
ජනවාරි 01 වැනිදා සිට පසුගිය 13 වැනිදා දක්වා පැමිණි සංචාරකයන් ගණන 590,000 ක්
වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්
විමුක්ති එස් රුද්‍රිගු
මෙම මාසයේ පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන් 97,322 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරටට සංචාරකයන් 84,755 ක් පැමිණ තිබූ අතර එයට සාපේක්ෂව මෙම මස පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සියයට 14.72 කින් වර්ධනය වී ඇත.
ඒ අනුව මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පසුගිය 13 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ මෙරටට සංචාරකයන් 590,000ක් පැමිණ ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙම මාසයේදී මෙරටට සංචාරකයන් 302,803 ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා තවත් සංචාරකයන් 205,481 ක් දින18ක කාලය තුළදී මෙරටට පැමිණිය යුතුව තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ගෙවුණු දින 13 ක කාලය තුළ දිනකට මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 7,480 ක් ලෙස සටහන් විය. එම කාලය තුළදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි දිනය ලෙස පසුගිය 8 වැනිදා සටහන් වන අතර, එදින මෙරටට සංචාරකයන් 9,073 ක් මෙරටට පැමිණ තිබිණ. මෙම මස පළමු දින 13 තුළදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වෙන අතර, එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන රුසියාවටත්, ජර්මනියටත් හිමිව ඇත.
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාර්තු පළමු දින 13 ට සංචාරකයෝ 97,322 ක්