ගඩොල් කර්මාන්තයේ නිරතව සිටින එස්.ඒ. මාලනී
මනම්පිටිය නිමල් ජයරත්න
එම්.ඒ. කරුණාදාස
|
පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මනම්පිටිය, මාගංතොට ඇතුළු අවට ගම්මානවල පාරම්පරික ගඩොල් කර්මාන්තකරුවන්ට තම කර්මාන්තයට ප්‍රමිතියෙන් යුත් පස් හා ගඩොල් කර්මාන්තය සිදුකරගෙන යාමට නිසි භූමි ප්‍රදේශ නොමැතිකමින් පවුල් පන්සියයකට වැඩි ගණනක් අසීරුතාවට පත්ව සිටී.
ගඩොල් සඳහා ශ්‍රී ලංකාවේ හොඳම පස මනම්පිටිය මහවැලි ගඟ ආශ්‍රිත පිහිටා තිබූ අතර, 2015 මනම්පිටිය කොටලීය ප්‍රදේශයෙන් ගඩොල් කර්මාන්තකරුවන් ඉවත් කිරීමත් සමග ගඩොල් කර්මාන්තයට කණකොකා හඬා ඇති බවද එම ගඩොල් කර්මාන්තයේ නියැලෙන්නෝ පෙන්වා දෙති.
වසර සියයකට ආසන්න කාලයක් මනම්පිටිය කොටලීය ප්‍රදේශයේ පාරම්පරිකව ගඩොල් කර්මාන්තය සිදුකරගෙන ගිය අතර 2015 දී වනජීවී දෙපාර්තමේන්තුව මගින් එම කර්මාන්තකරුවන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමත් සමඟ දිඹුලාගල, මනම්පිටිය, මාගන්තොට, දළුකාන, කුඩාවැව, සොරුවිල, මලියදේවපුර, පැළටියාව සෙවණපිටිය ඇතුළු ගම්මාන දහයක පමණ ගඩොල් කර්මාන්තයෙන් ජීවත්වූ පවුල් පන්දහක් පමණ දැඩි පීඩාවට පත්වූහ.
2015 වර්ෂයේ මනම්පිටිය කොටලීය ප්‍රදේශයේ ගඩොල් කැපීම තහනම් කිරීමත් සමගම ගඩොල් කර්මාන්තකරුවන් විවිධ ප්‍රදේශවලින් වැඩි මිලට පස් ප්‍රවාහනය කරමින් ගඩොල් කැපීමේ කර්මාන්තය තමන්ගේ ගෙවතුවල ආරම්භ කළද මේ වනවිට ගඩොල් කර්මාන්තය සඳහා ප්‍රමිතියෙන් යුත් පස් නොමැතිකම නිසා එම කර්මාන්තය බිඳවැටි තමන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවද ගඩොල් නිෂ්පාදනකයෝ සඳහන් කරති.
තවද සිමෙන්ති ගල් පළාතේ නිෂ්පාදනය කිරීම ‘වැඩිවීමත් සමඟ ගඩොල් කර්මාන්තයේ නිරත තමන්ගේ රැකියාවන් වලට බාධා සිදු වී ඇති බවද ගඩොල් කර්මාන්තකරුවෝ සඳහන් කරති.
තමන්ගේ මවුපියන් මෙන්ම තමන් ද වසර ගණනාවක් කොටලීය ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නිරතවෙමින් ජීවත් වූ අතර ගඩොල් කර්මාන්තය තහනම් කිරීමත් සමඟ කුඹුරු ඉඩම් නොමැති තමන් ඇතුළු මාගන්තොට ගම්මානයේ පවුල් 350 කට වැඩි පිරිසක් අසරණතාවට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාවේ ගඩොල් කර්මාන්තය සඳහා හොඳම පස් පිහිටා තිබෙන මනම්පිටිය මහවැලි ගඟ දෙපස ගඩොල් කර්මාන්තය ආරම්භ කිරීමට යළිත් වරක් අවසර ලබාදෙන ලෙසද ගඩොල් කර්මාන්තයෙන් දිවි ගැටගසාගත් මාගන්තොට ගම්මානයේ පදිංචි එම්.ඒ. කරුණාදාස මහතා සඳහන් කළේය.
