IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකරණ ව්‍යාපාර තවත් මාස හයකට අත්හිටුවෙයි


භානුක අමරසිංහ


පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී, ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2025 පෙබරවාරි මස 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇතැයි එම බැංකුව පවසයි.

එම බැංකුව මගින් පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම්දීමක් කරමින් මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ගයක් අනුව මෙම අත්හිටුවීම සිදු කෙරී තිබේ. ඒ අනුව මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට සහභාගි වීමට පෑන් ඒෂියා බැංකුවට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

කෙසේ වෙතත්, මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ සාමාන්‍ය ක්‍රියාකාරකම් හා ද්විතියික වෙළෙඳපොළෙහි සිදු කරන ගනුදෙනු සඳහා කිසිදු බලපෑමක් ඇති නොවන බව මහ බැංකුව අවධාරණය කරන බවත් පෑන් ඒෂියා බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.



අදහස් (0)

පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකරණ ව්‍යාපාර තවත් මාස හයකට අත්හිටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

ව්‍යාපාරික විත්ති

ගාස්තු සංශෝධනයෙන් සූර්ය බලශක්ති කර්මාන්තය අවදානමක
2025 මාර්තු මස 11 72 0

වහළ මත සවිකළ සූර්ය බලශක්ති පද්ධතිවලින් උත්පාදනය කරනු ලබන විදුලිය සඳහා ගෙවන ගාස්තුව තවදුරටත් අසාධාරණ ලෙස අඩු කිරීමෙන් වළකින ලෙස සූර්ය බලශක්ති කර්මාන්


කොටස් වෙළෙඳපො​ෙළ් අඩුම පිරිවැටුමක්
2025 මාර්තු මස 11 30 0

පසුගිය සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ පෙන්නුම් කළ පහළ බැසීමේ ප්‍රවණතාව තවදුරටත් පෙන්නුම් කරමින් ඊයේ (10) දිනය සඳහා ගනුදෙනු අවසානයේදී සියලු‍ කොටස් මිල දර


ජනවාරියේදී පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩුවෙයි
2025 මාර්තු මස 11 30 0

භානුක අමරසිංහ 2025 ජනවාරි මාසයේදී වාණිජ බැංකු හරහා පෞද්ගලික අංශය කළ ණය ගැනීම් 2024 දෙසැම්බර් මාසයේදී පැවැති ප්‍රවණතාවට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අඩු වී ඇ


සුරා බද්ද ඉහළ දැමීමට මුදල් කාරක සභාවේ අනුමැතිය
2025 මාර්තු මස 11 40 0

මත්පැන් සඳහා පනවා තිබූ සුරා බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය. එහෙත් රජයේ


සම්පත් බැංකුවෙන් රු.බි. 10ක ණයකර නිකුතුවක්
2025 මාර්තු මස 11 17 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි


ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල කාන්තා නියෝජනය සියයට 54 ඉක්මවයි
2025 මාර්තු මස 11 10 0

කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා නියෝජනය සියයට 54කට වඩා කැපීපෙනෙන ලෙස ඉහළ යාමක් වර්තමානයේදී දක්නට ලැබෙන බව කොළඹ කො


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site