IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මැයි මාසයේ සංචාරක පැමිණීම් පහළ ගිහින්

ඉකුත් වසර හා සැසඳීමේදී මැයි මාසයේ සංචාරක පැමිණීම් සියයට 2.5කින් 121,981ක් දක්වා පහත වැටිණි. මැයි මාසයේදී චීන සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබීම සුවිශේෂී කරුණක් වූ අතර මැයි මස අගදී රාමදාන් උපවාස සමය ආරම්භ වීම නිසා ඉස්ලාමීය රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ අඩුවක් දක්නට ලැබුණු බව ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරයේ දත්තවලට අනුව මේ වසරේ මුල් මාස පහේ සංචාරක පැමිණීම් ඉකුත් වසර හා සැසඳීමේදී සියයට 4.8කින් 887,093ක් දක්වා වර්ධනය වී තිබේ. මැයි මාසයේදී ඉන්දියාවෙන් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 0.3කින් 34,167ක් දක්වා අඩු වී ඇති අතර ඉකුත් වසර හා සැසඳීමේදී නැගෙ නහිර ආසියානුවන්ගේ සියයට 13.2ක වර්ධනයක් පෙන්නුම් කරමින් සංචාරකයන් 31,269ක් දක්වා වැඩි විය.

චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 15.6ක වර්ධනයක් පෙන්නුම් කළ මැයි මාසයේදී පැමිණි චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව 18,494ක් විය. ජපාන සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ද පෙන්නුම් කළ අතර මැයි මාසයේදී මෙරටටපැමිණි ජපාන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 27.5කින් 2,848ක් දක්වා වැඩිවිය.

කෙසේ නමුත් බටහිර යුරෝපීය රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ අඩුවක් දක්නට ලැබුණු අතර මේ කාලයේදී එය සාමාන්‍ය තත්ත්වයකි. කෙසේ නමුත් මෑතකාලීනව සංචාරක කර්මාන්තයේදී දක්නට ලැබුණු වර්ධනය හමුවේ ඉකුත් වසර හා සැසඳීමේදී බටහිර යුරෝපා කලාපයෙන් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 0.2කින් 26,892ක් දක්වා වර්ධනය විය. විශාලතම බලපෑම වූයේ ජර්මනියෙන් වන අතර පසුගිය වසර හා සැසඳීමේදී ජර්මනියෙන් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 16.3කින් 6,351ක් දක්වා අඩුවිය.

ඒ අතරවාරයේදී එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 1.3කින් 8,520ක් දක්වා වර්ධනය විය. නැගෙනහිර යුරෝපයෙන් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 9කින් 4,835ක් දක්වා පහත වැටී ඇත. රුසියානු සංචාරක පැමිණීමස් සියයට 29.3කින් පහත වැටී ඇත. පසුගිය වසරට සාපේක්ෂව මැදපෙරදිග සංචාරක පැමිණීම් සියයට 46.1කින් සංචාරකයන් 3,236ක් දක්වා පහත වැටුණු අතර ඇමෙරිකානු සංචාරකයන්ගේ පැමිණීම් සියයට 2.6කින් 6,676ක් දක්වා පහත වැටිණි. කෙසේ නමුත් ඉකුත් මැයි මාසයේදී මෙරට පැමිණි  ඕස්ටේ‍්‍රලියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 7.9කින් 4,368ක් දක්වා වර්ධනය විය.



අදහස් (1)

මැයි මාසයේ සංචාරක පැමිණීම් පහළ ගිහින්

lalith Wednesday, 14 June 2017 03:27 PM

කවුද කැමති නිවාඩු කාලේ ඩෙංගු හදාගෙන යන්න?

:       0       39

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N
2024 සැප්තැම්බර් මස 06 81 0

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්


සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට
2024 අගෝස්තු මස 22 344 0

වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝ​ජ​න සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් ස


නෙස්ලේ ලංකා දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයට උපහාර
2024 අගෝස්තු මස 13 175 0

නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් ස


NDB බැංකුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ අත්වැල් බැඳ ගනී
2024 අගෝස්තු මස 12 125 0

ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතියට NDBබැංකුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුව


LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව
2024 අගෝස්තු මස 09 94 0

ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.


campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury ඉදිරිපත් වෙයි
2024 අගෝස්තු මස 06 393 0

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residenciesසමාග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site