සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ටයර් සන්නාමය වන සියැට් 2021 වසරේදි ශ්‍රී ලංකාවේ Motor අංශයේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය ලෙසින් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වර්ගීකරණයේ දී තේරී පත්වී තිබේ. මේ අනුව, මෙම වර්ගීකරණයේ දී සියැට් සන්නාමය සමස්තයක් ලෙස ස්ථාන 05 ක් ඉදිරියට පැමිණ ඇත.
මේ අනුව, ලෝකයේ ප්‍රමුඛතම සන්නාම ඇගයීමේ උපදේශන ආයතනයක් 2021 වසරේ දී සියැට් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 2,024 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබෙන අතර එය 2020 වසරට සාපේක්ෂව සියයට 46 ක කැපී පෙනෙන වර්ධනයකි. මේ අතර, විශාලතම බැංකු, විදුලි සංදේශ සේවා සම්පාදකයන් සහ සිල්ලර අංශයේ දැවැන්තයන් ඇතුළු ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 ක් අතුරින් සමස්තයක් ලෙස සන්නාම වටිනාකම් දර්ශකයේ 48 වන ස්ථානයට පැමිණීමට සියැට් සන්නාමය සමත්වීම මෙහිදී කැපී පෙනේ.
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමය වන සියැට් සඳහා බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙහිදී AAAසන්නාම වර්ගීකරණය ලබාදී ඇත. මේ වසරේ දී ශ්‍රී ලංකාවේ පාරිභෝගික සන්නාම සඳහා ලබාදුන් දෙවන හොඳම වර්ගීකරණය මෙය වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, රවී ඩඩ්ලානි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇති වූ නව වෙළෙඳපොළ තත්ත්වයනට අනුගත වෙමින් විවිධ ටයර් ප්‍රමාණ පැනවූ ආනයන සීමාවලට අනුව ඇති වූ දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවලට ඉතාමත් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ඉතාමත් ඉහළ කැප කිරීමක් කළ සමාගමේ විවිධ මට්ටම්වල සියලු දෙනාටම අපි මෙම සම්මානය පුද කරනවා. මේ අවස්ථාවේ දී සියැට් ඉහළටම පැමිණි අතර සියැට් ව්‍යාපාරික කටයුතු මෙන්ම සන්නාමයේ වටිනාකම මේ හේතුවෙන් වර්ධනය වුණා. මේ නිසා, මේ වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වර්ගීකරණයේ Movers and Shakers යටතට ආඩම්බරයෙන් අපි පත්වුණා.’
ISO 10668 කර්මාන්ත ප්‍රමිතිය සමග අනුකූල වන සන්නාම තක්සේරුකරණ ක්‍රමවේදයක් වන රෝයල්ටි රිලීෆ් ප්‍රවේශය භාවිතාකරමින් මෙහිදී සන්නාමවල වටිනාකම් ඇගයීම සිදුකරයි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෝටර් රථ ක්ෂේත්රයේ වඩාත්ම වටිනා සන්නාමය සියැට්