1950 වර්ෂයේ සිට මනම්පිටිය කොටලිය ප්‍රදේශයේ පාරම්පරිකව ගඩොල් කර්මාන්තය සිදු කරගෙන ගිය බවත්, ගඩොල් කර්මාන්තය සඳහා නිශ්චිත භූමියක් සහ සුදුසු පස් නොමැතිකමින් පාරම්පරික ගඩොල් කර්මාන්තයෙන් තමන්ට ඉවත්වීමට සිදුව ඇති බවද මනම්පිටිය ඇතුළු අවට ප්‍රදේශවල පාරම්පරික ගඩොල් කර්මාන්තකරුවෝ සඳහන් කරති.
“මනම්පිටිය කොටලීය ප්‍රදේශයේ ගඩොල් කපලා ජීවත් වුණා, 2015 මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වීමත් සමග ඒ ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තකරුවන්ට ඒ ඉඩම් අහිමි කළා, අපි ගඩොල් කර්මාන්තය කරගෙන ගියේ වනජීවී කලාපයේ කියලා තමයි අපි ඉවත් කළේ. හැබැයි මේ වනවිට මනම්පිටිය මහවැලි ගඟ දෙපස වනජීවී කලාපයේ මහා පරිමාණයෙන් වැලිගොඩ දානවා. ලොකු අයට එක නීතියක්. අපට එක නීතියක්. අද අපට ගඩොල් කැටයක් කපාගන්න පස් ටිකක් නෑ. භූමියක් නෑ. ඒ නිසා මේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක පවුල් අටසීයක් දාහක් විතර පීඩාවට පත්වෙලා තිබෙනවා. මනම්පිටියේ තමයි ගඩොල් කර්මාන්තයට හොඳම පස් තියෙන්නේ. මනම්පිටියේ ගඩොල් වලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා මේ ගඩොල් කර්මාන්තය දියුණු කරලා ප්‍රදේශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් ගඩොල් කර්මාන්තය යළි නගා සිටුවන්න කියලා අපි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙනුත් නව රජයෙනුත් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මනම්පිටිය මාගන්තොට ප්‍රදේශයේ තලමන්දාවැව ප්‍රදේශයේ පස් කපා ගනිමින් ගඩොල් කර්මාන්ත කිරීමට අවසරය ලබාදුන් බවත් එම පස් මේ වනවිට අවසන් වී ඇති බවත් ප්‍රදේශයේ විවිධ ගල් ඇතුළු තිරිවානා මතුව තිබෙන නිසා මාගන්තොට ගම්මානයේ පාරම්පරිකව ගඩොල් කපා ජීවත්වූ පවුල් 350 පවුල්15 දක්වා අඩුවී ඇති බවද කරුණාදාස මහතා කීවේය.
මාගන්තොට ගම්මානයේ පාරම්පරික ගඩොල් කර්මාන්තයේ නිරතව සිටින මාලනී මහත්මිය මෙසේ සඳහන් කළාය.
දිඹුලාගල මාගංතොට ගම්මානයේ පවුල්වලට කුඹුරු නැහැ, වෙනත් රැකියාවල් නෑ. අපි ජීවත් වුණේ පාරම්පරිකව මනම්පිටියේ කොටලිය ප්‍රදේශයේ ගඩොල් කපලා. 2015 තහනම් කළා. ඊට පස්සේ අපි ගමට ඇවිල්ලා පිටින් පස් ගෙනවිත් ගඩොල් කැපුවා.
