ව්‍යාපාරිකයා යනු ලාබය අරමුණු කරගත් අයකුම නොවේ. ඔහු තම නිෂ්පාදන විකුණා ලාබයක් ලැබුවත් ඔහුගෙන් සමාජයට සිදුවන සේවාව අනිත් පැත්තෙන් අසීමිතය. ටෙක්නෝ ට්‍රේඩින් ආයතනයේ සම්මුගනාදන් මහතාද මුදල් අරමුණු කරගෙනම ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයකු නොවේ. තම සේවාව පාරිභෝගිකයාට අලෙවි කිරීම හරහා ඔහු අසීමිත තෘප්තියක් ලබන බව ඔහු පවසයි.
දැනට වසර 10ක පමණ සිට නාදන් මහතා සිය ව්‍යපාරය පවත්වාගෙන එයි. ඔහු අලෙවි කරන්නේ පාරිභෝගිකයාට වසරේ සෑම කාලයකම අවශ්‍ය වන ඉලෙක්ට්‍රික් උපකරණ හා තීන්ත වර්ගය. මේ දවස්වල බිස්නස් කොහොමදැයි විමසා යන ගමනේ ඔහු අපට මුණ ගැසුණි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
ඇත්තටම කිවුවොත් මේ දවස්වල නම් බිස්නස් ඉතාම අමාරුවෙන් තමයි දුවන්නේ. ඒකට හේතුව ජනතාවට අපේ බඩු ගන්නවාට වඩා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම දරුණු විදියට බලපාලා තියෙනවා. මොකද ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යනවා කියන්නේ නිවසේ අනිත් වැඩ කටයුතු කරන්න මුදලක් ඉතුරු වෙන්නේ නැහැ.
අනිත් කාරණය තමයි ජනතාවට ලැබෙන වැටුප ඉතාම අඩුයි. පසුගිය කාලයේ රජයේ සේවකයන්ගේ පඩි වැඩි වුණාට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පඩි වැඩිවීමක් සිදුවෙලා නැහැ. ඒ හේතු අපේ ව්‍යාපාර උඩ යනවද පහළ යනවාද කියන කාරණාවට සෘජුවම බලපානවා. ඉස්සර මිනිස්සු අපේ වෙළෙඳ සැලකට ආවට බ්‍රෑන්ඩ් බලලා තමයි ගන්නේ. ඒත් දැන් එහෙම නැහැ. බසාර් එකේ තිබෙන අඩුම මිලට තමයි ගන්න බලන්නේ. මම ඉස්සර ඉලෙක්ට්‍රික් අයිටම් විතරයි කළේ. පස්සේ ව්‍යාපාරය දියුණු වීම එක්ක තීන්ත නිෂ්පාදන අලෙවි කිරීමටත් එකතු වුණා.
අපි ව්‍යාපාර පටන් ගන්න කොට එන්න එන්න දියුණු වීම නිසා තමයි අලුත් බිස්නස්වලට අත ගැහුවේ. ඒත් දැන් ඒ තත්වය වෙනස් වෙලා. දැන් අලුත් ඒවා පටන් ගන්නවා තියා මේවා පවත්වා ගෙන යාමත් අමාරුයි. මිනිස්සු ගාව සල්ලි තිබුණොත් තමයි හොඳ බිස්නස් එකක් තියෙන්නේ. දැන් බිස්නස් කරලා අපෙත් බලාපොරොත්තුව කාලා බීලා ඉන්න එක විතරයි. දැනට මං ළඟ සේවකයෝ 06ක් ඉන්නවා. ඒ අයට පඩි ගෙවන්නත් ඕනේ. ජපානයෙන් ආනයනය කරලා තමයි සමහර නිෂ්පාදන විකුණන්නේ.
Q බිස්නස් අඩුවෙන්න හේතුව මොකක්ද?
බිස්නස් අඩුවෙන්න හේතුව අපිම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මට හිතෙන්නේ තව අවුරුද්දක් විතර යනකොට මේ තත්වය තව පොඩ්ඩක් වෙනස් වෙයි. අපේ බිස්නස් අඩුවෙන්න හේතුව තමයි දැන් අලුතෙන් ගෙවල් හැදීම ඉතාම අඩුයි. අලුතෙන් ගෙවල් හැදුනොත් තමයි අපේ නිෂ්පාදන මිනිස්සු ගන්නේ.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිස්නස් දුවන්නේ ඉතා අමාරුවෙන්