IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


මෑත භාගයේ එක් දිනක් තුළ වාර්තාගත පසුබෑමක්

ඊයේ (පෙබරවාරි 05) කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු අවසානයේ දී මෑත භාගය තුළ එක් දිනයක් තුළ සිදු වූ දරුණුම පසුබෑමක් වාර්තා කළේය. පසුගිය දිනවල ලාබ ඉපැයීම අරමුණු කරගත් කොටස් මිලදී ගැනීම් විකුණන ස්වභාවයක් සහ ණය පදනමකින් ලබාගත් කොටස් වහා විකිණීමක් සිදු වූ බව නිරීක්ෂණය කළ හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික හා මුල්‍ය වශයෙන් සිදුවෙමින්  පවතින වෙනස්කම් වේගවත් නොවීම කෙරෙහි ආයෝජන අංශවල කනස්සල්ලක් පවතින බව ද අනෙක් පැත්තකින් දැක්විය හැකිය. ලෝක ආර්ථික ප්‍රවණතා හේතුකොටගෙන විශේෂයෙන් විදේශ ආයෝජකයන්ගේ හැසිරීම දේශීය ගනුදෙනුකරුවන්ගේ අවාසියට හේතු වී ඇති බව ද සඳහන් කළ හැකි කරුණකි. 

ගනුදෙනු ආරම්භයේ සිට දර්ශක ක්‍රමයෙන් පහත වැටුණු අතර, අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,456.10 ක් වශයෙන් වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 500.10 ක පසු බැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,898.18 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 167.18 ක පහළ යාමක් සේ  දැක්විය හැකිය. 

ජෝන් කීල්ස් හෝල්ඩිං සමාගම එක කොටසකට ශත පහක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත. මූල්‍ය වාර්තා අනුව 2024 වසරේ අවසන් කාර්තුවේ ලාබය රුපියල් බිලියන 14.28 ක් වන අතර, සමාගමේ ප්‍රවාහන, හෝටල් හා විනෝදාංශ සහ වැවිලි හා තොරතුරු තාක්ෂණ අංශවල පසුබෑමක් දැක්වේ. මෙයට අමතරව කුඩා තේ වතු කොටසකට ශත විසි එකක සහ ජෝන් කීල්ස් සමාගම කොටසකට රුපියලක් බැගින්  ලාභාංශ ගෙවනු ඇත. එය සඳහා පෙබරවාරි 17 දක්වා හිමිකම් කිව හැකිය.  

දිනයේ පිරිවැටුම රු. බිලියන 6.35 වූ අතර, දිනය අවසානයේදී ගනුදෙනු  41,787 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 29 ක පමණක්  කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 241 ක කොටස් මිල පහත  වැටිණි. 
නිරීක්ෂක



අදහස් (0)

මෑත භාගයේ එක් දිනක් තුළ වාර්තාගත පසුබෑමක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

නිදහස් දා බදුල්ල රෝහලේ උපන් බිලිඳුන්ට මහජන බැංකුවෙන් තිළිණ
2025 පෙබරවාරි මස 06 27 0

හැත්තෑ හත් වැනි ජාතික නිදහස් දිනයදා බදුල්ල ශික්ෂණ රෝහලේ දී උපත ලද බිළිඳුන් ට සමරු තිළිණ ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් ඊයේ (4) බදුල්ල ශික්ෂණ රෝහලේ දී පැවත්


කබලෙන් ළිපට වැටෙන දිඹුලාගල වී ගොවියෝ
2025 පෙබරවාරි මස 06 18 1

පොලොන්නරුව මහවැලි බි කලාපයේ දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ පළමුවරට මැද කන්නයේ වගා කළේය. එම කුඹුරුවල වී අස්වනු නෙළීමත් සමග රජයේ සහතික මිලට වී මිලදීගැනීමේ ව


මෑත භාගයේ එක් දිනක් තුළ වාර්තාගත පසුබෑමක්
2025 පෙබරවාරි මස 06 18 0

ඊයේ (පෙබරවාරි 05) කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු අවසානයේ දී මෑත භාගය තුළ එක් දිනයක් තුළ සිදු වූ දරුණුම පසුබෑමක් වාර්තා කළේය. පසුගිය දිනවල ලාබ ඉපැයීම අරමු


ක්ෂුද්‍ර, කුඩා හා මාධ්‍ය ව්‍යවසාය අභියෝග විසඳන්න විශේෂඥ කමිටුවක්
2025 පෙබරවාරි මස 05 26 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය පීඩනය ලිහිල් කරමින් ණය ඇපකර සැපයීම සඳහා ජාතික ණය ඇපකර ආයතනයක් ණය කෙටුම්පත් කරන්නන්ගෙන් ඇපකර ගැනීමට බැංකුව


අපද්‍රව්‍ය කළමනාකරණ ධාරිතාව නැංවීමට ජපානයෙන් යෙන් මි. 300ක්
2025 පෙබරවාරි මස 05 21 0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීමට ජපානය විසින් යෙන් මිලියන 300 ක (රුපියල් මිලියන 565 ක්) ප්


සිවුවැනි මාසයටත් ව්‍යාපාරික විශ්වාසය ඉහළට
2025 පෙබරවාරි මස 05 21 0

ව්‍යාපාරික විශ්වාසය මනින දර්ශකය, අඛණ්ඩව සිව්වැනි මාසය සඳහා ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ පෙබරවාරි කලාපයේ සඳහන් ව


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 800 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 751 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site