පිටකොටුවේ මඳක් දුරින් පිහිටා තිබෙන චීන වීදිය සුවිශේෂි වන්නේ උත්සව සඳහා අවශ්‍ය කරන සැරසිලි සඳහා වූ භාණ්ඩ සඳහා ය. අනෙක් වීදිවල මෙන් චීන වීදියේ ජනාකීර්ණ බවක් දක්නට නැත.
ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙසේද යන්නත් මේ දිනවල ඔවුන්ගේ වෙළෙඳාමේ තත්වය සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ චීන වීදියේ සුප්‍රිම් වෙළෙඳ ආයතනය වෙත ය. අපි වෙළෙදසැට ගොඩවන අවස්ථාවේ ආයතනයේ සිටි පිරිස එක්ව බිස්නස් සම්බන්ධයෙන් කතා බහ කරමින් සිටිය ද අනෙකුත් වීදිවල මෙන් කඩිමුඩියේ බිස්නස් එකක් කරගැනීමට පොරකන දසුනක් දක්නට ලැබුණේ නැත.
එහිදී චීන වීදියේ සුප්‍රිම් වෙළෙඳ ආයතනයේ ආර්.ජෙයරාජ් මහතා මේ දවස්වල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස් හොඳටම හොඳයි කියලා හරි බිස්නස් අඩුයි කියලා හරි කියන්න බෑ. බිස්නස් සාමාන්‍ය මට්ටමක තමයි මේ දවස්වල තියෙන්නේ. එළඹෙන රාමසාන් සහ සිංහල අලුත් අවුරුදු සීසන් එකත් එක්ක බිස්නස් වැඩිවෙයි කියලා විශ්වාසයකින් ඉන්නවා.
Q: බිස්නස් අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
අපි ප්‍රධාන වශයෙන් පාවහන් සහ කාන්තා බෑග් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වෙළෙඳපොළට සැපයීම තමයි කරන්නේ. තොග සහ සිල්ලර කියන ක්‍රම දෙක යටතේම වෙළෙඳාම් කරනවා. ඒ අතරින් තොඟ වෙළෙඳාම තමයි වැඩිපුර කරන්නේ. අමුද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නෑ. අමුද්‍රව්‍ය චීනයෙන් තමා ආනයනය කරන්නේ. වෙළෙඳපොළේ පාරිභෝගිකයන්ගේ වුවමනාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඕනෑවටත් වඩා තියෙනවා. අමුද්‍රව්‍යවල මිලේ නම් ලොකු අඩුවක් වෙලා නෑ. සීසන් එකේදීත් අමුද්‍රව්‍යවල මිලේ අඩු වැඩි වීම ගැන නිශ්චිතව ප්‍රකාශයක් කරන්න අමාරුයි.
මේ වෙද්දී පාරිභෝගිකයන් පුරුදුවෙලා ඉන්නේ වෙළෙඳපොළෙන් කෙළින්ම ගිහින් නිමවුමක් ලබා ගන්න. බොහෝ වෙළෙන්දන් අමුද්‍රව්‍ය අරගෙන භාණ්ඩ හදනවාටත් වඩා සම්පූර්ණයෙන්ම නිමවුණු භාණ්ඩයක් අරගෙන බිස්නස් කරන්න යොමු වෙලා ඉන්නේ. එහෙත් තවමත් අපෙන් අමුද්‍රව්‍ය අරගෙන ගිහින් බොහෝ පළාත්වල පාවහන් සහ කාන්තා බෑග් නිෂ්පාදනය කරන වෙළෙඳ ව්‍යාපාරිකයන් කොටසක් ඉන්නවා. ඒ වගේම මේ වෙද්දී කුඩා පරිමාණයේ බිස්නස් කරන පිරිසකුත් අලුතෙන් එකතු වෙලා ඉන්නවා. එනිසා පාවහන් සහ බෑග් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සැපයීමේ වෙළෙඳාම් සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ වෙළෙඳ ආයතනයේ මේ වෙද්දී සේවකයෝ අටදෙනෙක් වැඩ කරනවා. එළඹෙන උත්සව සමයත් එක්ක බිස්නස්වල වර්ධනයක් සිදුවෙයි කියන අපේක්ෂාවෙන් මේ වෙද්දී වෙළෙඳපොළට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙනත් තියෙන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : සුමුදු හේවාපතිරණ
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක චීන වීදියේ සුප්‍රිම් වෙළෙඳ ආයතනයේ හිමිකරු ආර්.ජෙයරාජ්