IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මෙරට ජපන් ව්‍යාපාරවලට හොඳ කලක්

  • සමාගම්වලින් සියයට 75ක් කැපී පෙනෙන දියුණුවක් අපේකෂා කරයි. 
  • සියයට 46.4ක් ලාබදායී මෙහෙයුමක බලාපොරොත්තු 
  • සියයට 36ක් මෙහෙයුම් පුළුල් කිරීමටත් සැලසුම්

ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටුණු මෙරට ජපන් ව්‍යාපාර මෙම වසරේදී ශක්තිමත්ව ධනාත්මක දිශාවකට ගමන් කරන ලකුණු පෙනෙන්නට ඇති බව ජපාන විදේශ වෙ​ෙළඳ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජපන් සමාගම්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් 2024 වසරේදී ලාබයක් අපේක්ෂා කරන බවත් එය 2023 වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බවත් ජපාන විදේශ වෙ​ෙළඳ සංවිධානයේ වාර්ෂික සමීක්ෂණයේ සඳහන් වේ. මෙම සමීක්ෂණය පසුගිය වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් කාලවලදී සිදුකර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සමාගම් 31ක් ඇතුළුව ආසියා-ඕෂනියා කලාපයේ ජපන් සමාගම් 5,007කින් ප්‍රතිචාර ලබාගෙන ඇත.

මෙම ගම්‍යතාව මෙම වසරේදී තවත් වේගවත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ. 2025 වසරේ මෙහෙයුම් ලාබ අපේක්ෂාව මත, ශ්‍රී ලංකාවේ සිටින ජපන් සමාගම්වලින් සියයට 75ක් කැපී පෙනෙන දියුණුවක් අපේක්ෂා කරන බවද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. මෙලෙස ජපාන ව්‍යාපාර පිළිබඳ පුරෝකථන ධනාත්මක වීමට කරුණු කීපයක් බලපා ඇති බවත් ඒ අතර දේශීය ඉල්ලු‍ම වැඩිවීම, දේශීය වෙ​ෙළඳපොළේ විකුණුම් පද්ධතිය ශක්තිමත් කිරීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙන්ම වාහන ආනයන තහනම ඉවත් කිරීම සහ බහාලු‍ම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු අඩු කිරීම යන කරුණු තිබෙන බවත් ජපාන විදේශ වෙළඳ සංවිධානයේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ජපාන ව්‍යාපාර පැහැදිලිවම ධනාත්මක මාවතකට පැමිණ ඇති බවත් මෙරට ජපන් ව්‍යාපාරවලින් සියයට 46.4 ක් 2024 වසරේදී ලාභදායි මෙහෙයුමක් අපේක්ෂා කරන බවත් එම වාර්තාවේ දැක්වේ. 2024 වසරේදී ලාභ අපේක්ෂා කරන ජපන් ව්‍යාපාර ප්‍රතිශතය 2023 වසරට සාපේක්ෂව සියයට 11.4 ක ඉහළ යාමක් බවත් 2015 වෙන් පසුව වාර්තාවූ තෙවැනි ඉහළම ප්‍රතිශතය මෙය බවත් ජපාන විදේශ වෙළඳ සංවිධානය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ජපාන ව්‍යාපාරවලින් සියයට 36.7 කට වැඩි ප්‍රමාණයක් එළැඹෙන වසර දෙකක කාලය තුළ ඔවුන්ගේ මෙහෙයුම් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 8.6 ක ඉහළ යාමක් බවත් ජපාන විදේශ වෙෙළඳ සංවිධානයේ වාර්ෂික සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. බොහෝ සමාගම් ඔවුන්ගේ දේශීය විකුණුම් ජාලය පුළුල් කිරීම සහ නව නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා සැලසුම් පෙන්වා දුන් නමුත් සියයට 13.3ක් මෙහෙයුම් අඩු කිරීමට හෝ වෙනත් රටකට සංක්‍රමණය වීමට සැලසුම් කර තිබෙන බව එම වාර්තාවේ දැක්වේ. එය පෙර වසරට සාපේක්ෂව සියයට 7 ක ඉහළ යාමක් බවද පැවැසෙයි.

මෙරට ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හේතු දැක්වූවන්ගෙන් සියයට 54.8 පවසා ඇත්තේ අඩු ශ්‍රම පිරිවැය මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවයි. එසේම භාෂාමය/සන්නිවේදන බාධක අවම වීම සියයට 41.9 ක් මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇති අතර තවත් සියයට 38.7 ක් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙ​ෙළඳපොළ ප්‍රමාණය සහ මෙරට ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීමට ඇති හැකියාව මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවයි.

තවත් සියයට 22.6 ක් ශ්‍රී ලංකාව ලබාදෙන බදු සහන මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවත් තවත් සියයට 22.6 ක් දේශීය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට ඇති පහසුව මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවත් ප්‍රකාශ කර ඇතැයි ජපාන විදේශ වෙ​ෙළඳ සංවිධානය පැවැසුවේය.

එසේම මෙරට ආයෝජනය කිරීමේදී අවදානම් අවස්ථා ලෙස සියයට 83.9 ක් මෙරට දේශපාලන සහ සමාජීය අස්ථාවරත්වය හඳුන්වා තිබෙන බවත් සියයට 71ක් මෙරට අපැහැදිලි රාජ්‍ය ප්‍රතිපත්ති කළමනාකරණය මෙරට ආයෝජනය කිරීමේදී අවදානම් අවස්ථාවක් බව හදුන්වා දී තිබෙන බවත් ජපාන විදේශ වෙ​ෙළඳ සංවිධානය නිකුත් කළ වාර්ෂික සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.



අදහස් (0)

මෙරට ජපන් ව්‍යාපාරවලට හොඳ කලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 54 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 22 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 24 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 30 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 16 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 16 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site