පිටකොටුව වෙළෙද නගරයේ එක් එක් භාණ්ඩ සදහා සුවිශේෂී වූ වීදී රාශියකි. බෑග්, ඔරලෝසු, පාවහන් සදහා මල්වත්ත පාර, විසිතුරු භාණ්ඩ වීදුරු භාණ්ඩ පොලිතින් සදහා චයිනා වීදිය, මංගල අරයුම් පත් ආදිය සදහා මැලිබන් වීදිය රත්තරන් බඩු සදහා හෙට්ටි වීදිය, විදුලි උපකරණ කොටස් හා ඉලෙක්ට්‍රොනික් කොටස් සදහා 01 වැනි හරස් වීදිය, රෙදි සහ මැහුම් උපකරණ සදහා 2 වැනි හා 3 වැනි හරස් වීදි, ආහාර ද්‍රව්‍ය සදහා 4 සහ 5 වැනි හරස් වීදී ආදී ලෙස බෙදී ගොස් ඇත. මේ විදී අතරින් අපි ගමන් කළේ පස්වැනි හරස් වීදීය දිගේය. හාල්, කුළුබඩු, අල, ලූනු, පරිප්පු, කරවල මේ ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදා හැරීම පිණිස මෙරට නම් දරාපු ස්ථානයක් ලෙස ප්‍රකටව පවතින්නේ මෙම 5 වැනි හරස් වීදියයි. මේ දිනවල වෙළෙදාම පිළිබදව දැනගැනීමට අපි ගොඩ වූයේ සතීෂ් සේකරම් මහතාගේ තොග වෙළෙදසල වෙතයි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස් සාමාන්‍ය විදියට කෙරීගෙන යනවා. එහෙත් ලොකු වෙළෙදාමක් වෙන්නේ නෑ. අපි ළග තියෙන්නෙ කොහොමත් අල, ලූනු, පරිප්පු, වගේ එදිනෙදා ඕන වෙන බඩු නිසා සිල්ලර වෙළෙදුන්ට බඩු ගන්න අපි ළගට එන්න වෙනවා. වෙනදට නත්තල අලුත් අවුරුද්ද එද්දි අපිට හොදට බිස්නස් තියනවා. වෙන අවුරුදුවල උත්සව සමයට වඩා නම් මේ පාර බිස්නස් අඩු වුණා. 2025 අවුරුද්දේ බිස්නස් කොහොම වෙයිද කියලා දැම්ම හිතා ගන්න බෑ. ආයේ අපිට හොදටම බිස්නස් සිංහල හින්දු අලුත් අවුරුද්දට තියෙයි කියලා අපි හිතනවා.
Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බඩුමිල නිසා නම් වෙළෙදාම අඩු වුණා කියන්න බෑ. මොකද බඩු මිල නම් වෙනදට වඩා අඩු වෙලා තියෙන්නේ. මම හිතන විදියට නම් මිනිස්සුන්ට සල්ලි නැති නිසා තමයි අපිට වෙළෙදාම අඩු වෙලා තියෙන්නේ. ගෙදරට අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය වෙලත් අපේ බිස්නස් අඩුයි කියන්නේ අනිත් වෙළෙදාම්වල කොහොමත් අඩු ඇති. අපිත් කඩ කුලි ගෙවන්න ඕන. ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕන. සේවකයන්ට පඩි ගෙවන්න ඕන. ඉතිං ඒ හැමදේම ගෙවල ඉවර වෙද්දි ඇති ලාබෙකුත් නෑ. අපිට වගේම තමයි සිල්ලර වෙළෙන්දන්ටත් මේ ප්‍රශ්න ටික මේ විදියටම තියනවා. ඒ නිසා තමයි සිල්ලර වෙළෙන්දෝ බඩු ගන්නවා අඩු වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ කාටත් පොදු ප්‍රශ්නයක්.
ශෂිකා අබේරත්න
ඡායාරූප-ඉසුරු පෙරේරා
ශ්රී ලංකාව හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් මෙවර අයවැයේදී ප්‍රමුඛතාව මත මූල්
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරි මස 59.0 ක දර්ශක අගයක් වාර්ත
2025 අයවැය පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE)ද රජයට ප්‍රශංසා කරයි. රටේ විස්තීරණ ආර්ථික වර්ධනය සඳහා විවිධ දෘෂ්ටිකෝණවලින් ජාතික සංවර්ධනයට ප
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2025 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස නොදකින බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඊයේ (19) ක
රජයේ මංගල අයවැය, ශ්‍රී ලංකාවේ බැංකු විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇති අතර, එය මූල්‍ය මාවතේ ප්‍රතිපත්ති අනුකූලතාව පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් බව පැවැසෙ
දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයකු මෙවර ‘මේ දවස්වල බිස්නස් කොහොමද’ විශේෂාංගය සඳහා එක්කරගත්තෙමු. ඔහු නමින් චරිත් ප්‍රිය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මිනිස්සුන්ට සල්ලි නෑ අපට බිස්නස් නෑ