරක්ෂිතවයි. අදාළ බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. මේ ප්‍රශ්නයෙන් අපි ලොකුවට දැවෙනවා. අපේ රථයකට අලුත්වැඞ්යාවක් ආවොත් ඉවරම තමයි. අමතර කොටස්වල මිල දරන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා.
අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගි
ශ්රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් පැවැතුණත් තවමත් මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එම සමාගම යටතේ පවතින DPL Premier Gloves Limited සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාසල් ළමයි ප්‍රවාහන කර්මාන්තය වැට උඩ