ඒක අපිට පාඩුයි. මොකද පස් ප්‍රවාහනය කරන්න ලොකු වියදමක් යනවා. ඉතින් දර හොයාගෙන දහයියා හොයාගෙන ගොඩක් දුක් විඳලා මේ කර්මාන්තය කළා. මනම්පිටියේ ගඩොල් වලට හොඳ ඉල්ලමකුත් තියෙනවා. ඒත් ගඩොල් කර්මාන්තය කරන්න පස් නැති එකයි තියෙන ලොකුම ප්‍රශ්නය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට බ්ලොග් ගල් වගේම ගඩොල් අවශ්‍ය වෙනවා. මනම්පිටියේ තමයි ගඩොල් කර්මාන්තයට හොඳම පස් තියෙන්නේ. අපි ඉල්ලීමක් කරනවා මේ පවුල් තුන්සියපනහ වෙනුවෙන් බලයට පත් ‘
‘ජනාධිපතිවරයාගෙන් මනම්පිටියේ ගඩොල් කර්මාන්තය යළිත් ආරම්භ කිරීමට අවස්ථාව දෙන්න කියලා. අපි ගඩොල් ‘කපපු මනම්පිටිය කොටලීය ප්‍රදේශයට එහා පැත්තේ වැලිගොඩ දමනවා. වනජීවී කලාපයක් කියලා තමයි අපිව පන්නා ගත්තෙ. එහෙත් වැලි ගොඩ දාන්නෙත් ඒ ප්‍රදේශයේමයි. වැලි ගොඩ දාන්නෙත් වනජීවී කලාපයේ. එතකොට වනජීවී කලාපයේ ගඩොල් කපනවා කියලා අපිව එලව ගත්තා.
දැන් අපි ඉල්ලීමක් කරන්නේ අපිට මේ කොටලීය ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයට සුදුසු පස් තියෙනවා. වතුර තියෙනවා. ඒ වගේම ගල්ලෑල්ලේ වී මෝල් වලින් ගඩොල් පුච්චන්න දහයියා ගන්නත් ළඟයි. ඉතින් අසරණ අපි ගැන හොයලා බලලා අපිට නැවත වරක් මනම්පිටියේ කොටලීය ප්‍රදේශයේ ගඩොල් කපන්න අවසර ලබා දෙන්න කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ගඩොල් කර්මාන්තයට වෙනම භූමියක් ලබාදී සුදුසු පස් ලබා ගැනීමට තමන්ට අවසර ලබා දෙන්නේ නම් මෙම කර්මාන්තය කරගෙන යාමට විශාල පිරිසක් සිටිනවා. ඒ තුළින් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. ප්‍රදේශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් ඉංජිනේරු ගල් සහ අනෙකුත් ලොකුගල් ලබාදීමට හැකියාව පවතිනවා.
අප මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන්, කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ 2015 දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස් අනුව එම ප්‍රදේශයේ ගඩොල් කැපීම තහනම් කර ඇති බවත්, ගඩොල් කැපු ප්‍රදේශය ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් මෙන්ම වනසතුන්ගැවසෙන ප්‍රදේශයක් නිසා තහනම් කළ බවයි.
මනම්පිටිය පාරම්පරික ගඩොල් කර්මාන්තය පිළිබඳ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, නව රජය කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා වැඩි ඉඩ කඩක් ලබාදී තිබෙන බවත්,ඒ අනුව මනම්පිටිය ප්‍රදේශයේ පාරම්පරික ගඩොල් කර්මාන්තය යළි නඟා සිටුවීමට අදාළ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර, නිශ්චිත භූමියක් ලබාදී, ගඩොල් කර්මාන්තයේ නියැලී සිටින අයගේ ආර්ථිකය නගා සිටීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
මෙරට රාජ්‍ය අංශය දුෂිත එකක් බවට පිටපිට 5 වැනි වතාවටත් තහවුරු කරමින් ‘2024 දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේ” ලකුණු 32 ක් ලබාගනිමින් එම ශ්‍රේණිගත කිරී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහ
ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේස
මෙරට සමස්ත රජය ආදායම පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 4.14 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 22.7 ක ඉහළ යාමක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අ
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුම
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මනම්පිටිය ගඩොල් කර්මාන්තයේ අර්බුදය