IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මිනිත්තුවක් යාමටත් මත්තෙන් කොටස් වෙළෙඳපොල කඩාවැටෙයි

මාස එකහාමාරකට පසු අද (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් පෙරකඩා වැටිණි.

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (11) උදෑසන 11.00ට දෛනික ගනුදෙනු සඳහා ආරම්භ කළ අතර ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් මත්තෙන් වසා දැමිණි.
 
ගනුදෙනු පද්ධතියේ අවසාන ගනුදෙනුව සිදුව ඇති වේලාව ලෙස සටහන් වී ඇත්තේ පෙරවරු 11.00.38 ය.
 
කොළඹ කොටස් වෙළෙඳපොළ 10.11% කින් කඩා වැටීම හේතුවෙන් එලෙස වසා දැමීමට සිදුවිය.
 
ඒ අනුව ඊයේ දිනයේදී, ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.392.3ක් ලෙස වාර්තා වු අතර පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 179.20ක පහළ යෑමකි. ප්‍රතිශතයක් ලෙස 3.92% ක පහළ යෑමකි.
 
එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 196.93කින් පහළ ගිය අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 9.60ක පහළ යෑමකි. දිනයේ ගනුදෙනු අවසානයේදී එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 1760.53ක් ලෙස දැක්විණි.
 
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා, එච්.එන්.බී. බැංකුව යන සමාගම් සියලු කොටස් මිල දර්ශකය එලෙස පහළ යෑමට වැඩි බලපෑමක් එල්ල කළේය.
 
ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලයේදී සියලු කොටස් මිල දර්ශකය 28.34% කින් ද එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය 40.06% කින් ද පහත වැටී ඇත.
 
කොළඹ කොටස් වෙළෙඳපොළේ අවසන් වරට දෛනික ගනුදෙනු සිදුවූයේ මාර්තු 20 වැනිදා ය. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අප්‍රේල් මස 1 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දමා තිබිණි.
 
මේ අතර ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් පසුගිය කාලයේදී ලොවපුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටිණි.

055  



අදහස් (16)

මිනිත්තුවක් යාමටත් මත්තෙන් කොටස් වෙළෙඳපොල කඩාවැටෙයි

Ajith Monday, 11 May 2020 11:09 AM

චන්දෙට කලින් සල්ලි හොයන විදිය අපි දන්නවා කියලා කිව්වේ බියගම තියෙන අච්චු කන්තෝරුව ගැන වෙන්නැති.

:       954       906

BimalMonday, 11 May 2020 08:49 PM

ඔව් ඔව් අපිටත් මතකයි.

:       0       0

ashana Monday, 11 May 2020 11:14 AM

අයියෝ සිරිසේන...

:       4       313

සදීප Monday, 11 May 2020 11:44 AM

මෙවන් කාලයක කොටස් වෙලෙඳ පොල කඩා වැටීමත් සතුටක් නම් ජනතාව ලෙස අප සිටිනා තැන සිතාගත හැකියි.

:       0       0

Prasanna Monday, 11 May 2020 11:50 AM

කෝ වියත්මගේ ආර්ථික ඔස්තාර්ලා..

:       0       0

Buddhika P Monday, 11 May 2020 12:03 PM

මේ තත්වේ තනිකරම කොරෝනා නිසා නෙවෙයි. ලංකාවේ ජාතික ආදායම සමානයි මුළු අවුරුද්දේ ණය වාරිකේට. ණයට කන ගමන්, ණය වෙලා පරණ ණයත් ගෙවන්න වුනු මට්ටමට රට හිඟමනට දැම්මේ, තමන්ගෙ පවුල් දරු පරම්පරාවල් වල විතරක් අනාගතේ ගොඩ දාන්න හොර තක්කඩි දේශපාලකයෝ ගත්ත නීච උත්සාහේ නිසා.

:       0       0

Surin Monday, 11 May 2020 12:09 PM

සෞභාග්‍ය දැක්ම කියන්නේ ඕකට වෙන්න ඇති

:       0       0

Bindu Monday, 11 May 2020 03:14 PM

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් පසුගිය කාලයේදී ලොවපුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටිණි.

