නව්‍යකරණය හා දැනුම හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ප්‍රමුඛ පෙළේ විද්‍යාර්ථීන්, පර්‌යේෂණයන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඒකරාශී කරමින් බහුවිධ ක්ෂේත්‍ර සඳහා වන පර්‌යේෂණ පිළිබඳ ගෝලීය සම්මේලනය - 2025 (GCMR) සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී පසුගියදා ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාව අධ්‍යාපනික සහයෝගීතාවේ සහ දැනුමේ කැපී පෙනෙන සලකුණක් සනිටුහන් කළ අතර විද්‍යාර්තීන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් ඒකරාශී කිරීම මෙහිදී සිදු විය. අධ්‍යයන පර්‌යේෂණවලදී ගෝලීය සහයෝගීතාව අවධාරණය කරමින් එක්සත් රාජධානියේ Wolverhampton විශ්ව විද්‍යාලයේ සම්භාවනීය නියෝජිතයන් සහ එක්සත් රාජධානියේ Pearson Education හි ප්‍රමුඛ නියෝජිතයන් විසින් මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී.
ගුණාත්මක අධ්‍යාපනික පාඨමාලා පවත්වා ගෙනයාම සහ අනාගත නායකයන් බිහි කිරීමේ ලා දක්වන කැපවීම යන කාරණා සම්බන්ධයෙන් Achievers International Campus කීර්තියක් දරයි. ගෝලීය සහයෝගීතාව දිරි ගන්වමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කරනු ලබන පර්‌යේෂණ සහ අධ්‍යාපනය කෙරෙහි දක්වන සහයෝගය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය දක්වන කැපවීම GCMR සම්මේලනයේදී ඉස්මතු කරන ලදී. Achievers International Campu හි මණිමාරන් මහේශ්වරන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.”ගෝලීය පර්‌යේෂණ සම්මේලනය මෙතරම් උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙමු. මෙම වේදිකාව තුළින් තහවුරු කරනුයේ ජාත්‍යන්තර හවුල්කාරිත්වය ඇති කිරීම සහ අධ්‍යාපනික විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමෙහි ලා අප දක්වන කැප වීමයි.”
උත්සවයේ ප්‍රධාන අංගයක් වූයේ පර්‌යේෂණ ප්‍රජාව වෙත සිදු කරන ලද වටිනා දායකත්වයන් සඳහා කීර්තිමත් මහාචාර්යවරුන් දෙපලක් වන මහාචාර්ය බණ්ඩාර වන්නිනායක සහ මහාචාර්ය නිශාන්ත සම්පත් පුංචිහේවා ඇගයීමට ලක් කිරීමයි. සම්මේලනයේ නල වෙබ් අඩවිය ආරම්භ කිරීමද මෙහිදී සිදු විය.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බහුවිධ ක්ෂේත්‍ර පර්‌යේෂණ පිළිබඳ ගෝලීය සම්මේලනයක්