IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


බහලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය: ආනයනකරුවන්ට කෝටි 10ක අමතර වැය බරක්

අමතරව ගෙවන මුදල් භාණ්ඩ මිලට එකතුවන ලකුණු
මිල වැඩිවීමේ අවසන් බර පාරිභෝගිකයන්ට
ඇතැම් ආනයනකරුවන්ගේ වියදම් ලක්ෂ දෙක තුනකින් වැඩිවෙලා
බහලුම් රථයක් දින 3ක් වරායේ තිබුණොත් රු. 50,000 සිට ලක්ෂය දක්වා අමතර මුදලක් ගෙවිය යුතුයි
ආණ්ඩුවට පාඩුවක් නෑ: සියලු බදු අයකරගෙන
තවත් බහලුම් 600 ක් හිරවෙලා
සියලු වියදම් ආනයනකරුවන්ගෙන්


යොහාන් භාසුර


ප්‍රමාද වූ බහලු‍ම් දහසකට අධික සංඛ්‍යාව නිදහස් කිරීමේදී ආනයනකරුවන්ට අවම වශයෙන් රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි මෙරට ප්‍රධාන ආනයනකරුවෝ පවසති.

මෙම බහලු‍ම් අතර අත්‍යවශ්‍ය ආහාර සහ භණ්ඩ ඇතුළත් බහලු‍ම්වලට අමතරව වෙනත් නිෂ්පාදන කර්මාන්තවලට අමුද්‍රව්‍ය රැගත් බහලු‍ම් ඇතුළු විවිධ භාණ්ඩ ඇතුළත් බහලු‍ම් ඇති බවත් එම සියලු‍ම ආනයකරුවන්ට ප්‍රමාද හේතුවෙන් අවම වශයෙන් රුපියල් ලක්‍ෂයකට අධික අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවත් ආනයනකරුවෝ පැවසූහ.

ආනයනික බහලු‍ම් නිෂ්කාශනය ප්‍රමාද වීමෙන් ආනයනකරුවන්ට බහලු‍ම් නිදහස් කරගැනීමට අමතරව විශාල මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ ආනයනකරුන්ට එම අමතර මුදල භාණ්ඩවල මිලට ඇතුළත් කිරීමට සිදුවනු ඇති බවත් ආනයනකරුවෝ පැවසූහ.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමේ වැඩි ඉඩක් ඇති බව පවසන ආනයනකරුවෝ, එම බර පාරිභෝගික ජනතාවට දැරීමට සිදුවනු ඇති බව ද සඳහන් කළහ.

ආනයනික බහලු‍ම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් වැඩි ප්‍රවාහන ගාස්තු, වරායට ප්‍රමාද ගාස්තු සහ අමතර සේවක වියදම් ඇතුළු වියදම් රැසක් දැරීමට ආනයනකරුවන්ට සිදුව ඇති බවත් අතැම් ආනයකරුවන්ගේ වියදම රුපියල් ලක්‍ෂ දෙක තුනක් බවට ද පත්වි හැකි බවත් ඔවුහු පැවසූහ.

බහලු‍ම් නිදහස් කිරීම ප්‍රමාදවීම ආනයකරුගේ දුර්වලතාවක් හෝ අතපසුවීමක් නොවුණ ද වරාය අධිකාරියට ප්‍රමාද ගාස්තු ගෙවීමටත් සිදුව ඇති බව කී ආනයනකරුවෝ මෙම තත්වයට ආණ්ඩුව මැදිහත්විය යුතු බව ද සඳහන් කළහ.

ශ්‍රී ලංකා කාර්ය උපාංග, ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය හෙවත් ස්ලාෆ්ෆා’ සභාපති චන්න ගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ඇතැම් බහලු‍ම් ප්‍රවාහන රථ වරාය තුළ පෝලීමේ මේ වන විට දින තුනකට වඩා ගත කරන බවත් රථයක් දින තුනක් එම ස්ථානයේ තිබුණොත් ආනයනකරුගෙන් රුපියල් 50,000 සිට ලක්‍ෂයක් දක්වා අමතර මුදලක් අයකරන බවත්ය.

බහලු‍ම් ප්‍රවාහ රථය දින තුනකට වැඩි කාලයක් වරාය තුළ තිබුණ හොත් එම මිල ඊට වඩා වැඩි වන බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙම තත්වයෙන් රජයට සිදුවූ පාඩුව පිළිබඳව කළ විමසුමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ, මෙම ප්‍රමාදයෙන් රජයට කිසිඳු පාඩුවක් වී නොමැති බවත්, සියලු‍ම බදු අයකරගැනීමෙන් පසුව බහලු‍ම් නිදහස් කරන බවත්ය.

 මෙහිදී සියලු‍ම අයකිරීම් ආනයනකරු දැරිය යුතු බවත් තවත් බහලු‍ම් 600 ක පමණ නිදහස් කිරීමට තිබෙන බවත් අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අර්බුද හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකා හැරී ගොස් ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබුණි.



අදහස් (0)

බහලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය: ආනයනකරුවන්ට කෝටි 10ක අමතර වැය බරක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

බහලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය: ආනයනකරුවන්ට කෝටි 10ක අමතර වැය බරක්
2025 ජනවාරි මස 16 25 0

ප්‍රමාද වූ බහලු‍ම් දහසකට අධික සංඛ්‍යාව නිදහස් කිරීමේදී ආනයනකරුවන්ට අවම වශයෙන් රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි මෙරට ප්‍රධා


2024 විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 6.57 ක්
2025 ජනවාරි මස 16 46 0

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරට වඩා 2024 වසරේදී සියයට 10 කින් ඇ​මෙරිකන් ඩොලර් බිලියන 6.57 දක්වා වර්ධනය වී ඇත.


රාත්‍රියේදී සීගිරිය සංචාරකයන්ට විවෘත නෑ
2025 ජනවාරි මස 16 71 0

රාත්‍රී කාලයේදී සීගිරිය සංචාරකයන් සඳහා විවෘත නොකරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන වා


HNB Finance වෙතින් රු.බි. 1.19ක් වටිනා හිමිකම් නිකුතුවක්
2025 ජනවාරි මස 16 27 0

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වනHNB Finance PLC සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා හිමිකම් නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පව


ග්‍රාමීය ජනයාගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීමට නව වැඩපිළිවෙළක්
2025 ජනවාරි මස 16 13 0

මෙරට ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව දුර්වල මට්ටමක පවතින හෙයින් එය ප්‍රගුණ කිරීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව


මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් ඇමැති හමුවක්
2025 ජනවාරි මස 16 12 0

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ඊයේ (ජනවාරි 15) පෙරවරුවේ නවදිල්ලියේ දී පැ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 296 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 575 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 319 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site