IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බැංකු හා මුල්‍ය කොටස්වලට හොඳ ඉල්ලමක් ලැබෙන ලකුණු

කොටස් වෙළෙඳ පොළ ඉකුත් සිකුරාදා ගනුදෙනු අවසන් කළ පසු (පෙබ 21) සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළේය. පසුගිය දිනදෙකක් තුළ ගනුදෙනු අවසානයේ දී දර්ශක පහත වැටීමක් වාර්තා කළ අතර, මෙදින එම පසුබෑම ආපසු ආවරණය කරගන්නට සමත් වූයේ නැත. බැංකු හා මූල්‍ය අංශයේ කොටස් මිල දී ගැනීම සඳහා සැලකිය යුතු උනන්දුවක් තිබුණි. විදේශ විකිණීම් ප්‍රවණතාව මෙදින ද කැපී පෙනිණ. විදේශ අයෝජකයන් ඉවත්කරගත් මුදල රුලියල් මිලියන 750 ක් වූ අතර, එය රටින් බැහැර වූ ශුද්ධ අහිමිවීමකි. 

සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,889.31 ක් දක්වා ඉහළ ගිය අතර, එය දර්ශක 30.34 ක පිබිදීමකි. ඉකුත් දින දෙකක් තුළ පමණක් දර්ශක 325 කින් කොටස් වෙළෙඳපොළ පිරිහීම වළකා ආපසු හැරෙන්නට ගත් තරමක උත්සාහයක් බව සඳහන් කළ හැකිය. එස්.ඇන්.ඩී.පී ශ්‍රී ලංකා දර්ශකය 5,063.27 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 30.33 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. 

ඉකුත් සිකුරාදා දිනයේ දී ද සමාගම් හතරක් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. හැටන් නැෂනල් කොටසකට රු.15 ක් හා එහි නිෂ්ඡන්ද කොටසක් සඳහා ද රු. 15.00 ක ලාභාංශ ගෙවන සූදානම්වේ. කැගල්ල වැවිලි කොටසකට රු. 3.50 ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත. මස්කෙලිය වැවිලි සමාගම ද කොටසකට ගෙවන ලාභාංශය රු.4.50 කි. නමුනුකුලවැවිලි සමාගම කොටසකට රු. 15.00 ක ලාභාංශ ගෙවනු ඇත. මෙම සමාගම් ලාභාංශ ගෙවීමෙන් පසු මිල දී ගැනීමේ ප්‍රවණතාව තරමක් සීමා වන අවදානමක් තිබේ. 

මෙදින ගනුදෙනු 15,937 ක් වාර්තා වූ අතර, එහි දී සමාගම් 118 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 110 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 3.51 දක්වා අඩු අගයක් වාර්තා විය. ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම අඩුවීම අනුව වෙළෙඳපොළ උදාසීන වී ඇති බව දැක්වේ. කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,94.6 ක් විය. 

සම්පත් රු. මිලියන 277 ක, කොමර්ෂල් රු. මිලියන 215 ක, එන්.ඩී.බී රු. මිලියන 208 ක, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 206 ක, ජෝන් කීල්ස් රු. මිලියන 125 ක, සී.අයි.සී නිශ්ඡන්ද රු. මිලියන 72 ක සහ නේශන් ට්‍රස්ට් බැංකුව රු. මිලියන 67 ක, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය. 

නේෂන් ලංකා ෆිනෑන්ස් කොටසකමිල ශත විස්සක් දක්වා සියයට 33.033 කින්, ගෙස්ටෙට්නර් රු. 135.00 දක්වා සියයට 6.90 කින්, ඊ.බී. ක්‍රීසි රු. 20.00 දක්වා සියයට 5.94 කින්, හන්ටර්ස් රු. 689.00 දක්වා සියයට 5.10 කින් සහ අබාන්ස් ෆිනෑනස් රු. 40.10 දක්වා සියයට 4.98 කින් කොටස් මිල පහල වැටුණු සමාගම් අතර, ඉදිරියෙන්ම වූ අතර යූ. බී. ෆිනෑනස් ශත හැත්තෑව දක්වා සියයට 14.29 කින්, ලී හෙජ් රු.112.00 දක්වා සියයට 12.90 කින්, පොර්ට් ලෑන්ඩ් රු. 50.90 දක්වා සියයට 10.52 කින්, මුලර්ස් රු. 1.30 දක්වා සියයට 8.33 කින්, හා යෝක් ආකේඩ් රු. 170.25 දක්වා සියයට 8.07 කින් ප්‍රතිශතයක් ලෙස වැඩිම වශයෙන් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර තිබුණි. 

නිරීක්ෂක



අදහස් (0)

බැංකු හා මුල්‍ය කොටස්වලට හොඳ ඉල්ලමක් ලැබෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 10 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 8 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 13 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 10 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 9 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 8 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 426 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site