IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොල් ආනයනය නොකළොත් අපනයන කර්මාන්තය අනතුරේ

  • මාසයකට ගෙඩි මිලියන 100 බැගින් ආනයනය කරන්න ඕනෑ
  • මාසික පොල් අවශ්‍යතාව ගෙඩි මිලයන 250
  • පසුගිය නොවැම්බරය වනවිය ඩො.මි. 782 ක් උපයලා

භානුක අමරසිංහ
වර්තමානයේදී රට තුළ පවතින පොල් අර්බුදය දේශීය පරිභෝජනයට මෙන්ම අපනයන පොල් කර්මාන්තය වෙතද තර්ජනයක් එල්ල කර තිබෙන බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) සඳහන් කරයි. ඒ අනුව අපනයන පොල් කර්මාන්තය රැක ගැනීම සඳහා හැකි ඉක්මනින්ම පොල් ආනයනය සඳහා අවසරය ලබාදීමට අවධානය යොමු කරන ලෙස එම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි.
අපනයන පොල් කර්මාන්තය වෙත සම්බන්ධ සංගම් රැසක් නියෝජනය කරන මෙම ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ඊයේ ජාතික වාණිජ මණ්ඩලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කළේය. 
ඔවුන් පෙන්වා දෙන ආකාරයට අද වනවිට මෙරට මාසික පොල් අවශ්‍යතාව පොල් ගෙඩි මිලියන 250ක් පමණ වෙයි. ඉන් මිලියන 150ක් දේශීයව පරිභෝජනය සඳහා යෙදවෙන අතර, ඉතිරි මිලියන 100 අපනයනය වෙනුවෙන් යොදා ගනී. කෙසේ වෙතත් පොල් පර්‌යේෂණ ආයතනය මගින් සිදු කර ඇති පුරෝකතනයට අනුව 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 200ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.
“මේ පොල් ගෙඩි ප්‍රමාණය රටේ දේශීය පරිභෝජනය සඳහා සහ අපනයනය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි රජයෙන් ඉල්ලන්නේ ඉදිරි මාස කිහිපය සඳහාවත් මාසයකට පොල් ගෙඩි මිලියන 100ක් බැගින් ආනයනය කරන්න අනුමැතිය ලබා දෙන්න කියලා. මොකද මේ පොල් අපනයන කර්මාන්තයට පොල් අවශ්‍යයි. පොල් නැති වුණොත් මේ කර්මාන්තය ලබා ගෙන තිබෙන ඇණවුම් ලබා දෙන්න හැකියාවක් නැති වෙනවා. එහෙම වුණොත් මේ කර්මාන්තය කඩා ගෙන වැටෙනවා.“ යනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.
එම මණ්ඩලය සඳහන් කරන ආකාරයට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළදී මෙරට පොල් අපනයන කර්මාන්තය හරහා උපයා දී ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 782 කි. එය පෙර වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී සියයට 20ක වර්ධනයකි. එසේම මෙම ආදායම ඩොලර් බිලියන 1.5ක ආදායමක් බවට පත් කර ගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
අපි ඉල්ලන්නේ මේ සැපයුම් දාමය ස්ථාවර තත්ත්වයකට පත් කිරීම සඳහා පොල් ගෙඩි මිලියන 200ක් හෝ කොප්පර චිප්ස්, වියළන ලද පොල්, පොල් කිරි සහ ශීත කළ පොල් කැබලි වැනි ඒ හා සමාන අමුද්‍රව්‍යයක් ආනයනය කිරීමට අවසර දෙන්න කියලයි. එතැනදී තෙල් සහ කාබන් කර්මාන්තය සඳහා අවශ්‍ය නැවුම් පොල් ආනයන වඩාත් සුදුසු වගේම ලාභදායකයි.’’
පවතින බාධා මඟහරවමින් දැනට ගෙඩි මිලියන 3000ක් පමණ වන මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 5,000ක් බවට පත් කර ගත හැකි වුවහොත් ඉතාමත් හොඳ අපනයන ආදායමක් ළගා කරගත හැකි බවත් මෙම මණ්ඩලය පෙන්වා දෙයි.



අදහස් (1)

පොල් ආනයනය නොකළොත් අපනයන කර්මාන්තය අනතුරේ

Kamal Koyrala Thursday, 23 January 2025 12:19 PM

සුළු පිරිසකගේ සුඛ විහරණය සඳහා සොච්චම් ඩොලර් ප්‍රමාණයක් රටට ලැබීමෙන් අත්වන ප්‍රතිඵලයක් නේ දේශීයද දේ දේශීය ජනතාවට පාරිභෝජනය සඳහා අවශ්‍යයි. එක පොල් ගහක් වවන්නේ නැතිව මේ කරන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

ලංකාව ඍජු විදේශ ආයෝජන අරගලයක
2025 පෙබරවාරි මස 03 107 0

ශ්‍රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසික


සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගන්න බෑ
2025 පෙබරවාරි මස 03 157 0

වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහ


බහලු‍ම් නිෂ්කාශනය ප්‍රමාදය සෙවීමට කමිටුවක්
2025 පෙබරවාරි මස 03 11 0

ආනයනික බහලු‍ම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අ


ජනවාරි උද්ධමනය සෘණ 4.0 ක්
2025 පෙබරවාරි මස 03 23 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


චීන රෙද්දට අපේ රෙදිපිළි කර්මාන්ත දාහක් අවදානමේ - සුළු හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය
2025 පෙබරවාරි මස 03 13 0

චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි


ඉන්දීය අයවැයෙන් ලංකාවට රුපියල් කෝටි 300ක්
2025 පෙබරවාරි මස 03 14 0

ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 85 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site