IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


මාර්ග හදන්න ලොකු ණයක් චීනයෙන්

චීනයේ චයිනා ඩිවොලොප්මන්ට් බැංකුව හා › ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව නියමිත රුපියල් කෝටි 6460ක ණය මගින් › ලංකාවේ මහා මාර්ග සංවර්ධනය කිරිමේ දෙවැනි අදියර ඇරැඹීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කැරුණු යෝජනාවක් අනුව මෙවර සංවර්ධන කටයුතු පැවරෙනු ඇත්තේ ඇමැති මණ්ඩල අනුමැතියෙන් පත් කළ කමිටුවක් ආධාරයෙන් තෝරා ගන්නා ලද ගන්නා දේහීය සමාගම් දෙකකටය. ඒ අනුව දකුණේ මහා මාර්ග සංවර්ධනය කන්සල්ටිං ඉන්ජිනියර්ස් ඇන්ඩ් ආර්කිටෙක්ට්ස් (පෞද්ගලික) සමාගමටද උතුරේ මහා මාර්ග සංවර්ධනය —රිසෝර්සස් ඩිවෙලොප්මන්ට් කොන්සල්ටන්ට්ස්˜ (පෞද්ගලික) සමාගමට ද පවරා දීමට නියමිතය.



අදහස් (0)

මාර්ග හදන්න ලොකු ණයක් චීනයෙන්

චමත් Monday, 01 October 2012 07:28 PM

පාරවල් විතරයි හදන්නේ. කම්හල් හදලා රටේ නිෂ්පාදන ආර්ථිකය හදලා රටේ තරුණයින්ට රැකියා දෙන වැඩපිළිවෙළක් නැහැ. හදපු පාරවල් වැඩිහරියක් දැනටම විනාශයි. (නි)

:       0       0

ලලිත් Thursday, 04 October 2012 02:06 PM

තකට තක , ජාඩියට මූඩිය (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 08:02 PM

පාරවල් හදන්න එන්නෙත් චීන සමාගම් වල අයනේ. (නි)

:       0       0

ලලිත් Sunday, 14 October 2012 10:07 PM

පරම්පරා 7 ක‍ට සෑහෙනවා (ස)

:       0       0

එරංග Monday, 15 October 2012 01:52 PM

අපි තමයි ගෙවන්න ඕනේ

:       0       0

ප්‍රසාද් Sunday, 07 October 2012 04:12 AM

ගෙවන්න ඕනේ අපි නේද (දී)

:       0       0

ශිවන්ත Sunday, 30 September 2012 04:19 PM

ණය නම් ගන්නවා තමයි ඉතිං. ඒත්....? (නි)

:       0       0

බමුණුගම Thursday, 11 October 2012 10:55 AM

කල දුටු කල වල ඉහ ගමු (ස)

:       0       0

ක්‍රිෂාන් Sunday, 30 September 2012 06:01 PM

වැඩේ නම් හොදයි. ඒත්...? (නි)

:       0       0

සුනිල් Thursday, 11 October 2012 11:35 AM

අනේ පව් මගේ දරුවන්ගෙත් දරුවො ඔය ණය ගෙවන් එපායැ.. දුකම තමයි..!(නු)

:       0       0

ද සිල්වා Tuesday, 02 October 2012 06:42 AM

පාරවල් හැදුවට වාහන වලට අධික බදු පනවා ඇති නිසා මේවායේ යන්න වාහන ගන්න අපිට සල්ලි නැහැ (නි)

:       0       0

ප්‍රිමාල් Monday, 01 October 2012 11:33 AM

අපේ අනාගතය උකස් කරලා දියුණු වෙන්න බලන්නේ. හදපු පාරවල් වල ප්‍රතිඵල නැති එකේ ආපහු මොකට ගන්නවද ? (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 03 October 2012 11:57 PM

පාරවල් ටික හදලා ඉවර වෙනකොට ඕවායේ යන්න මිනිස්සු ඉදීද දන්නේ නැහැ නේද? ඒ නිසා ‍ලෝන් එකක් දාලා පඩි ටිකක් වැඩි කරන්න බැරිද? (නි)

:       0       0

දයා, සෞදි Tuesday, 02 October 2012 06:33 PM

සම්පූර්ණ මුදලම යෙදෙවුවොත් තමයි හොද (නි)

:       0       0

ලලිත් Saturday, 06 October 2012 08:51 AM

පාරවල් හදපු තරමට කට්ටියගේ ගොඩ ලොකුවෙනවා. පාසල් හදපු තරමට එයාලට මේවා කරගන ඉන්ඩ බැරි වෙන තැනට කටයුතු කරන හිතන්න පුළුවන් මිනිසුන් බිහිවෙනවා. එක නිසා අධ්‍යාපනයට තිත තියල පාරවල් විතරක් හදමු.(ස)

:       0       0

කුමාර Saturday, 13 October 2012 09:32 AM

මේවා අන්තිමට ගෙවන්නේ මහජනතාව. ඉතිං මේ මුදල් කොහොමද හිතුමතේ වියදම් කරන්නේ? (නි)

:       0       0

මැණික් Wednesday, 17 October 2012 02:00 PM

ණය බර වැඩි වුණහම ජනතාවගේ සාමාන්‍ය ජීවිතය කටුක වේවි? (නි)

:       0       0

චානක Tuesday, 02 October 2012 09:02 AM

ඕකෙන් කොච්චර ප්‍රමාණයක් වැඩේට යොදවයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 03 October 2012 12:33 PM

හිඟා කකා කොලපතක් අරන් ලුණුයි බතුයි කමුද ......???? (නි)

:       0       0

නිමල් Tuesday, 16 October 2012 01:50 PM

අයියෝ සල්ලී (ස)

:       0       0

නිශ්ශංක Monday, 01 October 2012 12:55 PM

කරන වැඩක් නියමිත ප්‍රමිතියකට කරන්න. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 01 October 2012 12:56 PM

ඒ කියන්නේ ටෙන්ඩර් මුකුත් නැද්ද? (නි)

:       0       0

අජිත් Tuesday, 02 October 2012 09:34 AM

ආ.. වාසියි වගේ..!(නු)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:52 AM

මාර්ග හදාගෙන යන වේගයට වඩා වැඩි වේගයකින් මාර්ග කැඩෙනවනේ. ඒකට පිලියමක් හොයන්න (ස)

:       0       0

සේනානායක Sunday, 30 September 2012 11:30 PM

අත පිරෙන්නම ... (ස)

:       0       0

වරුණ Monday, 01 October 2012 01:07 PM

බය නැතුව ගණ්න , අපි ඉන්නවා ගෙවන්න (ස)

:       0       0

චරිත Monday, 01 October 2012 12:10 AM

ඔය සල්ලි වලින් තව ඉන්ජිනේරු පීඨ දෙක තුනක්ම හදන්න පුලුවන්නේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 03 October 2012 05:41 PM

පාර කෙසේවෙතත් අපිට චීන භාෂාවනම් ඉගෙනගන්න වෙයි ඉදිරියට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 41 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 20 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 20 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 17 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 13 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 11 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 135 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 584 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 965 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site