පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැලකිය හැකිය.
එළඹෙන උත්සව සමයත් සමඟ වෙළෙඳපොළේ සූදානම කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්බස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී ප්‍රින්ස් වීදියේ GLOBAL වෙළෙඳ ආයතනයේ වී.අඩෙක්කන් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
පාසල් වාරය ආරම්භයත් එක්ක යම් මට්ටමක බිස්නස් එකක් තිබුණා. මේ දවස්වල බිස්නස් අඩුයි. එළඹෙන උත්සව සමයත් එක්ක බිස්නස් වැඩි වෙයි කියලා කියන්න අමාරුයි. උත්සව සමයේ වෙළෙඳාමත් එක්ක තමයි අඩු වැඩිවීම කියන්න පුළුවන්.
Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
අපි විසිතුරු භාණ්ඩ, සෙල්ලම් බඩු, ලිපි ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය, තෑගි භාණ්ඩ තොඟ වශයෙන් වෙළෙදාම් කරන්නේ. ආනයනය කරනු ලැබූ භාණ්ඩ බහාලුම් දීර්ඝ කාලයක් තිස්සේ රේගුවෙන් නිකුත් කරගැනීමේ ගැටලුවක් තියෙනවා. අදාළ භාණ්ඩ ලබා ගැනීමට මුදල් ගෙවලා තිබුණත් භාණ්ඩ නිකුත් කරනකම් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. එළඹෙන උත්සව සමය ඉලක්ක කරගෙන භාණ්ඩ ආනයනය කළත් ඒවා නියමිත කාලයට වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකිවීමත් බිස්නස් අඩුවෙන්න හේතුවක් වෙලා තියෙනවා.
පාරිභෝගිකයෝ භාණ්ඩයක් මිලදී ගැනීමේ දී පෙරට වඩා ගුණාත්මකභාවය සහ එහි නිමාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙනවා. අපි හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ පාරිභෝගිකයාගේ රුචිකත්වයට ගැළපෙන පරිදි භාණ්ඩ හඳුන්වා දෙන්න. පෙර සැලසුම් කරලා භාණ්ඩ ආනයනය කරලා වෙළෙඳපොළට නිකුත් කරන්න උත්සාහ ගත්තත් ආයතනික වශයෙන් සිදුවන ප්‍රමාදවීම් හේතුවෙන් බිස්නස් කඩා වැටෙනවා. උත්සව සමය ඉලක්ක කරගෙන ප්‍රධාන නගරවල වෙළෙඳුන් මාර්තු දෙවැනි සතිය වෙද්දී තොඟ වශයෙන් භාණ්ඩ අරගෙන යනවා. එහෙත් අපිට ඔවුන්ට ලබා දෙන්න භාණ්ඩ අතිරික්තයක් නොමැතිවීම ගැටලුවක් වෙලා තියෙන්නේ. ඉදිරියේ දී භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කරන කාලය අනුව භාණ්ඩවල මිල ඉහළ යන්න පුළුවන්. බිස්නස් සාධනීය මට්ටමක නොතිබුණත් කාලයක් පුරාවටම අප වෙළෙඳ ආයතනයේ සේවය කරන වෙළෙඳ සහයකයන් දහ දෙනකු සහභාගී කරගනිමින් තමයි වෙළෙඳාම කරගෙන යන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : සුමුදු හේවාපතිරණ
මූල්‍ය විනයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගියදා පැසැසුමට ලක් කළේ
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද
ආසියානු සංවර්ධන බැංකුවේ 11 සභාපතිවරයා ලෙස මසාටෝ කන්ඩා මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. ජපානයේ ජාත්‍යන්තර කටයුතු සඳහා නියෝජ්‍ය මුදල් ඇමැති ධුරය දරා ඇති මස
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු, මහා විහාර වංශික ස්‍යාමෝපාලී ම
ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බිස්නස් වැඩිවෙයි කියලා කියන්න අමාරුයි