:       74       104

RanjanMonday, 11 May 2020 08:59 PM

අනේ බින්දු... ඕක අදද දන්නේ...? කොහෙද ඉතින් ජේවීපී රැල පොතක් පත්තරයක් කියවන අය නෙමෙයිනේ... සිරිකොතේ ඉඳුල් කකා රෙදි අපුල්ලනවා ඇරෙන්න වෙන දන්න දෙයක් තියෙනවද? බින්දු දැන්වත් පොතක්, පත්තරයක් කියවන්න පටන් ගන්නවා... සිරිකොතේ ඉඳන් ඉඳුල් කකා ඉන්නේ නැතුව. මුලු ලෝකෙටම ඕක බලපාලා තියෙන විත්තිය දන්නේ නැත්තන් දන්න කෙනෙක්ගෙන් අහ ගන්න...

:       0       0

Nandalal DE SILVA Monday, 11 May 2020 05:40 PM

දැක්කද බයියන්ගලාගේ වැඩ? යහපාලන රජයට බැරිවුණා කියන වැඩ මෙ මහදැනමුත්තලා කරලා පෙන්නන හැටි දැන් පේනවා නේද? කෝ අර බන්දුල, විමලෙ, වාසු, උදය, රංචුව දැන් කොහෙද හැංගිලා ඉන්නේ....?

:       39       275

බණ්ඩා Monday, 11 May 2020 06:21 PM

කුමන තත්වයක් යටතේ නැවත කොටස් වෙළඳ පොළ ඇරියත් ගොටාබය රාජපක්ෂ යටතේ ඇති ආණ්ඩුවක් පවතින තුරුම කොටස් වෙළඳපොල නැවත නැවතත් කඩා වැටෙන බව රාජපක්සලා දැනගැනීම වැදගත්ය.. ධම්මික පෙරේරාලාගේ උවමනාවන් නිදහස් වෙළඳපොල උවමනාවන් නොවෙන බවත්, මිලිටරි කාරයන් දාගෙන සිවිල් ආණ්ඩු දුවන්න බැරි බවත් ඔවුන් දැනගත යුතුය.

:       1058       865

WijebahuMonday, 11 May 2020 10:29 PM

නියම කොමෙන්ට් එක. සම්පූර්ණ ඇත්ත...

:       0       0

Ajantha Tuesday, 12 May 2020 10:02 AM

හොදයි හොදයි. පහුගියකාලේ ඉහළ ගිය හැටි නේද උන්නැහේ...?

:       0       24

රවිඳු Monday, 11 May 2020 09:16 PM

ගේමක් ගහලා කළු සල්ලි සුදුකර ගැනීමට ක්‍රමයක් තිබුනේම නැද්ද? "බැසිල් සමග රවී" තියරිය ක්‍රියාත්මක කරලා වැඩේ ගොඩ දා ගන්න බලන්න සෑර්..

:       0       0

Jay Tuesday, 12 May 2020 01:07 AM

කොටස් වෙළඳ පොළ ලෝකෙ පුරාම කොහොමත් කඩා වැටීම වෙලා තියෙන්නේ. මේක ලංකාවට විතරක් අදාල තත්වයක් නෙමෙයි...

:       0       0

Samitha Senaka Aluthgamage. Tuesday, 12 May 2020 01:35 AM

බොහෝ ආයතනවල ප්‍රධානියා මිලිටරි නායකයින්... රටක් පරිපාලනය හමුදා පරිපාලනයට වඩා වෙනස් දෙයක්... කරුමය කියන්නේ මේ ටික සමහරු දන්නේ නැහැ. මතකද අර පිටරට ඉඳන් ආපු දහස් ගණනක් මොනම නිරෝධායනයක් නැතිව කොලයකට අත්සන් කරවා ගෙදර යැව්ව හැටි... ඒ රංචුව තමයි කොරෝනා රට පුරා ඉල්ලුවේ. මේ පරිපාලකයින් එකම දෙයක් හරියට කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 405 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 256 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 157 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 168 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 340 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2038 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site